IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුටින්ට විශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි.

රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.

(අල් ජසීරා)



අදහස් (6)

පුටින්ට විශිෂ්ට ජයක්

ස්ටාලින් Monday, 18 March 2024 06:17 AM

විපක්ෂයේ නායකයො මරාගෙන ඡන්දය තියල ජයග්‍රහණය ලැබුනා කියන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට පමණයි .ලබාගෙන තියෙන්නෙ ජයක් කියන්නෙ කොහොමද

:       15       16

බද්රානි Monday, 18 March 2024 06:49 AM

ඒ අස්සේ ලෙන්ස්කිට සහලෝලා උණලු, දෙකොනෙන්ම යනවාලු. පව් දෙයියනේ...!

:       5       10

ලුම්බිණි Monday, 18 March 2024 09:53 AM

විපක්ෂ අපේක්ෂකයකු උන්නේ නැත්තේ මොකද කියල කවුරුත් දන්නවා නේ.

:       8       21

Ananda Monday, 18 March 2024 01:20 PM

විපක්ෂයේ අපේක්ෂකත්වය මැරුවනේ. ලංකාවේ ජේ.ආර්, ප්‍රේමදාසගේ කාලේ කළේත් ඕකමනේ...

:       6       14

Piyasena de Silva Monday, 18 March 2024 06:03 PM

ජේ.ආර් ප්‍රේමදාස කාලයේ කිව්වාට චන්ද්‍රිකා අගමැති වෙලා ජනාධිපතිවරණය කරද්දී තමයි ලංකාවේ විපක්ෂයේ නායක ගාමිණී මැතිතුමා බෝම්බ ගහලා මරාදැමීමට කටයුතු කලේ, කොහොම වුණත් 1988/89 කාලයේ ජෙප්පෝ කියලා කිව්වාට එජාපයේ ගම් මට්ටමේ සාමාජිකයින් මරාදැමීමට කටයුතු කළේ ඒකාලේ හිටපු විපක්ෂයේ පිරිස් තමයි. ඒක ජෙප්පො පිට පැටවුනේ උන්දැලා ඒවා ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා තමයි. මම එහෙම කිව්වේ අපේ සේවා ස්ථානයේ සිටි සමහරක් පිරිස් කටයුතු කළ ආකාරය දැකලා තිබුණු නිසා තමයි...

:       4       9

19710405 Tuesday, 19 March 2024 05:38 AM

ඔහොම ඒවාට තමයි ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා කියන්නේ. රුසියාවේ තිබුණේ ඡන්දයක් නොවෙයි... එක මිනිහෙකුට ඡන්දයක් කියන්නේ මුදල් නාස්තියක් විතරයි. මාලිමාව යම්විදියකින් දිනුවොත් අපේ රටේ වෙන්නත් ඕකම තමා. බලාගෙන ඉන්න එහෙම වෙන්නේ නැද්ද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site