තෛපොංගල් උත්සවයෙන් ’’අස්වැන්න නෙලීමේ උත්සවය’’යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. 14 January 2025
විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 January 2025
වෙහෙරගල -ලුණුගම්වෙහර වාන් දොරටු විවෘත කරයි අධික වැසි සහිත කාලගුණයෙන් වෙහෙරගල ජලාශය සහ ලුණුගම්වෙහෙර ජලාශය ජලධාරිතාව ඉහළ ගොස් ඇති හෙයින් එම ජලාශ දෙකෙහි පිට වාන් දොරටු විවෘත කිරීමට සිදුවූ බව ජලාශභාර වාරි ඉංජිනේරු ඩිලාන් වර්ණකුලසූරිය මහතා පවසයි. 14 January 2025
‘සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත් කරනවා’ සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 14 January 2025
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සතුව කෝටි ගණනක සැක වාහන 5ක් පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා සැකකටයුතු සුඛෝභෝගී වාහන පහක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය කියයි. 14 January 2025
දිනකට පාස්පෝට් 2,500 ක් ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 14 January 2025
මවගේ හිසට ගිනි අවි තබා දියණිය පැහැරගත් පෙම්වතා අත්අඩංගුවට දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි. 14 January 2025
ජනපති චීනයට ලඟා වෙයි චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. 14 January 2025
බහලුම් 459 ක් නිදහස් කරයි කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කර නිදහස් කළ බවත් අතිරේක අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 14 January 2025
මුලතිවි ළිඳකින් මළ සිරුරක් හමුවෙයි මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසයි. 14 January 2025
විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිගයක් මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 14 January 2025
අල්ලස් ගත් පීසීලාගේ වැඩ තහනම් විදේශිය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවය සිට ක්‍රියාත්මක වන පරදි තහනම් කර ඇත. 14 January 2025
පාසල් මුරකරු දුම්රියට බිලි උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය බිංගෙය අසල දී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමි විශේෂ දුම්රියේ ගැටුන පාසල් මුරකරුවෙකු ඊයේ (13) රාත්‍රි මියගිය බව බදුල්ල පොලිසිය පවසයි . 14 January 2025
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි. 14 January 2025
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත. 14 January 2025
ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 14 January 2025
තැනින් තැනට ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 January 2025
වැඩ බලන අමාත්‍යවරු 5ක් පත් කරයි චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. 14 January 2025
අයිස් සමග අයෙක් මාට්ටු අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 14 January 2025
මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 14 January 2025
ආචාර්ය හුටපටය: සභාලේඛන ලොක්කා හෙට සීඅයිඩියට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (15) පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජයලත් පෙරේරා මහතාට දැනුම්දී ඇත. 14 January 2025
මැතිසබේ ලොක්කෙක් ඇමැති කාමරයක පදිංචි වෙලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. 13 January 2025
අයිස් කිලෝ 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 13 January 2025
ජනපති චීනය බලා පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය . 13 January 2025
තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ අැති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත. 13 January 2025
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල සහය ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැත්විණි. 13 January 2025
ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේපළ ආරක්ෂා කර ගැනීමට පැයට ඩොලර් 2000 ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක්) පමණ ගෙවා පුද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවය ලබාගෙන ළැව් ගිනි සිය දේපළ වලට ව්‍යාප්තවීම අඩපණ කිරීම සඳහා රෝස පැහැති ද්‍රාවණයක් ඉසීම බොහෝ දෙනාගේ කෝපයට හේතුවී ඇත. 13 January 2025
දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති තෛපොංගල් උත්සවය හෙට (14) පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හින්දු බැතිමතුන් බොහෝමයක් පිටකොටුවට අද(13) පෙරවරුවේ පැමිණ සිටියහ. 13 January 2025
වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට 3ක් සැකපිට මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගෙන තිබේ. 13 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026