IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හමුවීමට රන්ජන් වේලාවක් වෙන්කරගනී

දිවයින පුරා සිටින වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක දී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට වෙලාවක් වෙන් කර ගත් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියයි.

වැඩ වර්ජනය හේතුවෙන් අද (5 වැනිදා) පෞද්ගලික වෛද්‍ය ආයතනවල සේවය නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනෙකුත් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති නමුත් එහි සභාපතිවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානකදී හමුවී ප්‍රතිකාර ගැනීමට අද වෙලාව වෙන්කරවාගත හැකිවූ බව ද රාමනායක මහතා පවසයි.

අද සවස 4.05ට පාදෙනිය මහතා හමුවීමට වෙලාව ලැබුණු බව ද, ඒ සඳහා ගාස්තු ලෙස රුපියල් 1925ක් තමා ගෙවු බව ද රාමනායක මහතා ප්‍රකාශ කරයි.

රංජන් රාමනායක මහතා අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට අවස්ථාව ලබාගෙන ඇත්තේ පෙරදින රාත්‍රියේය. මේ ගැන කළ විමසීමකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙලෙස ද කීවේය.

‘‘අද මම පෞද්ගලික රෝහල්වල වැඩ කරන්නේ නෑ. ඕනෑම කෙනකුට ඉදිරි කාලයේ මා හමුවෙන්න අවස්ථාවක් පෞද්ගලික රෝහලෙන් ගන්න පුළුවන්. මම එදාට යන්නේ නැතිනම් ඊට කලින් දවසේ දැනුම් දෙනවා. මම ඊයේ දැනුම් දුන්නා මම අද නොපැමිණෙන බව. නමුත් රෝහලෙන් එය ප්‍රසිද්ධ කර ඇත්තේ අද උදේ. දැන් ඒ රෝගීන්ට දැනුම් දීලා ඇති එන්නේ නැහැ කියලා‘‘

‘‘අනික මම සේවය කරන්නේ ළමා රෝහලේ. වැඩ වර්ජන වලදි ළමා රෝහල සම්බන්ධ වෙන්නේ නෑ. අදත් මම උදේ ළමා රෝහල් සායනයේ රෝගීන් 100ක් විතර පරීක්ෂා කළා. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් පේන්නේ දේශපාලන උන්මන්තක බවයි. අනික මම කොහෙද යන්නේ කියන දෙයින් කාටවත් වැඩක් වේන්නේ නැහැනේ.‘‘



අදහස් (43)

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හමුවීමට රන්ජන් වේලාවක් වෙන්කරගනී

saman Friday, 05 May 2017 08:39 AM

රන්ජන් ඇමතිතුමා වැරදි දොස්තර කෙනෙක් චැනල් කරලා තියෙන්නේ. එතුමා බෙහෙත් ගන්න ඕනේ දොස්තරලා අද වර්ජනය කරන්නේ නැනේ.

:       279       246

nilmini Friday, 05 May 2017 08:42 AM

මේ උදවියට ලෙඩ්ඩු එලව එලවා ගහන දවස ඈතක නෙවේ.

:       1258       1388

d.upul Friday, 05 May 2017 08:43 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රාජකාරි වෙලාවෙදිත් පුද්ගලික ප්‍රතිකාර කරන බොහෝ විශේෂඥයෝ රටේ ජනතාවගෙන්ම පාඩමක් ඉගෙන ගත්තනම් හොඳයි.

:       12       274

AnjanaSunday, 07 May 2017 06:23 AM

මං මේ නිකමට කියන්නෙ... නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තනම් හම්බ කරන එක තහනම් කරන්න ඕනෙයි කියන අය පොඩ්ඩක් නීතීඥ මහත්තයෙකුට කියල බලන්නකෝ "මචන් ඔයා අපේ සල්ලි වලින්නේ ඉගෙන ගත්තෙ, මගේ නඩුව නිකන් කතා කරන්න" කියලා...

