
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව දිවයින පුරා බන්ධනාගාරවල අධිකාරි තනතුරුවලද වෙනස් වීම් ගණනාවක් ඉදිරි දිනවල කෙරෙනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීමට රජය තීරණය කර ඇත. ඉහළ තනතුරු වෙනස් කෙරෙන්නේ එම වැඩපිළිවෙලට අනුව බව දැනගන්නට ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වැඩ තහනම් කර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුවන නිශාන් දනසිංහ මහතා පත්කෙරිණ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් පසුගිය කාලයේ දී සිට කරුවන් නිදහස් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායම් කිහිපයක්ම ඒ ඒ බන්ධනාගාරවලට යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී මුදා හැර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද එම දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන සර්ව සුබවාදී ව බැලීමට තරම් මහජනයා පටු නොවිය යුතුය. බලය අතේ ඇති අය ලස්සනට සත්‍යය වසා ගනී. අතිභයානක ලෙස රටම මාලිමාකරණය වෙමින් පවතී. සත්‍යය බොහෝ කල් වසන් කළ නොහැක. දිනෙක එය මතුවේ. ලොන්ඩරි සේවකයින් කලබල විය යුතු නැත.
පෙරලෙන ගලේ පාසි නොබැදේ
බන්ධනාගාරවල ඉන්න වෛදයවරුනුත් වෙනස් කලයුතුයි. රට කාපු තක්කඩි හැතිකරේ බන්ධනාගාරෙට ගිය ගමන්ම යන්නෙ බන්ධනාගාර රෝහලට. සාමන්‍ය මිනිහෙක් බන්ධනාගාරෙට ගිය ගමන්ම යන්නෙ, කුඩුවට. මේ ඔක්කොම වෙනස්විය යුතුයි.
දැන් NPP එකට උවමනා වෙලා තියෙන්නෙ ඒ අයගෙ පිරිස දාගන්න සේරම තැන් වලට
කොනක ඉදලා සුද්ද කරන්න ඕන තැනක් තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ, දේශපාලන හිතවත්කමට හා පක්ෂපාති කමට තනතුර තානාන්තර ගත්ත හාදයෝ කවදාවත් නීතියට අවනතව වැඩ කරන්නේ නැහෑ.
මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්විය යුතු නැහැ. ඔහු ජනතාව දැනුවත් කර සිටියේ, මේ සිදුවීම නීත්‍යානුකුලව ජනාධිපති අනුමැතිය ඇතිව සිදු වූ දෙයක් බව .එනිසා සියලු විමර්ශන අවසන් වෙන්න කලින් ඉල්ලා අස්විය යුතු නැහැ
ඔය මාධ්‍ය ප්‍රකාශක බොරු පිඹිනව. අයියගෙ මල්ලි බන්ධනාගාරයෙ සැප විඳිනකොට එහෙම නැහැ කිව්වෙ මෙයා තමයි. මේක තක්කඩියන්ගෙ සල්ලිකාරයන්ගෙ කීමට වැඩ කරන තැනක් කලේ මුන් තමයි. මුන් එක්ක කවදාවත් රටේ අපරාධ ඉවර කරන්න බැහැ.
පසුගිය මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගෙන් 90% කගේ ඡන්දය NPP එකට ලැබුණා. ඒ නිසා රජයේ සේවකයන්ට හොඳට සලකන්න ඕන . දැනට නම් හොඳට සලකන බව පෙන්වා . තව ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න ,ලබන මැතිවරණයේදී 100% ලැබෙයි