
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු විසින් ගුවන් තොටුපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම පැමිණිල්ල රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස සටහන් කර සැකකරු වැල්ලවත්ත 33 වන පටු මඟ ලැගුම්හලක කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසත්‍ය ප්‍රචාර කරන අයට විරුද්ධව තදින් ක්‍රියා කරන්න . සමාජයේ මෙවැනි ක්‍රියා ඉහළ ගොස් ඇති බව (විශේෂයෙන් බලය ගිලුහුණු හා ඔවුන්ගෙන් යැපෙන අය) දිනපතා පුවත් වලින් පෙනේ . රට ගිනි තැබීමට හා ජීවිත විනාශයට මෙය එක් හේතුවක්.
මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් සොයා බැලුවොත් හොඳයි. මොකද අපේ රටේ එහෙම රපොර්තු ලැබිලාත් පියවරක් නොගත්තු පොලිස් ලොක්කෙක් මහා විනාශයක් වුනාටත් පස්සේත් නිරුප්‍රදිතව තනතුරේ වැජඹෙනවා