:       0       21

aravinda Friday, 05 May 2017 08:51 AM

මොන වර්ජනේ තිබුණත් චැනල් කඩේ ඇරලා. වර්ජන ඔක්කොම දුප්පත් මිනිස්සු යන රජයේ ඉස්පිරිතාල වලට විතරයි!

:       18       176

රොමේෂ් Friday, 05 May 2017 08:54 AM

මේ සැරේනම් ගැලපෙනම දොස්තරතමයි තෝරාගෙන තියෙන්නේ. "ළමා රෝග විශේෂඥ වෛද්‍ය". දැන්වත් තේරුම්ගත්ත එක හොඳයි තමන් තවමත් ලාමකයි කියලා. ඇඟේ තරමට මොළෙත් තිබ්බනම් හොඳ ඇමති කෙනෙක් වෙන්න තිබුණා. කොහොම නමුත් ඉන්න කට්ටිය එක්ක බලද්දී රන්ජන් තාමත් ටිකක් විතර ඉස්සරහින් ඉන්නවා.

:       528       347

ravin Friday, 05 May 2017 08:58 AM

සල්ලි වලට ස්ට්‍රයික් කළේ කවදාද?

:       5       42

සෙනෙවි Saturday, 06 May 2017 12:05 PM

පාදෙණිය හමුවෙන්නෙ මොකටද? ලොක්කව හමු වුණා නං වස්තියක් කරල ලෙඩේ හොඳ කරනවනේ...

:       0       72

andare Friday, 05 May 2017 08:58 AM

ඇමතිතුමා හැමදාම අල්ලගන්නේ වැරදි තැනින්. පාදෙණිය වෛද්‍යතුමා ළමා රෝග විශේෂඥයෙක්. එතුමාව චැනල් කලේ ඔබතුමා ළදරුවෙක් හින්දද..?

:       187       100

PAMBAYASaturday, 06 May 2017 06:00 AM

මේ කියන්නේ පුද්ගලික රෝහල්වලට සල්ලි වලට යනවා කියන එක මිසක් ඇමති යනවා කියන එක නෙමෙයි..

:       13       10

chanakya Friday, 05 May 2017 09:10 AM

කොහෙදයන සයිටම් එකක් අල්ලාගෙන මේ අහිංසක මිනිස්සුන්ගෙන් පළිගන්නෙ... මනුස්සකම කොහේ ගිහින්ද?

:       54       121

hemantha Friday, 05 May 2017 09:23 AM

එතුමාට රන්ජන් වගේ අයටත් බෙහෙත් දෙන්න පුළුවන්. එතුමා විශේෂඥයෙක්.

:       52       46

Rosheen Friday, 05 May 2017 09:52 AM

පුදුමත් හිතෙනවා මෙතන තියෙන කමෙන්ට් දැක්කාම. සරලව රන්ජන් මහත්තයා පෙන්වාදෙනවා. වර්ජනය කළාට පුද්ගලික වැඩ නවත්තලා නෑ කියලා. වර්ජනයේ පටු අරමුණ පෙන්වනවා. අපේ අය හදවත පෙන්නුවාම ඇඟිල්ල බලන අය කියලා ආයිමත් ඔප්පු කරනවා. කල්පනා කරලා බලන්න. මිනිස්සුන්ගෙන් පඩි අරන් මිනිස්සුන්ටම කරන අසාධාරණ ගැන...

:       92       155

LakviduWednesday, 10 May 2017 06:53 AM

වර්ජනය ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව මිස තමන්ට එරෙහිව නොවේ. තමුන්ගේ පවුලට විරුද්ධව වර්ජනේ කරන දාට පුද්ගලික රෝහල්වල නැවැත්වුවට කමක් නැහැ.

:       0       0

වීර Friday, 05 May 2017 09:57 AM

අපි දොස්තරලා නෙමෙයි. අපි අසනීපවලට බෙහෙත් ගන්න සාමාන්‍ය ජනතාව. ඔය මොන මෙඩිකල් කොලෙජ් එකෙන් එන දොස්තර වුණත් බෙහෙත් දීලා අපිට ප්‍රශ්නයක් වුණොත්.... අපි ඔය දොස්තරලාට කලින් නැගිටිනවා. මොන මෙඩිකල් කොලේජ් එකට විරුද්ධව හරි. ඔය පුද්ගලික රෝහල් වහන්න කියලා... චැනල් සේවාව නතර කරන්න කියලා උද්ඝෝෂණය කරන් නැද්ද? ඒවා නිසා සෞඛ්‍යය සේවය පිරිහෙන්නේ නැද්ද? රජයේ රෝහල්වලටයි මහජනතාවටයි ප්‍රශ්න වෙන්නේ නැද්ද? අපේ සල්ලි වලින් නේද ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ.... අමතක වුණාද බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ව...?

:       41       59

ranjan Friday, 05 May 2017 10:00 AM

බොරු කීම කලාවක් නම් එහි පිකාසෝ රන්ජන් බව මෙම ප්‍රවෘතියෙන් ඔප්පු කරන ලදී...

:       605       741

ruwan Friday, 05 May 2017 10:03 AM

මෙතන ප්‍රශ්නය එතුමා අදට ලබාගත් සල්ලිවලට වගේම හෙටත් එක්කම දෙගුණයක් ... මල්ල ලොකු කර ගන්න එකයි. එහෙම නැතුව රන්ජන් බෙහෙත් ගන්න ඕනේ කාගෙන්ද කියන ප්‍රශ්නය නොවෙයි.... එ්ක නිසා වැඩිය කතා නොකර හිටියෝතින් තමයි හොඳ.

:       10       145

de silva berlin Friday, 05 May 2017 10:07 AM

නිල්මිණීගේ කතාව මමත් අනුමත කරනවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නැහැ කියමින් රජයේ රෝහල් වර්ජනය කළොත් දුප්පත් මිනිස්සු අමාරුවේ.... පුද්ගලික රෝහල්, පුද්ගලික බෙහෙත් සායන වල මුදලට බෙහෙත් දෙන දොස්තරලව ඉවත් කරන දවස වැඩි ඈතක නොවේ....

:       6       102

susantha Friday, 05 May 2017 10:29 AM

නිවැරදි දොස්තර කෙනෙක් නෙවෙයි චැනල් කරලා තියෙන්නේ... කොහොමත්, පශු වෛද්‍ය කෙනෙක්වනේ චැනල් කරගන්න තිබුනේ... අනිත් කාරණේ, කිසිඳු වර්ජනයකදී සායන, රෝහලේ ඇතුලත් වී සිටින අයගේ ප්‍රතිකාර, හදිසි ප්‍රතිකාර නවත්වන්නේ නැහැ. නවත්වන්නේ බාහිර රෝගී ප්‍රතිකාර විතරයි. මේ දේශපාලකයෝ හදන්නේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හැමදාම හැමවෙලාවෙම හැම දේකදිම කරනවා වගේ....

:       195       237

Anil Friday, 05 May 2017 10:33 AM

ළමා රෝග වෛද්‍යවරයෙකුටවත් පෙන්නලා බලවගත්තනම් හොඳයි. මොකද මොලේ තාම වැඩිහිටි කෙනෙක්ගේ තරමට වැඩිලා නැති නිසා. අනේ පාදෙණිය වෛද්‍යතුමනි, ඔන්න ඔය ළමා වියේ ඉන්න අයට මොකක්හරි බෙහෙතක් බලල දෙන්න දැන්වත් පුර්ණ ළමාවිය සංවර්ධිත අවස්ථාවටවත් හදල ගන්න පුලුවන්ද බලන්න...

:       181       197

badrani Friday, 05 May 2017 11:09 AM

රන්ජන් මහත්තයෝ ඕවා ගැන කතා කරන්න යන්න එපා. ඔබතුමාට අසනීපයක් උනොත්, මුදල් ගෙවල බෙහෙත් ගන්න ඕනා තරම් පෞද්ගලික රෝහල් තියනවනේ. බස් හා දුම්රිය නැත්නම් තමන්ගේ වාහනයක යන්න පින තියනවනේ. ඉතින් මොනවටද ඕවා ගැන වැඩ වෙන්නේ? පිනක් දහමක් කර ගන්න ඕනා නම්, මුදලක් වියදම් කරලා දන්සලක් දෙන්න. ඒකට කාරුණිකව ඉඩ දෙන්න. මම නම් කියන්නේ අර සයිටම් එකේ ඉගෙන ගත්තු ළමයි වත් කොහේ හරි පිටරට තියන විශ්ව විද්‍යාලයකට අනුයුක්ත කරලා ඒ අයවත් මේ රටින් පිටවෙන්න උදව් කරන්න.

:       8       5

piyal Friday, 05 May 2017 11:27 AM

පැහැදිලිව කියන්න ඕනේ කාරණේ නම් සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න අනුමැතිය දීලා මේ ප්‍රශ්ණය ඇති කරන්න මුල්තැන ගෙන කටයුතු කලේ කවුද කියලා සොයා බලන එකයි. දැන් ප්‍රශ්ණය උඩු දුවනකන් ඉඳලා කට හැකරයන් ලෙස කටට ආපු ආපු දේවල් දෙසා බාන දේශපාලකයන් කණ්ඩායම ඔවුනට කුට්ටිය දුන් අය සහ ඔවුනට හුරේ දමමින් දොස්තරලාට බනින එක නිකන් පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ වැඩකි. කරන්න ඕනේ ප්‍රශ්ණේ විසඳන එකයි. සයිටම් කියන්නේ මේ රටේ මුලින්ම ඇති කරන්න ගිය පුද්ගලික වෙද විදුහල නෙවෙයිනේ. ඒ නිසා මෙතන දොස්තරලාට බනින ඒක නෙවේ කරන්න ඕනේ එයාල වැඩ වර්ජන කරන තත්වෙට පත් කරපු අපේ බදු මුදලින් නඩත්තු කරන රටේ පාලකයන්ට හිඟන්නාගේ තුවාලේ වගේ තියා ගන්නේ නැතිව මේ ප්‍රශ්ණය විසඳන ලෙස බල කිරීමයි

:       5       107

sam Friday, 05 May 2017 01:32 PM

පාර්ලිමේන්තු විහිලු

:       49       4

Rajah Friday, 05 May 2017 03:09 PM

කරුණාකර අපි ලියන කරුණුත් මෙහි පලකරන්න. මට පේන විදිහට මේ පත්තරෙත් එක පැත්තකට විතරක් බරයි වගේ. හරිම කණගාටුයි.

:       7       1221

chameera Friday, 05 May 2017 07:03 PM

දොස්තර මහත්වරුනි, මේ අසරණ මිනිසුන්ගෙන් තමන්ගේ පහත් දේශපාලනික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න යන ඔබතුමන්ලාට නම් හොඳක් වෙන්නේ නෑ. සාකච්ඡා කරල, රටේ නීතියට යටත් වෙල, තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උත්සාහ කරන්න. රට පාලනය කරන්නේ දොස්තරලා නෙමෙයිනේ.....තමන්ට ඕනේ ඕනේ දේවල් කරන්න බෑ... ඉන්න බැරි නම් වෙන රටකට යන්න. අසරණ මිනිසුන්ගෙන් පලි ගන්නේ නැතුව.... කිසිම තැනකින් කිසිම සේවාවක් ලබා දෙන්න ඕනෙ නෑ..

:       3       21

Rajah Saturday, 06 May 2017 01:26 AM

මේවගේ වෛද්‍යවරු දේශපාලන හේතු සාධක කරගෙන, කලින් හිටපු අයට කඩේ යනවා. අහිංසක ලෙඩ්ඩු ඇපේට තියාගෙන කරන මේ ජඩ වැඩ කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. එයාලට පුළුවන් එයාලගේ ළමයි ජාත්‍යන්තර පාසල් වලට දාන්න. පිටරට යවලා උගන්වන්න, පුද්ගලික චැනල් කරන්න. මේ බොරු රැවටිලි නිසා කී දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවද?

