(අංජුල මහික වීරරත්න)
2024 යල කන්නයට අදාල සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
2024- 2025 මහ කන්නයේ වගා හානි අභියාචනා වශයෙන් ලද රක්ෂණ වන්දි සුළු ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ යැයිද එම වන්දි මුදල්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
එයට අමතරව 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් ගංවතුර, නියඟ, වන අලි හානියන්ට ලක් වූ වගාවන් පවතී නම් එම වගාවන්ටද ජුනි මාසය නිමා වීමට පෙර සියලුම වන්දි ගෙවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
මෙහිදී වී, බඩ ඉරිඟු, ලොකු ලුණු, අර්තාපල්, සෝයා, මිරිස්, යන වගාවන් සඳහා ගොවීන් රක්ෂණය වී නොමැති වුව ද, අක්කර 5ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන බවද රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
එහිදී හෙක්ටයාරයකට රුපියල් 100000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම නියමිත අතර 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ වර්ෂාව හේතුවෙන් වූ වගා හානි සඳහා ගොවීන් 53511 දෙනෙකුට අක්කර 61071ක් සඳහා රුපියල් මිලියන 951ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගෙවා අවසන් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගිය වසරේ වගා හානි වන්දි සියල්ල ගෙවා අවසන් කරයි