
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකා තුනකට ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකන් ගුවන් හමුදාව ඉරානයට පහර දුන්නේය.
ඇමෙරිකන් හමුදාව පැවැසුවේ, ඉරානයේ ඉලක්ක 80 කට ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එම ඉලක්ක 80 අතරේ, විප්ලවීය හමුදාවට අයත් කුඩා නාවික යාත්‍රා 60 ක් ඊට ඇතුළත් බවත්ය.
ඇමෙරිකාවත් ඉරානයත් මේ වනවිට අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමට අනුව, දෙපාර්ශ්වය අතරේ ඇති ගැටුම් අවසන් කර සාම වැඩපිළිවෙළකට යෑමට දින 60 ක කාලයක් හිමිවෙයි.
ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා නගා ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදාව ඉරානයේ ඉලක්කවලට පහර දීම එම අවබෝධතා ගිවිසුම උල්ලංගනය කිරීමක් බවය.
ඇමෙරිකන් ගුවන් හමුදාව, දකුණු ඉරානයට අයත් කෂීම් දූපතේ ඉලක්කවලටත්, බන්ඩාර් අබ්බාස් සහ සර්රික් යන ප්‍රදේශවල ඉලක්කවලටත් ප්‍රහාර එල්ල කළේ යැයි පැවැසෙයි.
ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටියත්, ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සම්බාධක ඉවත් කිරීමේ අදහස අත්හැර දැමුණු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd