භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්දෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි. 10 January 2025
ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ 10 January 2025
ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාලෝචන වාර්තාව මුදල් අමාත්‍යංශයට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාරදුන්නේය. 10 January 2025
බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම් බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ සහ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත් හිටුවීමටද බලන්ගොඩ මහෙස්ත්‍රත් භාග්‍යා දිල්රුක් වික්‍රමසිංහ මෙනවිය අද (10) නියම කළාය. 10 January 2025
හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම් අද (10) නියම කළේය. 10 January 2025
’’ග්‍රාම නිලධාරී පුරප්පාඩු කඩිනමින් පුරවනවා’’ දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය 10 January 2025
පුත්තලම ප්‍රා.ලේ.ගේ රාකාරියට බාධා කළ හිමිනමක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අශෝභන හා කලහාකාරි ලෙස හැසිරුණු භික්ෂුවක් හා තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 10 January 2025
බහලුම් රථ 800ක් වරායේ හිරවෙලා ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (10) පැවසීය. 10 January 2025
උදයංග වීරතුංග අත්අඩංගුවට පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 10 January 2025
එජාපය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය කරනවා එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ධුරයේ වැඩ බාර ගනිමින් අද (10) පැවසුවාය. 10 January 2025
භූමි තෙල් පෙවුණ සිඟිත්තා මරුට සිසිල් බීම බෝතලයක දමා තිබූ භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි. 10 January 2025
පල්ලේපොල තරුණයෙක්ගෙන් ලෝක වාර්තාවක් සිය පාද උපයෝගි කර ගනිමින් කඩු 12 ක් මත රදවන ලද දෙහි ගෙඩි 99 ක් විනාඩියක් තුළ දී කපා ලෝක වාර්තාවක පිහිටුවීමට මාතලේ - පල්ලේපොල ප්‍රදේශයේ තරුණයෙකු සමත්විණි. 10 January 2025
භික්ෂු සරවියේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් අනුරාධපුර නව පුත්තලම් පාරේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය නව පරිශ්‍රය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත. 10 January 2025
රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු තුනක් විවෘත කරයි පවතින අධික වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම පිරිමැසුම් මට්ටමට ආසන්නව ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු තුනක් 0.1 මීටර් බැඟින් අද (10) පෙරවරුවේ විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 10 January 2025
තරුණ වැඩමුළු සල්ලි වලින් ’’අමුතු’’ වැඩමුළු තියලා තරුණ තරුණියන් කලාපිය ජාත්‍යන්තර් තරුණ වැඩමුළුවලට සහභාගි කරවිම සදහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන 4.89 කින් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, අධ්‍යක්ෂක ( කාර්මික හා වෘත්තිය පුහුණු) කාන්තාවක් සමඟ විදේශිය සංචාරවලට සහභාගිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 10 January 2025
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී. 10 January 2025
කටුනායක ගුවන්තොටුපළ -මාකුඔුර සුඛෝපභෝගී බස් සේවයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර ඇත 10 January 2025
කුණු ලොරියෙන් ඇද වැටී මරුට නගර සභාවේ ට්‍රැක්ටර් රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (9) මියගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. 10 January 2025
කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන මන්ත්‍රී ධූරය නොදුන් බවට චෝදනා කරමින් එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා කෑකෝ ගසමින් එහි කලබල කර ඇතැයි වාර්තාවේ. 10 January 2025
මුහුදේ උපන් කුමරා බේරා ගනිති අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ. 10 January 2025
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 15දා රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 15 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 10 January 2025
පළාත් කිහිපයකට තද වැසි ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවේ. 10 January 2025
හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් අත්පත් කරගනෙ ඇතැයි අමාත්‍ය සමන්ත ව්යාරත්න මහතා පවසයි. 09 January 2025
අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 09 January 2025
වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක් මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. 09 January 2025
කාන්තාවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි. 09 January 2025
වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී නම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(09) නියෝග කළාය . 09 January 2025
මාලදිවයිනේ වරායේ ලාංකික ආයෝජකයන්ට අවස්ථාවක් මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය. 09 January 2025
ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී දුම්රිය මර්ගයට අද (9) පස්වරුවේ ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 09 January 2025
ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි. 09 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026