
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුව ඊයේ(11) සාක්ෂි ලබාදෙමිනි.
වැලිගම හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් පැවැත්වෙන හෙයින් එහි තාප්පයට සහ නම සදහන් පුවරුවට වෙඩි තබා එන ලෙස නෙවිල් සිල්වා මහතා දැනුම් දුන් බව ඔහු කීවේය.
" නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරල තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ" යැයි ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තුන්වැනි පාර්ශවයක් වෙඩි තැබූ බවට නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අධිකරණයට පැවසීමට එකඟත්වයක් ඇතිකර ගත් බව කී සිල්වා මහතා වැඩේ දුර දිග යන බව තේරුණු හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා ඇත්ත ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.
තමා වැඩ තහනමට ලක්ව සිටින්නේ ඉහළ නිලධාරීන් දෙන තීන්දු තීරණ නිසා බවත් මේනිසා අද තමාට විශ්‍රාම වැටුප පවා අහිමිවී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
අනෙක් නිලධාරීන් මෙම සිද්ධිය ආදර්ශයට ගත යුතු බව කී ඇන්ස්ලම් ද සිල්වා මහතා මෙවැනි වැරැදි නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් ලබාගෙන යෑම මීට වඩා හොඳ බවද පැවසීය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරැගෙන් හරස් ප්‍රශ්න විමසීය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ඊයේ (11) සිවු වැනි දිනයටත් පෙනී සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ හිටපු මහාධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු වෙති.
පොලිස්පතිවරයා සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශවලට පසුගියදා පිළිතුරු දුන්නේය.
කමිටුවේ විමර්ශන දිගටම පැවැත්වෙන අතර එහි අවසන් වාර්තාව ලබන
මාසයේදී කතානායකවරයාට බාරදීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හිටපු ලොක්කෝ ඔක්කෝම, තමුන් ගාව හිටපු සොක්කොයි, රටයි, ජනතාවයි, ඔක්කෝම අන්දපු අය. යුක්තිය කියලා කුඩු ඇල්ලුවා, හැබැයි දෙමටගොඩක් තියෙන පැත්තේ කුඩු රජෙක්ගේ ඒවා නැතිව...
පොලිස් නිලධාරීන්ට පමණක් නොවේ , සියළුම රාජ්‍ය සේවකයින් නීත්‍යානුකූලව කටයුතු කිරීමට බැඳී සිටිනවා . කිසිම අවස්ථාවක නීතියට පටහැනිව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුයි
මුනුයි මුන්ගේ මහා එවුනුයි අපිවයි සිංහල ජාතියවයි, ලංකාවේ ඔක්කොමයි අන්දපු ඇන්දිල්ල තාම හොයාගන්න බැරුව අපි ඉන්නේ. ඒ මදිවට ඒවා මොනවත් දන්නේ නැහැ වගේ කඩේ යන සෙට් එක දැක්කම දුක හිතෙනවා.
ඉතින් පොලිස් පරීක්ෂක කෙනෙක් වෙලත් මේ සිල්වා මහතා ට තේරුනේ නැද්ද පොලිසිය මේවගේ වැඩ නොකරන බව .පාතාලයේ උන්ගේ පටියක් තියේනම් අවශ්‍ය උන් කුදලාගෙන එනවා හැර හොරෙන් ගිහින් බෝඩ් එකට වෙඩි තියලා එන්නවද පොලිසිය .අනේ මන්දා මේ අය මොනවා කියවනවද කියලා...
ඕක පුදුමවෙන්න දෙයක් නැහැ. ඒ කාලේ JVP එක අහිංසක තරුණයින්ව අන්දපු ඇන්දිල්ලට තරුණයෝ කී දෙනෙක් ටයර් සෑයට ගියා ද?
මෙතෙක් කාලයක් රට පාලනය කරලා තියෙන්නෙ පාතාල නායකයෝ කියලා තමයි හිතා ගන්න වෙන්නේ, මිනි මරනවා කප්පම් ගන්නවා පැහැර ගන්නවා පහර දෙනවා සියල්ල කරලා තියෙන්නෙ ආණ්ඩුවට සම්බන්ධ කල්ලි කණ්ඩායම් !
මෙවනි නිලධාරීන් ඉන්නකම් රට ගොඩනගනවා බොරු
තිස්ස හිතට අමාරු වගේ මේ පොලිස් පති අමාරුවෙ වැටෙනවට, ඒක නිසා වසර පනහක් ඈතට ගිහින් උදාහරණ හොයනව.හාමුදුරුවන් ටත් බණ කියපු මිනිහෙක් තමයි දේශබන්දු
කන්ටේනර් 323 පැන්නුවට පස්සේ පාතාලය වේගයෙන් වැඩ. CIDය ඇමතිලාගේ කුණු හෝදනවා. ආරක්ෂක ඇමති නිදි. බංකු බංකු හොයාගන්නත් නෑ. ඩෝබිලා අපුල්ලලා ඉවරෙකුත් නෑ.
රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු කැළෑ නීතිය රජ කරවපු අදිකරණය පවා දේසපාලණීකරණය කරපු දූෂිත පවුල් පාලනේ උන්ගේ ඇම්බැට්ටයෝ , ගැන කවර කතාද?
වැරැද්ද නෙවිල් ද සිල්වා පිටින් ගිහින් දේශබන්දු නිදහස් වෙයි වගේ.....
ඇත්තෙන්ම කියනවා නම්, මේක රටක් නෙමේ, හොර, තක්කඩි, මිනීමරු, ජාවාරම්කාරයින් ගෙන් පිරුණු මිලේච්ජයින්ගේ නිජබිමක්... මේ නීච අමනයින්ගෙන් මේ භුමිය ගලවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි... නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුලම නීතිය අවභාවිතා කරන්නේ නම්, අනෙක් ආයතන ගැන කවර කතාද..? සාමාන්‍ය ජනතාවට පමණක් අකුරට ක්‍රියාත්මක වෙන නීතිය, එක්තරා පන්තියකට ක්‍රියාත්මක නොවීම වහාම නතර කල යුතුයි...හොර තක්කඩියෙක්, සිරගත උනාම, එකවරම ඔවුන්ව රෝගීන් බවට නිර්දේශ කරමින් සියලු පහසුකම් යටතේ රෝහල් ගත කරන රටකට පෙරට යා හැකිද..? බුවල්ලෙක් මෙන් මේ රටේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය මාෆියාවක් තිබෙනවා... ඒ මාෆියාවෙන් මේ රට මුදා ගැනීම මේ රජය සතු විශාල වගකීමක්...ඒ වගේම,