IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පිත්තාශය පිපිරී වෛද්‍යවරයෙක් මරු දකී

(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී මෙසේ මියගොස් ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා වූ දුමින්ද සමන් කුමාර මහතා බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු පසුගිය වසරේ පෙබරවාරි මස සිට වතුපිටිවල රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිට ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මත කොළඹ පෞද්ගලිත රෝහලට ඔහු ඇතුළත් කර ඒ සදහා බයිපාස් සැත්කමක් සිදු කිරීමට සූදානම් කර තිබියදී රෝහලේදී ඔහුගේ පිත්තාශය පිපිරී ඔහු මෙසේ හදිසියේ මියගොස් ඇති බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

මල සිරුර පිළිබදව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අද (11දා) දහවල් පවත්වා ඇත.

කොරතොට පාර, කඩුවෙල පදිංචිව සිට ඇති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා මියයනවිට 49 වැනි වියෙහි පසුවිය. ඔහු දෙදරු පියෙකු වේ.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා සැලසුම් කර තිබියදී ඔහු මෙසේ මියගිය බව රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය පැවසීය.

 



අදහස් (15)

පිත්තාශය පිපිරී වෛද්‍යවරයෙක් මරු දකී

maalaka Thursday, 12 June 2025 07:13 AM

ඉතාම කනගාටුදායක ආරංචියක්

:       4       39

NASAR Thursday, 12 June 2025 07:55 AM

නිවන් සුව ලැබේවා

:       1       39

Senarath Thursday, 12 June 2025 08:41 AM

එතුමාට නිවන් සුව අත් වේවා

:       1       61

මහසෙන් Thursday, 12 June 2025 09:13 AM

කරුමේ කිම වදවෙන මල් සදිසි මිනිස්සු!!! ඔබතුමාගේ භව ගමන සුවපත් වේවා!!!

:       3       53

රම්බොඩ Thursday, 12 June 2025 09:30 AM

එතුමාට බලාපොරොත්තු වූ කුසළය සම්පූර්ණ කර ගැනීමට පෙර ගෙනා ආයූ ඉවර වුණද , කුසල් සිත සුගතියකට ගෙන ගොස් ඇතැයි සිතමි.

:       1       64

m. saman perera Thursday, 12 June 2025 01:28 PM

හිත හොඳ හැමෝම ඉක්මනින් නික්ම යනවා, ඔබට නිවන් සුව වෛද්‍යතුමනි.

:       0       44

ගමේ එකාලා Thursday, 12 June 2025 01:53 PM

අදහන්ඩ වටින දෙවියෙක් වගේ දොස්තර කෙනෙක්.හරිම කණගාටුදායකයි .අමාමහ නිවන්සුව ලැබේවා .

:       0       33

Raj Thursday, 12 June 2025 03:41 PM

අඩු වයසෙන් මිනිසුන්ට යන්න වෙනවා.. හදිසියේ හටගත් තත්ත්වයක්.... වගකිවයුත්ත කවුද?

:       3       16

මහින්ද Thursday, 12 June 2025 04:42 PM

නිවන් සුව ලැබේවා.

:       0       30

N.M Wijethunga Thursday, 12 June 2025 04:45 PM

නිවන් සුව ලැබ්වා.!

:       1       32

සිරිමාල් වීරතුංග Thursday, 12 June 2025 06:49 PM

මගේ නැන්දම්මාගේ ඇස් වලටත් ඇස් වලටත් ප්‍රතිකාර කල එතුමාටත් නිවන් සුව ලැබේවා.

:       0       14

Leslie thamel Thursday, 12 June 2025 10:23 PM

දුකයි

:       0       13

චන්ද්‍රිකා ප්‍රියදර්ශනී Saturday, 14 June 2025 05:40 AM

නිවන් සුව ලැබේවා...!

:       0       12

Ivan Wednesday, 18 June 2025 07:23 AM

මෙම මරණය වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවී ඇති අතර, මෙම වෛද්‍යවරයාට හෘද රෝගයක් හෝ පිත්තාශයේ ආසාදනයක් තිබේද, මගේ දැනුමේ හැටියට පිත්තාශය කැඩී යාම ආසාදනයක් සමඟ සිදු වේ.

:       0       2

සකියමThursday, 26 June 2025 08:12 PM

අයිවන් දොස්තර මහත්තයා කියන එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site