ලොරි -ලොරි ගැටී අඹුසැමි යුවළ ඇතුළු පහක් රෝහලේ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවළක් ද වන බව පොලිසිය කියයි. 1 year ago
මාතර රුවන්වැල්ල ඝාතනයට දෙකක් සැකපිට මාතර,නාවිමන,රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 1 year ago
තැනින් තැන විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 1 year ago
කුලියට පැල් රකින්න යද්දී වල් අලි පහරින් මරුට දඹුල්ල වෑවලවැව, අලකොලවැව, ප්‍රදේශයේ වම්බටු හේනක පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටි කුලී කම්කරුවකු ඉතා අමානුෂික ලෙස වන අලියකුගේ පහර කෑමකට ලක්ව 20 දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 1 year ago
ආරක්ෂාවට අරගෙන ගෙදර වැඩටත් යොදාගෙන බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත. 1 year ago
බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය. 1 year ago
ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට යුද හමුදා විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ. 1 year ago
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 1 year ago
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 1 year ago
ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත. 1 year ago
හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් ඊයේ(19) වැනි දින රාත්‍රී පියවර ගෙන තිබේ. 1 year ago
එස්.ටි.එෆ් හිටපු සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක් මාතර රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago