
(ලක්මි කුඩලිගම)
මතුගම , යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (11) රාත්‍රි සිය සහෝදරියගේ පුතාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.
තම සහෝදරියගේ පුතා අතර නවුත්තුඩුව පන්සල ඉදිරිපිට බීමත්ව සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එහිදී පිහියකින් ඇනීම හේතුවෙන් තරුණයා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම යට දොළ නවුන්තුඩුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 22ක් වන හෙට්ටි කංකානම්ගේ අයේෂ් චාමික පෙරේරා නැමැති තරුණයෙක් බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය ගරුකව ජීවත් වන වෙන වැදගත් පවුලක සාමාජිකයින් වෙන්න බෑ. නැත්තං හන්දි ගානේ ආරවුල් ඇතිකර ගනීවිද ?