:       3       19

roshan Saturday, 06 May 2017 01:40 AM

ඔය කියන කට්ටිය.....GMOA හරි අනිත් අය හරි.....අපගේ රටට අද විනාස වෙලා තියන හේතුවේ උදාහරණයක්. අපි කවදද කකුලෙන් අදින්නේ නැතුව වැඩ කළේ? මේකට හේතුව දැනුම නෙවෙයි. අපේ උතුරන ඉරිසියාව. මේක දොස්තරලටත් එකයි.....

:       1       12

sanjaya Saturday, 06 May 2017 02:04 AM

අර වාහන ගෙන්නන වෙන් කල කොටි කීයෙන්ද මේ සයිටම් මගුල ආණ්ඩුවට අරගෙන අර විද්‍යා විෂය නොකර සහ එස් සමර්ථ ගෙන වෛද්‍ය අධ්‍යාපනය ගන්න අය ඉවත් කරලා දැම්මොත් මේ ප්‍රශ්නය ඉවරයි කියලයි මට හිතෙන්නේ. මගේ මෝඩකමට හිතුනු දෙයක් වෙන්නැති....

:       1       28

Saman Saturday, 06 May 2017 03:14 AM

මම අවුරුදු 17 කාලේ දකුණු කණේ අමාරුවකට කොළඹ ඊ.එන්.ටී. එකෙන් අවුරුද්දක් බෙහෙත් ගත්තා.. තුන් වතාවක් අංශයේ ලොක්කත් බැලුවා. නමුත් ලෙඩේ අහුවුනේ නැහැ. බැරිම තැන ග්ලාස් හවුස් එකේදි ලොක්කව චැනල් කලා. එතැනදි එයාට "ඤාණං උදපාදි" ය ( ඤාණය පහළවුනා) ඇතිවුණා. තුන් පාරක් එයාම බලපු කණේ, සල්ලි ගෙවපු ගමන් මස් වැදැල්ලක් තියෙනවා කිව්වා. ඔන්න අපේ ප්‍රමිති දොස්තරලාගේ කෙරුවාව...

:       16       128

mali Saturday, 06 May 2017 08:29 AM

පියල්, ඔබ කියන දේ හරියටම හරි...

:       1       3

Lakmal Saturday, 06 May 2017 12:31 PM

මේකෙ බහුතරයක් ප්‍රතිචාර දැක්කහම මේ රට ගැන කළකිරෙනවා. රට ගැන දේශපාලකයෝ මොනවා කිව්වත් පිළිගන්න ජනතාවක් මේ රටේ ඉන්නේ. පාදෙනිය වගේ මිනිස්සු බැනුම් අහගෙන මේ රටේ ඉන්නෙ මේ රටට තියෙන ආදරේට... දේශපාලකයෝ මොනවද රටට කරල තියෙන්නේ..

:       96       22

සෙනෙවි Saturday, 06 May 2017 12:46 PM

මල බද්ධයට පිළියම වස්තියක් කර ගැනීම මිසක් පාදෙණිය හමු වීමෙන් වැඩක් නෑ...

:       1       26

මිඝාර. Saturday, 06 May 2017 01:16 PM

පාදෙනිය මහත්තය පශු වෛද්‍යවරයෙක් නොවෙයි.

:       1       5

MalagamageSunday, 07 May 2017 03:19 AM

රන්ජන් කරුණාකරලා පශු වෛද්‍ය නර්ස් කෙනෙක් හම්බ වෙන්න. ඔයාගේ පිටිපස්සේ අමාරුව අරගෙන ගිහින් දොස්තර පාදෙණියට කරදර කරන්න එපා.

