විනීතා එම් ගමගේ
මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. අද (07) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත් එම නිලධාරියා පැවැසීය.
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ සහ නිවැරදි පියවරක්. ජාතිවාදය පමණක් නොව බොහෝ පවුල් අවුල්, පෙම් පලහිලවූ, ඇතිවන්නේත් සමාජ ජාල පරිහරණය ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට දැනීමක් සහ ස්වයං විනයක් නැතිකම නිසායි. චීනය මුහුණු පොත සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත්තේ ඒ නිසයි
දැන්ද මතක් උනේ...........
කරුනාකර ලංකාවේ ඕපාදූප අඩවි සහ එලකිරි අඩවිය නවත්න්න.
අගමැතිගේ විශ්වාසභංගය යට ගහන්න කියාපු නාඩගම. ඕකෙන් නම් එයාව ගෙදර යවන එක නවත්තන්න බැරි වෙයි.
කවුරු බලයට පත්වුවත් ඉතා හොද රටට හිතකර වැඩපිළිවලක් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශ ගත ශ්‍රී ලාංකිකයි පවා ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති විදේශ රටවල පුරවැසි භාවය ලබා ඇති උනත් නීතිය කඩකරනවා නම් රටේ අනාගතය වෙනුවෙන් නීතිමය පියවර ගන්න පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනයකර වැරදි කරුවන් අධිකරණයට පමුණුවන්න තරාතිරම නොබලා එවිට අපේ රටේ සියලු ජාතින් අතර එකමුතුව සමගිය හා සාමය උදාවෙනු ඇත .
අඩන්න ඉන්න එකාගේ ඇහැට ඇගිල්ලෙන් අන්න වගේ වෙලා තියෙන්නේ.
අන්තර්ජාලය වගේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ජාලයත් පාලනය කලයුතුයි.
කියලවත් කරගන්න බැරුව තිබුණ දෙයක්. ඕක මහා පිළිකාවක්. හොඳ දේට වඩා මිනිස්සු පාවිච්චි කරන්නේ නරක දේ වපුරවන්ඩ. බොරු ෆේස්බූක් පිටු ඔක්කොම බ්ලොක් කරන්න ඕනේ
අතීසාරයට(බඩේ අමාරුවට) අබුඩය ගැසීමක්.
මේ මොන විහිලුවක්ද? අතීසාරෙට අමුඩේ ගහනවා කියන්න මේ වගේ අමනොඥ වැඩ වලට.
හැම දේටම ඔයාගේ දේශපාලන උවමනාවන් ගාව ගන්න එපා . අපි හැමෝම රටක් වශයෙන් දුක් වියයුතු මෝහතක්
බොහෝ සමාජ ජාල පල කිරීම් , ජාතින් අතර සමගියට විරුද්ධයි . එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනා කම නොදන්නා පිරිස් , දේශ ප්‍රේමයේ මුවාවෙන් එකාධිපතිත්වයකට රට ගෙන යාමේ උවමනාවෙන් ප්‍රචාරණයේ යෙදෙනවා . මේවා බොහෝ අය ඉතා කැමැත්තෙන් කියවා පිලි ගන්නවා . අනාගතය අදට වඩා හුඟක් අඳුරුයි.
හොදයි එහෙත් මෙවැනි ජාල වලට පිවිසීම අවහිර කරහොත් තවත් ගැටුම් උත්සන්න විය හැකියි.....
මේ මුහුණු පොත ඇත්තටම ලෝකයට ව්‍යසනයක් වී හමාරයි. අද තරුණ පරපුර ජිවත් වෙන්නේ සින්තටික් ලෝකයක. ඔවුන්ගේ සියලුම බැඳීම් පවතින්නේ සයිබර් අවකාශයේ පමණයි. මුහුණු පොතෙන් පමණක් අසල්වැසියා හඳුනන අය කොහොමද අසල්වැසියාට ප්‍රේම කරන්නේ? ජිවිතයේ ප්‍රායෝගිකත්වය නොදන්නා පරපුරක් බිහිවෙමින් පවතිනවා. ඒ වගේම මිනිස් ශ්‍රමයේ ඵලදායිතාව විශාල ලෙස පහත වැටෙමින් පවතිනවා.
හොඳ වැඩක්. මාද්‍ය වෙබ් අඩවි තහනම් කරන්න පුලුවන්නම් ඇයි මුහුණු පොත තහනම් කරන්න බැරි. යහපත් දෙයකට ඕක පාවිච්චි කරන්නේ බොහොම සුළු පිරිසක්.
සමාජයේ නුගත් භාවය, නීතිගරුක නැති බව ,නැතිකරන්නේ නැතුව ආකල්පමය වෙනස ඇති නොකර ඒ වෙනුවට සමාජ ජාල මුණු පොත් වහනවා , ඕකමනේ ඉරානයේත් වෙන්නේ.
විස්වාසභංග කියන තරම් සැර නෑ ඵකාබද්ධය පස්ස බිම අැනගෙන නිහඩ වෙනවා
ඉතා නිවැරදි තීරණයක් සමහර උගතුන් පවා මෙහි ඇති සියලුම දෑ සත්‍ය බව විශ්වාස කරයි. කාලය කාදමන තම පෞද්ගලික තොරතුරු අනවශ්‍ය ලෙස අන් අයට හෙලි කරන සෝබන නාඩගමකි.
මම හිතනවා මේක ඉතාම වැරදි තීරණයක් කියල. 1983 කලබල උනේ සමාජ ජාල තිබිලද?
වෙබ් අඩවි නවත්වල පුලුවන්ද මේවා නවත්වන්න ....
මේක සිංහල විතරක් නෙමෙයි, දෙමළ සහ අරාබි භාෂාවලින් සිදුවන ප්‍රචරයන්ටත් ක්‍රියාත්මක විය යුතුයි. රහසිගතව සිදුවන එවැනි යාන්ත්‍රණ වඩාත් ප්‍රභල සහ භයානක මතවාද මුළු රට පුරාමත්, ලෝකයේ අනිත් රටවලටත් ක්‍රියාත්මකයි.
ලංකාව ඇතුලේ රජය,විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අදාළ තාක්ෂණික ආයතන එකතු වෙලා වැඩපිළිවෙළක් දියත් කළා නම් හොඳ නැද්ද වෙබ් සයිට් සම්බන්ධව vote කරන්න ක්‍රමවේදයක් එතකොට මිනිස්සු තෝරලදේවි කාලීනව අත්‍යවශ්‍ය සහ අනවශ්‍ය දේවල් මොනවද කියලා. ප්‍රමුඛතා පිළිවෙලක් හදලා මිනිසුන්ගේ අඩු ම කැමැත්ත තියෙන ඒවා තහනම් කරන්න. සයිබර් අවකාශයේත් මිනිසුන්ට හිතකර පරිසරයක් හදන්න එතකොට පුළුවන් වේවි.
ඉන්ටර්නෙට් ස්ලෝකරනවා මිසක් ෆේස්බුක් තහනම් කරලා නැහැ.. නූගත් මිනිස්සු උඩදාගෙන කෑගැහුවට ෆේස්බුක් එක නැත්නම් ආණ්ඩුව මිනිසුන්ව ගොනාට අන්දනකන් දන්නේ නැති වෙලා ගොඩක් කල්...
ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීම සිමා කරලා මොකක්ද නටන්න හදන නාඩගම ... අතුරුදන් කාර්යාල පනත, රාජ්‍ය ආයතන විකිණීම , මහනුවරට විතරක් නෙවෙයි කොළොඹත් ඉන්ටෙර්නෙට් නෑ
කරුනාකර ලංකාවේ ඕපාදූප අඩවි සියලු සමාජ මාධ්‍ය නවත්වන්න.
ආණ්ඩුවට මෙලෝ දෙයක් කර ගන්න බැරිව ඉන්නේ. එකයි හැමදෙයක්ම නවත්වන්න හදන්නේ.
එෆ්.බී. දිගටම තහනම් කරමු. අන්තර් ජාලයෙන් ලංකාවට විදේශ විනිමය ගෙන්නන අය ගොඩක් ඉන්නවා. එ්කනිසා යූ ටියුබ් ඇතුළු අනෙකුත් පහසුකම් එලෙසම පවත්වාගෙන යන්න.
අන්තර්ජාලය පාවිචි කරන්නේ හරිම මෝඩ විදියට , මේ හැම දේටම මුල පොස්ට් වෙන හැම දේම ශෙයා කරලා රට තුල හරි තත්වය ගැන දන්නැතිව ,ආගම බේදය ,ජාති බෙදයි මුල් කර ,ඔක්කොම ඕපාදුප ටික ශෙයා කරගන්නයි මෝඩ විදියට හැසිරෙන්නේ ලංකාවේ මිනිස්සු තමයි වෙන රටවල් මිනිස්සු ජාලය පාවිචි කරන්නේ යහළුවන් අතරේ සුහදතාවය පවත්වා ගෙන යන්නයි , අලුත් දේ සොයා ගන්නයි ,තවත් දේ අගය කිරීමටයි. ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ ....
face book තහනම් කිරීම නෙමේ කරන්න ඕනේ , තමන් බුද්දීමත්ව ඒවා පාවිච්චි කිරීමයි . දියුණු රටවල සමාජ ජාල නිසා මිනිස්සු මැරෙන්නේ නැහැ , ලංකාවේ අමාරුවේ වැටෙන්නේ නොදන්නා කම නිසයි
මේ සියවසේ අරගත් මොඩම තීරණය...................
සියවසේ මහා විහිලුව
මුහුණු පොත හරියට පාවිච්චි කිරීම තමන්ගේ වැඩක්. සමහර අය තම දුවගේ වැඩිවිය සිට විවාහය දක්වා මුහුණු පොතේ දමාගෙන විනාශ වුණාට අනෙක් මිනිස්සු මොනවා කරන්නද? අතීසාරයට අමුඩයක් නෙවෙයි නැපියක් අන්දවන්න හදන්නේ...
ට්විට්ටේර් එකත් බ්ලොක් කරන්න හෑෂ් ටැග් ගහලා ලංකාව ගැන වැරදි මතයක් හදන්න උත්සහ කරනවා.
Face Book එකේ ඉන්නා හොද අයගේ හිත් නොරිදේවා. ඇත්තෙන්ම මෙයට පාලනයක් තිබීම හොදයි. සමහර දෙනාගේ අසංවර බස, කුණුහරුප භාවිතය ,විවේචනය වෙනුවට හෙළාදැකීම, උපහාසය වෙනුවට අපහාස කිරීම, බොරුකීම හා කටකතා පැතිරවීම ආදියට වැට දිය යුතුය. එය රටෙහි යහපත සඳහාය.
TWITTER එක තාමත් බ්ලොක් නැහැ
ඒ වැඩේ නම් ගොඩක් හොඳයි.
