
( වයි.ඒ.එස්.වීරවංශ , සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රජවක මහා විදුහලේ ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත් 17කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ප්‍රදේශයට වර්ෂාවත් සමඟ පැවැති තඳ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස මෙලෙස කඩා වැටි තිබේ.
12 සහ 13 ශේණිවල ඉගනුම ලබන දරුවන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබු සිසුන් මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.
(ඡායාරූප: වයි.ඵ්.ඵස් වීරවංශ)

මියගිය සිසුවා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි බලංගොඩ ට කැකිරි...
මේ සිදුවීමට කොළඹ සම්බන්ධයක් නෑ නේද සාලිය මහත්මයා. ගහක් කඩා වැටිලනෙ තියෙන්නේ. ඔය වගේ සිදුවීමක් ඕනෑම පලාතක වෙන්න පුළුවන්. වැසි සහ සුළං සහිත දින වලදී ජනයා ගැවසෙන තැන් වල ඇති විශාල ගස් ගැන සෙවිල්ලෙන් ඉන්න එක වටිනවා. වැඩි අතු කපා දමා ගස සැහැල්ලු කරන්න පුළුවන්නම් වටිනවා.
බෝ ගසක් වුවද අනතුරුදායක නම් ඉවත්විය යුතුය. මියගිය දරුවාට නිවන් සුව
බෝ ගස් තියෙන්න ඕනෑ පන්සල් වල.... ඉස්කෝල වල නොවෙයිනේ...!
වැටිලා තියෙන්නේ බෝ ගහක් නේද ? පන්ති කාමර ළඟ ලොකු ගස් තියාගෙන හිටියට කවුරුවත් බනින එකක් නම් නැහැ මේ සැරේ...!
බොහෝ විදුහල්වල ඉන්න විදුහල්පතිවරු මෙලෝ රහක් නැති එවුන්. ළමයින්ගේ ආරක්ෂාව ගැන කිසිම වගේ වගක් නැහැ.
වස් වදිනවට බයේ මේක බෝ අත්තක් කියන්නෙ නැහැ. අනතුරු දැක දැකත් ඔක කපන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ වස් වදිනවට බයේ. ප්‍රින්සිපල් ගස් නැගල කැපුවොත් මිස , අනෙක් අතින් වියදම. මේ පලාතෙ පාරට කපන විශාල බෝගස් කපන්නෙ වෙනත් ආගමිකයො. වස් වදනවද දන්නෙ නැහැ. ලෝකෙටම කරුණාව මෛත්‍රී කියාදුන් මහාකාරුණිකයාන් සලකන්නෙ වස් වද්දන කාලි ගානට. ඕකයි සමහරුක්නෙ ආකල්පය.