IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කෝටි 15ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් කොටුවෙයි

(රොමේෂ් මධූෂංක)

යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී සහ පොලිගන්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 513 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

යාපනය දිස්ත්‍රික් පොලිස් විසමත්ද්‍රව්‍ය නිවාරන ඒකකය විසින් ලැබුණු තොරතුරකට අනුව පොන්නාලෙයි රක්ෂිත ප්‍රදේශයක ඊයේ (15) දින  සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජාවරම්කරුවන් පිරිසක් විසින් කේරලගංජා ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවකදී වැටලීමක් සිදුකොට ඇත.

එහිදී ජාවරම් කරුවන් පස් දෙනෙකු පලා ගොස් ඇති අතර එක් අයෙකු සමගින් කේරල ගංජා කිලෝ 293 ග්‍රෑම් 495 ක් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහු වඩුක්කොඩ්ඩෙයි පොලීසියට භර දීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණ වඩුක්කොඩ්ඩෙයි පොලීසිය සිදුකරයි.

මේ අතර යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්ය බලකාය සහ යුදහමුදාව එක්ව ඊයේ (15) දින වඩමාරච්චි පොලිකණ්ඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසියකදී කේරලගංජා කිලෝ 220 ක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉන්දියවේ සිට රැගෙන ඒමේදී මෙලෙස ආරක්ෂක අංශ දැක ජාවාරම් කරුවන් පලා යන්නට ඇති බවට සැකපල කරන අතරම කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසියට භර දීමට පියවර ගෙන තිබුණි.



අදහස් (0)

කෝටි 15ක කේරළ ගංජා සමඟ දෙන්නෙක් කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site