
(ටී.කේ.ජී.කපිල)
රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්, දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා වූ, ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය ( Air Craft Operation Certificate) අද (16) දින පිරිනමා තිබේ .
මෙම ගුවන් ගමන සදහා පැය 01 යි විනාඩි 20 ක කාළයක් ගත වන අතර මේ සදහා මෙම ගුවන් සමාගම, සෙස්නා - 280 ගුවන් යානයක් සූදානම් කර තිබේ .
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර, එහි වැඩ කටයුතු නිමවූ පසුව, විදේශීය රටවල ගුවන් මගීන්ට, එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සළසා ගත හැකිය .
එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකිය .
මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම , කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සිදු වූ අතර , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා විසින් සීමාසහිත ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගමේ බළයලත් කළමනාකරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ඕ.ඩී.එන්.එල්.පෙරේරා මහතා වෙත සිදු කෙරුණි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කොහොමද "අළුත් ගුවන් සෙවාවක් " වන්නේ ?? 1968 වසරෙදී මා කොළඹ විශ්වවිද්‍යාලයේ Médical පීඨයේ සෙවය කල කාලයෙ අපට ලැබුන නිදහස් ගමන් වාර බලපත්‍ර (warrents) උපයෝගී කරගනිමින්, යාල්දේවී දුම්රියෙන් යාපනයට ගොස් එහි කෙටි සංචාරයක් කර, Air Lanka රූං පෙති ගුවන් යානාවකින් ආපසු රත්මලානට පැමිණියෙමි. ඉතින් කියන්නකෝ මෙක කොහොමද අළුත් ගුවන් සෙවාවක් වන්නේ කියා ! හැබැයි ඉතින් ඒ දිනවල තිබුනේ... පලාලි ගුවන්තොටපොල... අද ඒකට ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියා බොඩ් ලෑල්ලක් එල්ලපු නිසාද මෙම වෙනස ඇති කරෙ ?