ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී ඇරැඹෙයි ලඟදී ඇරැඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය අද (16) බෙයිජිං හිදී පැවැත්විණි. 1 year ago
කුණ්ඩසාලේ ප්‍රාථමිකයෙන් කෙහෙළිය නම හැලෙයි මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දුන්නේය. 1 year ago
‘අයිස් ‘සමඟ ගුවන් මගියා අත්අඩංගුවට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටවී යාමට තැත් කළ ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 1 year ago
නව රජයට ඇති අභියෝගයක් රනිල් පෙන්වයි ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය. 1 year ago
ගිනි අවි 6ක් සමග 6ක් අත්අඩංගුවට කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සූරියවැව වල්සපගල කැලෑ බද ප්‍රදේශයකදී අතඅඩංගුවට ගනු ලැබූහ. 1 year ago
මත් සාදයක් පැවැත්වූ 12 ක් පොලිස් දැලේ බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි. 1 year ago
නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 1 year ago
දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉල්ලීමක් කරන්නීය. 1 year ago
ලියෑම් පේන් දිවියෙන් සමුගනී බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 31 කි. 1 year ago
ත්‍රිරෝද රියදුරු ලොකාන්තයට දැමූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු ට පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද විසිකර දැමූවයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පස්සර මහේස්ත්‍රාත් උදිත සම්පත් ගුණතිලක මහතා නියෝග කළේය. 1 year ago
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි 1 year ago
දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago