සුජිත් හේවාජුලිගේ
ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් තම වේදිකාවලට නංවා ගැනීමේ තරගකාරී වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විසින් ආරම්භ කරනු ලැබ ඇත.
මේ අනුව රජයේ හිටපු උසස් නිලධාරීන් රැසක් එම පක්ෂ වටා දැනටමත් ඒකරාශී වී සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම රජයේ හිටපු උසස් නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් දැනටමත් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි ද දැනගන්නට ඇත. මෙවැනි පිරිස් සිය වේදිකාවලට නංවා ගැනීමෙන් ජන බලය පුළුල් කරගැනීමට ඉඩකඩ සැලසෙනු ඇතැයි එම පක්ෂවල නායකයෝ විශ්වාස කරති.
මේ අතර පසුගිය දා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ ඉදිරි මහ මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවක ලෙස තෝරා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ. ඒ ගැන සලකා බලාගෙන යන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට