
(ජේ.ඒ.එල් ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක බහුතර බලයක් හිමි නොවූ අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගය හිමි කරගත්තේය.
මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීම අද සිදු කෙරිණි.
එහිදී සමගි ජල බලවේගය වෙනුවෙන් සභාපති ධූර අපේක්ෂක ලෙස ඉස්තිහාර් ඉමාදුදීන් සහ ජාතික ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂක ලෙස තාරික් අලි මහත්වරු තරඟ කළහ.
එහිදි සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා ඡන්ද 16 ක්ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ඉදිරිපත් වූ තාරික් අලි මහතා ඡන්ද 13 ක් ලබා ගත්තේය.
මෙවර පළාත් පාලන ඡන්දයෙන් සමගි ජන බලවේගයට සභික ධූර 13 ක් තිබූ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවල සභිකයන් තිදෙනා සමගි ජන බලවේගය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු ටික එක පිළට, හොරකම් කරොත් දැන් නෑ ලෙසී. සභාපති සජබය වුවද බෑ මගඩි.