
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුම්රිය අවලංගු වීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය.
මෙසේ නිර්දේශ ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
පසුගිය මැයි මස 08 වැනිදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සලකා බැලීම සිදු වූ අතර එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොඳයි, ජවිපෙ වෘත්තීය සමිති කාලකන්නි ගිය ආණ්ඩු කාල වලදී පාඩු කරපු ඒවා ගැනත් විගණනය කර සොයා බලන්න
අවලංගු කළොත් පාඩු නෑ. මොකද කෝච්චි දෙකේම මගීන් එක්ක යනවනේ... එතකොට CGR එකට ලාභයි.