
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
පෙබරවාරි මාසයේ සියයට සෘණ 3.9 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේ සියයට සෘණ 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව කීය.
පෙබරවාරි මාසයේ සියයට සෘණ -1.1 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ සියයට 0.8 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පෙබරවාරි මාසයේ සියයට සෘණ 6.0 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ සියයට සෘණ -4.1 ක් දක්වා වැඩි වී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

COMMENTS
මේ දවස් වල එළවලු ගිනි ගණන්, තක්කාලි කිලෝ එකක් 750යි. සති දෙකකට කලින් කිලෝ එක 300 ට තිබුණා. අනිත් ඒවාත් එහෙමයි, එළවළු 4ක් අරන් රුපියල් 2000ක් වියදම් වුණා.
කෝ මේ හෝදන සට්ටැබියෝ ටික
මොවුන්ගේ ආර්ථිකය හරියට ලිස්සන ගහ වගේ... කොච්චර උඩ නැග්ගත් තප්පරෙන් ගහ පාමුලටම වැටෙනවා.