
(යොහාන් භාසුර)
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළි කරන්නේ යැයි ජනාධිපතිවරයා දුන් පොරොන්දුව කඩකළ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව අසමත් වුණොත් කතෝලික ජනතාව සමග පාරට බහින්නේ යැයි ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වූ පසු කාදිනල්තුමා තර්ජනයක් කළ බවත් එයින් බියට පත්වූ ජනාධිපතිතුමා අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිදරව් කරන්නේ යැයි මාර්තු 30 වැනිදා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දුන් බවත් ගම්මන්පිල මහතා පැවවසීය.
ජනාධිපතිතුමා 21 වැනිදාට පෙර මොකක් හෝ හෙළිදරව්වක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි බව කී ගම්මන්පිල මහතා අද අප්‍රේල් 21 වැනිදා වුවද ජනාධිපතිතුමා කිසිවක් හෙළිනොකිරීම තවත් එක් කඩවුණු පොරොන්දුවක් වූ බව ද සඳහන් කළේය.
පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු යැයි ප්‍රකාශ කිරීමට ආණ්ඩුව සැළසුම් කර තිබූ බවත් එම සැලැස්මේ කෙතාටසක් ලෙස පිල්ලෙයාන්නට කිසිවකු හමුවීමේ අවස්ථාව නොදුන් බවත් ඒ මහතා කීය.
නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහය ලබාගැනීමට අවස්ථාව පිල්ලෙයාන්නට අහිමි කළ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුව දැක්වීම ද ප්‍රතික්ෂේප කළ බවත් ඒ අතරේ ඔහුව පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් ගම්මන්පලි මහතා සදඟන් කළේය.
ඒ අතරතුරේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොව මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට යැයි කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලිකරමින් සිටින බව පොලිස් ඇමති පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
ඕක අවුලක් කරගන්න එපා. ඉදිරියේදී නඩුවට පෙනී සිටින්නේ ඔබතුමා නේ . එවිට ඔය සේරම විසඳා ගන්න පුළුවන්
මෙයා ලෝයර් කෙනෙක් නේද ? අවුරුදු 6 ක් තිස්සේ හොයා ගන්න නොහැකි වූ ඩෙයක් මාස හයකින් හොයා ගන්න බරි බව පොඩි ලමයෙක්ට උනත් තෙරෙනව .
කක්කුස්සි කට උතුරා යයි. කරැණාකර ඒ ජරාව දමා මේ පුවත්පත අපවිත්‍ර නොකරන්න.
ඔබතුමන්ලාගේ අනික් සේවාදායකයින්ටත් ලඟදීම නොතීසි නිකුත් වෙයි.
මොකද කලබල...? ලෝයර්තුමා අපේ අනුර. ජනාධිපතිතුමා වෙලාවට කරයි. ඔයාලාට බඩුම තමයි.
ගෙම්බන්පිලයා කියන්නේ හෙළකරුමයක් පහුගිය කාලේ කියපු කරපු දේවල් වලින් මෙයාත් මහ මොළකාරයින්ගේම කෙනෙක් වෙන්නත් බැරි නැහැ...
ඔහෙලා ආණ්ඩු කරපු කාලේ දුන්නු පොරොන්දු ඔක්කොම ඉෂ්ඨ කරපු නිසා තමයි ජනතාව ඔහෙලගේ පශ්චාත් භාගයට පයින් ගහලා පාර්ලිමේන්තුවෙන් එළියට දැම්මේ.
ශ්‍රී ලංකා දේශපාලනයේ මහා විහිළුකාරයෙක්
මාලිමාවෙ ඉන්නෙ මුන් වගේ කොන්ද පනනැති උන් කියලා හිතන් වෙන්නඇති. සේරම බුරන්නෙ. මුන් ගෝටා. මයිනා. පිනා රජකම් කෙරුවා නැට්ට පුකේ ගහන් හිටියේ බල්ලො වගෙදැන් කොහොමද. මුන්ගෙ නඩේ තමයි. පන්දම් ඇල්ලුවෙ. උසස්විම් දුන්නෙ ඔවා කරන්න. දැන් මාලිමාවට බර පටවනවා. අඩිහතරක්වත් උස නැහැනේ. ඒකයි මේ හිකනලා කෑගහන්නෙ. මේවගෙ උන්ට. දිය යටින්. ගින්දර ගෙනියන්න පුලුවන්. හොදට. පිනාට. සීඅයිඩි එකට අඩ ගහනවා ලෝය පිට රට ගිහින්ලු. ඉතින් මේයකාට පුලුවන්නෙ පිනාවත් අරන් යන්න. මුන්ව. ලෝයට ගත්තොත් වරදක් නැතත් හිරේ යන්න වෙනවා. කට ඇරියද කියන්නෙ බොරු නිසා.
උඹ රැවටුනාද සිහල කරුමය?
ආණ්ඩුව පොරොන්දුව ඉටු කරන්න බැරි නිසා ගැලවිජ්ජාවට එකෙක් අල්ලන් හිරේ දැම්ම, මේක නැහැ කියන්න බහ. මොකද පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත හේතුව මොකක්ද ඇහුවම ආණ්ඩුවේ ලොක්කන් පරස්පර විරෝධී උත්තර දුන්නේ මොකද?
තමුන්ලා මොනතරම් බොරු බේගල් ගහලාද බලයට ආවේ.ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි,ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු දුශිත පවුල් පාලනේ උන් ගැනත් ලෝකෙම දන්නවා ..
චේතිය රජු නැවත ඉපදිලා... ඔය කියවන්නේ පුනරුත්පත්තියලු...