හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත. 1 year ago
කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කළේය . 1 year ago
වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකර පහසුකම් සලසන්නැයි ඉල්ලමින් 2022 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය. 1 year ago
මධ්‍යම පළාතේ ප්‍රශ්න පත්‍ර මාරු වෙලා මධ්‍යම පළාතේ මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ . 1 year ago
කිතුල් රා මුට්ටියට රිලව් බැට දෙති කිතුල් රා ලබා ගැනිම සදහා තබා ඇති මුටිටිය රිලවුන් රැගෙන ගෙනයාම නිසා කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වලපනේ ප්‍රෙද්ශයේ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කරුවෝ පවසති. 1 year ago
කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති වර්තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිමය කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට යෝජනා දුන්නේද ඒ ආණ්ඩුවම යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසුහ. 1 year ago
වන්නි ඡන්දෙට එරෙහි පෙත්සම හෙට සලකා බලයි ඉදිරි මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම හෙට (22) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 1 year ago
ඉන්දු පාකිස්තාන ඔන්ලයින් වෙඩිමක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මනාලිය වෙත යෑමට වීසා නොලැබුණු බැවිනි. 1 year ago
ගිනි අවි බාරදී ඇත්තේ 50යි සිවිල් පුද්ගලයන්ට පසුගිය කාලයේදී නිකුත් කර තිබූ ගිනි අවිවලින් දැනට බාරදී ඇත්තේ පනහකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 1 year ago
අපේක්ෂකයකුගේ පෝස්ටර් ඇලවූ 5ක් අත්අඩංගුවට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට අයත් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවන් 5දෙනකු බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 1 year ago
එළොව පොල් පේන පොල් මිල වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.පතරමක කුඩා ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු සඳහන් කරති. 1 year ago
දොස්තරගේ ගෙට පැන්න දෙන්නා මාට්ටු තලංගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇගේ බෙල්ලට පිහියක් තබා රුපියල් ලක්ෂ හතහමාරක රන්බඩු සහ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago