
(යොහාන් භාසුර)
මෙරට ගොවිබිම් සහ ගෙවතු ආශිතව රිලවුන් මිලියන 5.17 ක් ලක්‍ෂ 50 කට අධික සංඛ්‍යාවක් සහ වඳුරන් මිලියන 1.74 ක් හෙවත් ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් සත්ව සංගණනයේදී හෙළි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දඬු ලේනන් මිලියන 2.66 ක් හෙවත් ලක්‍ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සහ මොණරුන් මිලියන 4.24 ක් හෙවත් ලක්‍ෂ 40 කට අධික සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිත සත්ව සංඝණන වාර්තාවෙන් මෙම තොරතුරු හෙළි වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පට්ටපල් බොරු සංඛ්‍යා. මේ ගණන ආපු හැටි පුලුවන් නම් රටට කියන්න. අසාර්ථක සංගණනයක් කරලා වෙච්ච ලැජ්ජාවෙන් බේරෙන්න මොනවා හරි බොරුවක් ගොතලා කියනවා. මණුවර්නගේ රිලා දුපත වගේ මොට්ට කතාවක් මේක.
ඉතින් ඕක විතරක් කියලා මදිනේ (රිලා) ඇමති තුමෝ, අපි බලාපොරොත්තු වෙන්නේ ඕකට විසඳුමක් නේ!
දැන් ඔය සංඛ්‍යා ලේඛණ තියාගෙන මොකක්ද කරන්න හිතන් ඉන්නේ? කලින් කියුවා දූපතකට දානව කියල. තව එකෙක් කියුවා ව්‍යන්ධ කරනවා කියල, එත් ඒ ගැන දැන් සද්දයක් නැහැ,
මම දන්න National Geographic චැනල් එකේ සත්ව විද්‍යාඥයෙක්ගෙන් ඇහුව්වම කිව්වා ඔයා එකතු කරාම බස්නාහිර පළාතේ ජනගහනය තරම් වදුරෝ ඉන්න විදියක් නෑ. අනික මේක සංගණනය කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු, ඒ අය වදුරේ 1ට 5ක් කියලා දාන්නත් ඇති. අනික ජපානයේ අධික ජනගහනයක් ඉන්න ජපන් රිලව් වත් ලක්ෂ 2ක් නෑලු.
වසර 76 ක තක්කඩි පාලනයට කඩේයන, රටගැන අබමල් රේණුවක් තරම්වත් හැඟීමක් නැති, බත්කන හරක් කොච්චරක් ඉන්නවා කියලා ඔය වාර්තාවේ නැද්ද?
ලංකාවේ බහුතරයක් බුද්ධාගමේ බව සත්‍යයකි. සංගනනයට අනුව පෙනී යන්නේ මෙම සතුන් පාලනය කල යුතු බවයි. නැතහොත්, මිනිස් පරිභොජනයට ගන්නා බව භොග විශාල ලෙස හානියකට පත් වනු ඇත.
ඔක්කොටම කලියෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස, යෝගා ඩෝබියි, ගුණපාලයයි වන්ද්‍යාකරණය කරලා බලන්න ඕන වැඩේ ටක්කෙටම හරියනවද කියලා.
මෝඩ කුකුල් හොරා
යෝගා නම් දැනටම වඳ කරලා ලු.
76 වසරක් තුළ ගිනි තියපු බස් ගණන, ට්‍රාන්ස්ෆෝමර් ගණන, මරපු මිනිස්සු ගණන, කඩපු බැංකු ගණන, හොරාගත්තු රත්රන් කිලෝ ගණන නැද්ද?