
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙස් සේවිකාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවාය.
ඒ එම සේවිකාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ අද (11) පෙනී සිටි අවස්ථාවේදීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට ගජ! මෙහෙමත් පවුලක්. හෙට අනිද්දා ගෙදර බලලත් අත් අඩංගුවට පත්වෙයි. හැබැයි කට උත්තරයක් සම්මෙට පහරදීලාවත් ගන්න නම් බැරිවෙයි.
මොවුන්ගේ ගෙවල්වල බල්ලන්ටත් අපේ සල්ලිවලින් පඩි ගෙවලා.. අපි මෙහෙමවත් ජීවත් වෙනවා ඇති... කාලකණ්ණි.
දුප්පත්කමට ගෙදරක මෙහෙකාර සේවයට යනවා මිස ඇති හැකි අය ලෙස සේවයට නොයයි.
මෙයා තව මොනවා වමාරවයිද ?