කළ යුතු වන්නේ සමාජ ජාලා වෙබ් අඩවි පාලනය නොව මෙම ඇතිවී ඇති තත්වය පාලනය කිරීමයි. දින දෙකකට වඩා කල් ගතවී ඇතත් රජයට මෙම තත්වය පාලනය කිරීමට නොහැකිද යන්න පිලිබඳව ඇත්තේ සැකයකි. මක්නිසාද මේ රටේ පොලීසිය, කැරලි මර්දන ඒකකය, හමුදාව සියල්ල අැත. මෙවන් සාමාන්‍ය මිනිසුන් පාලනය කිරීම නොහැකි වීම විහිළුවකි. මක්නිසාද මේ රටේ උද්ඝෝෂණ පැයෙන් දෙකෙන් මර්ධනය කිරීමට මේ අයට හැකිය. ගතයුතු ක්‍රියාමාර්ග නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් ජාතිවාදී ලේබල් අලවමින් සිටියාට වැඩක් නැත. මේ රටේ තොරතුරු දැනගැනීමේ පනතද සම්මත වී ඇත. ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලින් සිදුවන්නේ කට කතා පැතිරවීම පමණක් නොවේ. එසේ පවසනවා නම් එය නොදැනුවත්කමයි. මෙහි විවිධ බුද්ධිමය සංවාද සිදුවන තැනකි. යම් එක් කණ්ඩායමක් කරන එක් වරදක් නිසා මේ සියලු දෙනාගේම අයිතිවාසිකම් අහිමි කිරීම සදාචාර සම්පන්න නොවේ.
අතීසාරයට අමුඩයද? හිස රැදාවට කොට්ටය වෙනස් කිරීමද කෙතරම් වටිනේද? ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සැකය සහ නොහැකියාව පෙන්නුම් කිරීමකි.. ආණ්ඩුවක් නිවැරදිව කටයුතු කරනවා නම් සමාජ ජාලා වලින් ආණ්ඩුව වට්ටන්න බැහැ... ඒවා ඒ අය කියන තරමට ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇතිකරමින් බේගල් පතුරුවනවා නම් එයාලා බලයට එන්න කලින් මහ ෆේස් බුක් මෙහෙයුම කෙතරම් රටට හානියක් කළාද කියලා එයාලම දැනගත යුතුයි. මේ මොකක් බ්ලොක් කළත් මේ අමන ආණ්ඩුවට ආයුෂ අඩු කිරිමේ ජනතා අවශ්‍යතාවය නිමා නොවන බව සිහිතබා ගතයුතුයි.
මේ රටට අවංක ,බුද්ධිමත් ,පාලකයන් අවබෝධයකින් ක්‍රියාත්මක වන පාලකයින් සහ පාලනයක් අවශ්‍යයයි.වෛරී පාලකයින් රජකරන වකවානුවකයි අද රට තියෙන්නේ.කිසිම ගුණාත්මක බවක් නැහැ.පොඩ්ඩ ඇත්නම් වාරණ පනවා තම බොළඳ වෛරය සංසිඳුවා ගන්න, දොලා ගැන කතා කර ගමන පයින් යන දේශනා මහා ලොකුවට කර කිසිම ක්‍රියාකාරීත්වයක් පලිගැනීම පමණක් තම න්‍යාය කරගත් නායකයින් සිටින රටක අසරණව මිනිසුන් ලෙස ජීවත් වෙන්න අද ලාංකික ජනතාවට සිදු වෙලා තියෙන්නේ. සමාජ ජාලා වෙබ් අඩවි වල හරාත්මක පැත්තකුත්,එසේ නොවන පැත්තකුත් තියනවා.මිනිසුන් භාරගන්න විධිය අනුවයි එය වෙනස් වෙන්නේ.
අම්මාපා රට හිනස්සන වැඩ නිසා අද තාක්ෂනික විප්ලවය සමාජය හදුනාගත් ආකාරය වැරදි මිස සමාජ ජාල වල වරදක් නැත. ආරම්භය පාලනයක් රහිත වු නිසා වත්මනේදි භයංකර තත්වයක් ඇතිවි ඇත. උපත හා විපත අතර සියල්ල පිටු අතර පළ කිරිමට යෑම තුල අනිසි තත්ත්වයන් නිර්මාණය වී ඇත.
එෆ්.බී බ්ලොක් කළා කියලා මේ ගැටුම නවතින්නේ නෑනේ.. නීතිය හරියට ක්‍රියත්මක කරලා නීති කඩන ජාතිවාදය අවුස්සන අයට දැඩි දඬුවම් දෙන්න.