(අංජුල මහික වීරරත්න)
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.
නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුවන් දුන්න එකක් වගේ නෙවේ මේ ඇඳුම... හිල් නැති එකක් නේද ඇඳන් ගියේ...? හරිම ලස්සනයි.
අන්තිම පින්තූරය දකිද්දී මට හිතුණා... දුන්නු බේගලයක් මෙන්න සයිස් එක කියන ගමන්...
පින්තූර ටික බලද්දී ඡන්දෙ දීපු අයගේ අමනකම හිතාගන්න පුළුවන්..
මේවා දැක්කම සතුටුයි අපේ ජනාධිපතිතුමත් කලින් හිටපු අපේ රාජ්‍ය නායකයන් වගේම විදෙස් රටවලට ගිහින් අපේ රටට සුදුසු දේවල් ගැන සෙවීම කරන නිසා. උදාහරණයක් වශයෙන් ප්‍රේමදාස මහතා අගමැති සහ නිවාස ඇමති කාලේ නැගෙනහිර ජර්මනියේ සංචාරයකින් පසු දුටු දේවලින් උදා ගම් සංකල්පය ක්‍රියාත්මක කළ බව එතුමා කිව්වා. ඒ වගේ ඉදිරියටත් රටේ අනාගතය ගැන සිතා බලා විදෙස් සංචාරවලින් රටට යහපත් දේවල් කරනවානම් අපිත් කැමතියි.
ජාත්‍යන්තර සම්බන්ධතා නැති සුද්දෝ අදුරන්නේ නැති අනුර කුමාර ජර්මනියට ගිහිල්ලා මොනවද කරනවාද කියලා කල්පනා කරන ස.ජ.බ පොහොට්ටු අනුගාමිකයන්ට මේවා දැක්කම මොනවා හිතෙනවා ඇතිද අපේ හාමුදුරුවනේ !
රනිල්ට විතරයි ටයි, කෝට් අඳින්න දන්නේ කිව්වට තඹුත්තේගම කොල්ලොත් ඔය යස අගේට ඇඳගෙන යන්නේ...!