බෝ නොවන රෝග වලින් වැලකෙන්න ප්‍රසංග තියලා පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 12 January 2025
මැතිසැබේ හිංසන හොයන්න පිටින් කමිටුවක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අධිකරණ ක්ෂේත්රයේ පිරිසකගෙන් සමන්විත බාහිර විමර්ශන කණ්ඩායමකට පැවරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත. 12 January 2025
බසයෙන් පැන්න සැකකරු වසර 15කට පසු අල්ලයි මැගසින් බන්ධනාගාරයේ සිට කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් යකඩ රාමුවේ එල්ලී පැමිණ කැස්බෑව අධිකරණය ආසන්නයේදී බස් රථය යටින් මහ මඟට පැන පලා ගිය රිමාන්ඩ් සිරකරු වසර 15කට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 12 January 2025
මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත. 12 January 2025
බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය සී.අයි.ඩි යටතට බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන එමින් නැවත වතාවක් පණ දීමට නියමිතය. 12 January 2025
අපුරේ මහ වැව් 9ක් වාන් දමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසයි. 12 January 2025
දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවකු වහා ක්‍රියාත්මක වී වළකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 12 January 2025
ජිමී කාටර්ට සමු දෙන්න හිටපු ජනපතිවරු පහක් එති ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය. 12 January 2025
දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 12 January 2025
පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45, කොකේන් මිලිග්‍රෑම් 550, ගංජා මිලි ග්‍රෑම් 11250 සමග සැකකරුවෝ දහයක් පොළොන්නරුව සුරාබදු නිලධාරීන් සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ලැබූහ. 12 January 2025
එක්ව වැඩ කර ජය ගමු පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය. 12 January 2025
හොරෙන් ලයිසන් හැදූ තිදෙනෙක් මාට්ටු රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක් ඇතුළු තවත් උපකර රැසක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි. 12 January 2025
රිය අනතුරින් හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලේ කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වරාය පොලිසිය පවසයි. 12 January 2025
ඇමෙරිකාවේ ගින්නෙන් මේ වන විට ඩොලර් බිලියන 150ක පාඩුවක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 12 January 2025
රට වටේ රන්මාල කැඩූ ගේම්කාරයෙක්ට වැඩවරදී මෝදර, මීගමුව, කිරිබත්ගොඩ, පුත්තලම, මුන්දලම, කුලියාපිටිය, වෙන්නපුව, පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි. 12 January 2025
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හතරක් දිවුරති නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. 12 January 2025
ජංගම දුරකතනයෙන් මුදල් වංචා කළ6ක් අල්ලයි ජංගම දුරකථන හිමිකරුවන්ගේ සිම්කාඩ් පත් සදහා ත්‍යාග හා මුදල් ඇති බව පවසමින් එම පිරිස වංචනිකව රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් වල තොරතුරු උපක්රමශීලි ලෙස ලබා ගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කල කණ්ඩායමක හය දෙනෙකු පුත්තලම කරඹ හා පාලවිය ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 12 January 2025
තෛයිපොන්ගල් උත්සවයට අමතර බස් සේවා තෛයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් අමතර ශ්‍රී ලංගම බස් රථ 100 ක් පමණ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 12 January 2025
මීහරක් රංචුවක් දක්ෂිණ අධිවේගය කොටසක් පැයකට වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි පොලිසිය පැවසීය . 12 January 2025
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පස් කන්දක් කඩා වැටීමෙන් අවහිරව තිබූ මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇතැයි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම් .එල් උදයකුමාර මහතා පැවැසීය. 12 January 2025
‘දියගම ක්‍රිඩාංගණයේ ‘මහින්ද රාජපක්ෂ‘නම ඉවත් කරනවා‘ හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 12 January 2025
සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවෙයි සහල් තවදුරටත් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2025
ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න SPEED GUN අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි. 12 January 2025
පොල් මෝලේ ආරක්ෂක ඝාතනයට සේවකයෙක් අල්ලයි මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනයේ සේවකයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසිය පවසයි. 12 January 2025
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. 12 January 2025
රත්කිද ජලාශයේ සියලු වාන්දොරටු විවර කරයි පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවැසීය. 12 January 2025
දුමින්ද සිල්වා ජාතික රෝහලට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 January 2025
උඩරට දුම්රිය මඟට පස් කඳුවැටෙයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය ට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 12 January 2025
අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4 ක බෙහෙත් ටෙන්ඩරයක් ? ‘ක්ලොර්හෙක්සීඩීන්’ නම් මුඛය පිරිසිදු කිරීමට භාවිතා කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37 කට (කෝටි 4 ආසන්න) ආසන්න වටිනාකමකින් යුතු ටෙන්ඩරයක් අසාධු ලේඛනගත කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්රදානය කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ටරය මණ්ඩලය සූදානම් වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. 12 January 2025
තැනින් තැනට අද උදෑසනත් වැස්ස උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026