
(අංජුල මහික වීරරත්න)
මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පුනරුත්ථාපන කාර්යාංශ හා දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබදව අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
විශේෂයෙන් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.
මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීම සඳහා නේවාසික මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානයේ පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය විණි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මතට ඇබ්බැහි වන කතුන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්