:       12       1

nihal Saturday, 06 May 2017 08:07 PM

මේ ලිපිය අනුව පාදෙණිය තෝරාගත් වචන කතාකරන පුද්ගලයෙකි. ජනතාවට සෞඛ්‍යය සෙත සැලසීම වෛද්‍ය වරයකුගේ ඉඳුරාම වගකීමකි. බය නැතිව පුළුවන්නම් කරන්න. බැරි නම් යන්න එළියට මොකද? ඕගොල්ලො විභාග පාස් කලේ මහජනයාගේ සල්ලිවලින් නිසා, සයිටම් අනුමත නොකළත් එය රටට ඕන වෙන්නේ ඕගොල්ලො වගේ අය නිසා...තේරුණාද තමුන්ට....?

:       3       17

ReksWednesday, 10 May 2017 07:27 AM

මහත්තයෝ,.. ජනතාව ඔබතුමාගේ පවුලේ අයටත් ඉගෙන ගන්න වියදම් කළානේ.. කෝ ඉතින් එක්කෙනෙක්වත් දොස්තර කෙනෙක් වුණාද? නැහැනේ!!! ඒ කියන්නේ ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාලයෙන් දොස්තර කෙනෙක් වෙන්න සල්ලි වියදම් කළාට විතරක් මදි...මොලේ තියෙන්නත් ඕනා. මහන්සිවෙලා පාඩම් කරන්නත් ඕනා....

:       0       0

saleem Sunday, 07 May 2017 01:39 AM

ඔය දෙන්නා ගැන රට වැසියෝ හොඳට දන්නවා...

:       0       1

sampath Monday, 08 May 2017 04:09 AM

ජනතාවගේ සල්ලි හැමෝටම එක විදියට අධ්‍යාපනයට වියදම් කරනවා. එ්කෙන් කොටසක් විතරයි ප්‍රයෝජන ගන්නේ... එ්කෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. එයාලට වියදම් කල සල්ලි අපහු අය කරගන්න ඕනේ... අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙනාපු අය රටට සේවයක් කරනවා. තමුන්ගේ දියුණුවත් සලසගන්න ගමන් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන නොගත් අය හැමෝම එක්ක ඉරිසියාවෙන් රටේ දියුණුවත්, මිනිසුන්ගේ පුද්ගලික දියුණුවටත් වල කපනවා. අධ්‍යාපනයට එක ළමයකුට වියදම් කරන අයට සේවය කළොත් අවුරුදු 5ක් රටට සේවය කළාම ඇති... එ්ත් වෘත්තිකයන් අවුරුදු 60ක් 65ක් වෙනකම් සේවය කරනවා. පුද්ගලික සේවයත් සේවයක්.... අපි කුහක නොවී ඇත්ත තේරුම් ගමු.

:       1       0

imesh Tuesday, 09 May 2017 10:42 AM

හොට පැටළුනා නේද ඇමති තුමා?

:       0       0

ලක්මාල් Wednesday, 10 May 2017 07:24 AM

මේකට තියෙන එකම විසඳුම සයිටම් මුදල් ගෙවන රජයේ විශ්ව විද්‍යාලයක් කිරීමයි. එතකොට ප්‍රමිතිය ප්‍රශ්නයක් නෑ.... බදු ගෙවන ජනතාවට බරක් නෑ.... එකෙ ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් නෑ...... දොස්තරලගේ ලොකු සීන් නෑ........

:       0       0

Abaran Wednesday, 10 May 2017 11:16 AM

අපට තිබෙන ප්‍රශ්නය ඇයි රන්ජන් මහතා ළමා විශේෂඥයෙක් චැනල් කලේ... කියලා..

:       0       1

darma Thursday, 11 May 2017 07:56 AM

මේ උදවියට නම් නිසි පියවරක් ගත යුතුමයි...

:       0       0

adiri Friday, 12 May 2017 03:08 AM

මේවද රටේ ප්‍රශ්න ලංකාදීප?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4729 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 160 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 877 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 267 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 356 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 155 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site