
( ෂේන් සෙනෙවිරත්න)
කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය අසල දුම්රිය මාර්ගයේ සිදුවූ ගිලා බැස්මක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු මහනුවර දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව අද (12) පෙරවරුවේ සිට මහනුවර දුම්රිය ස්ථානයට කාල සටහන් අනුව පැමිණෙන සහ පිට වෙන දුම්රිය ගමන්වාර සියල්ලක් යථා පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd