
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිල වාහන හිමිකාරීත්වය නොමැති කළමනාකරුවන් තිදෙනෙකුට නීති විරෝධීව රුපියල් එක්කෝටි හැත්තෑ පන් ලක්ෂයක ප්‍රවාහන සහ ඉන්ධන දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මෙම ප්‍රවාහන සහ ඉන්ධන දීමනාගෙවා ඇතැයි පැවසෙන්නේ 2012 වසරේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලයේදීය.
නිල වාහන හිමිකාරීත්වය ලැබීමට සුදුසුකම් ඇත්තේ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සහ එම දෙපාර්තමේන්තුව 2016 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛ අංක MSD /30 HM 1-1 ගනේ හෝ ඊට ඉහළ මට්ටමේ තනතුරක් දරන අයට පමණක් බවත් ඊට පටහැනිව සංස්ථාව මෙම කළමනාකරුවන් තිදෙනාට ප්‍රවාහන සහ ඉන්ධනාදීම නම් මෙසේ ගෙවා තිබූ බවත් වාර්තාවේ දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 3 වැනිදා නිකුත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හිටපු ඇමතියට බැනල හිතහදාගමු. එතකොට ඉවරයි නේ.අවශ්‍යනම් ඕව නැවත අයකරගතහැකි ක්‍රම ඕනෑතරම් තියනවා. ඒවා අමතකකරලා කාටහරි බැන බැන ඉමු. රට හැදෙයි
වන්නිආරච්චි නමට හරි යන වන්නිය. මොළයක් ඇත සිතක් නැත.