IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නව පාප් වහන්සේ තේරිම දින 15කට පසු

(විමුක්ති එස් රුද්‍රිගු)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට පසුව සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව පාප් වහන්සේ කෙනෙක් තෝරා පත්කර ගන්නා තෙක් කතෝලික පල්ලියේ වැඩ බලන ප්‍රධානියා ලෙස පාප් තුමාගේ මූල්‍ය ලේකම් සහ භාණ්ඩාගාරික කාදිනල් කෙවින් ෆැරල් පියතුමන් කටයුතු කරනු ඇති බවත් ඔහුට සීමාසහිත බලතල ප්‍රමාණයක් හිමිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට පමණක් බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඒ අනුව දැනට ජීවත්ව සිටින කාදිනල්වරුන් 252 න් 138 කට නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානය තුළදී සිදුවනු ඇති බවත් බොහෝ දුරට කාදිනල්වරයෙක් නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට ඉඩ තිබෙන බවත් බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය. නව පාප් වහන්සේ කෙනකු සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලැබෙන තෙක් කාදිනල්වරුන්ට සිස්ටයින් දේවස්ථානයෙන් පිටව යාම හෝ තාක්ෂණය වෙත ප්‍රවේශ වීම තහනම් වේ.



අදහස් (3)

නව පාප් වහන්සේ තේරිම දින 15කට පසු

ප්‍රියන්ත Monday, 21 April 2025 04:39 PM

මීලග පාප් තුමා මෙම පින් බිමෙන් බිහිවේවා!

:       21       22

ජිල්බු Monday, 21 April 2025 05:40 PM

මේ ටිකේ ඩියුටි කවර් කරන්න වැඩ බලන කෙනෙක් දෙවියෝ පත්කරයි නේද?

:       0       0

මෝඩ හුටංලාMonday, 21 April 2025 05:53 PM

මේ පින්බිමට එච්චරයි අඩුවෙලා තියෙන්නේ, ප්‍රියන්ත. අනේ කොහොමහරි කරලා ඒ භාග්‍යයත් ළඟාකර ගමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site