
(රෝෂන් තුෂාර)
2021 හා 2024 කාලය තුළදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළාය.
සැකකාරියා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම සැකකාර සේවිකාව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.
සැකකාර කෙහෙළිය රඹුක්කල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරු වලට රජයේ මුදලින් වැටුප් ගෙවා රුපියල් ලක්ෂ අසූවකට අධික මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිලි සම්බන්ධයෙන් මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බල්ලොත් එක්ක ලැග්ගාම, මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියලා අහලා තිබුණට, හරියටම තේරුම දැනගත්තේ මේ පුවතින් තමයි.
මළ කෙළියයි... තවත් රාජපක්ෂ කෙනෙක් කූඩුවේ. මේ නම් පෝලිම කොහෙන් නවතීද දන්නේ නෑ... පව්...!
ප්‍රවෘතිය දැකලා මට පැරණි රසංගයක් මතක් වුනා........."පහත් තැනින් යයි ගලා ජලේ.......ඒ..ඒ.... පහත් තැනින් යයි ගලා ජලේ......"
මොවුන් ගෑවුන තැනක් හිටියත් ලෙඩක් තමයි, අඩු පඩියට වැඩ කරලා දැන් මුන්ගේ කුණු වලට කර ගන්නත් වෙලා !
කෙහෙළිය මෙයාටත් හොදට සලකලා වගේ. හරි ෂෝක්! හෙට ප්‍රවෘත්තිය "කෙහෙළියගේ බල්ලා ද කෝටි 10ක් හොරකම් කරයි."
හරියට තේරුනේ නැහැ. සේවිකාවද බඳවා ගැනීම් කරලා පඩි ගෙවලා තියෙන්නේ...?