
(අංජුල මහික වීරරත්න)
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
නමුත් ජනවරම අවබෝධ කරගනිමින් රට දිනවීමේ ජාතික වැඩසටහන සමග එක්ව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.
දිවයිනේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කර, පොදු ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ වැඩසටහන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණ.
දැනට අතරමග නවතා දමා ඇති රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කඩිනමින් නිම කිරීම, දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ රත්නපුර නගරාශ්‍රිතව විකල්ප මාර්ගය සැලසුම් කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
COMMENTS
නිලධාරින් මොන දේශපාලන මත දැරුවත් අපට කමක් නැහැ. ඒත් ඇමැතිතුමා රජයේ නිලධාරින් පාලනය සඳහා පවතින ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ පළමු පරිච්ඡේදය (XLV 11) අනුව සෑම නිලධාරියෙක්ම කටයුතු කළයුතු බව මතක් නොකිරීම සුදුසු නැහැ. එම පරිච්ඡේදයේ 1:1 වගන්තියේ පූර්ණ පක්ෂපාතිත්වය දැක්විය යුතු බවත් 1:2 වගන්තියේ පවරනු ලබන ඕනෑම රාජකාරියක් ඉටුකළ යුතු බවද දක්වා තියෙනවා. එනිසා අනෙක් අවස්ථාවකදී හෝ ඒ බව අමතක නොකරම කියන්න. රජයේ සෑම නිලධාරියෙක්ම ආයතන සංග්‍රහයේ වගන්ති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනවා..
එතකොට මේ අය විපක්ෂයේ ඉන්නැද්දී රජයේ නිලධාරීන් වැඩවර්ජන වලට යොමු කරලා ඒ කාලයේ තිබුණ ආණ්ඩු වලට වැඩසටහන් ගෙනියන්න ඉඩ නොදීපු එක ගැන මොකද කියන්නේ? ඒ ආණ්ඩුවලට තිබුණේත් ජනවරමක් නෙවෙයිද?
මොන දේශපාලන මතයක් හිටියත් , රාජ්‍ය සේවකයෙකු ලෙස තමන්ගේ රාජකාරිය දේශපාලන මතවලින් පරිභාහිරව, කඩාකප්පල් කාරී ක්‍රියා වලින් තොරව, නිරපේක්ෂව ඉටු කළ යුතුයි. ඒ විදිහට කරන්න බැරි නම්, තනතුරු නිලතල අතහැර ගෙදර යා යුතුයි.
දූෂිත නිලධාරීන් සමග මේ ගමන යන්නබෑ ! මේ කාලය කා දමමින් අනාගතය කාබාසිනියා කරන ක්‍රමයක්! ඔය දූෂිත නිලධාරීන් වෙනූවට හරි මිනිස්සු ටිකක් වත් දාන්න ඔයාලට හැකියාවක් නැත්ද? නැතිනම් නිලධාරීන්ට බයද? අපට බය රාජපස්ස කල්ලි යලිත් වරක් බලයට ඒම ගැනයි!