(ඉෂාන් සංජීව)
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (31) පැවති සුවපති අභිෂේකය උත්සවයේදීය.
එහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
“මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා.මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා.
ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා.
එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා. රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා“යනුවෙන් පවසා සිටියේය.




COMMENTS
සිහින ලොවේ මිහිර මවන අපේ ජනපතිට 66 කෝටියක් දෙවි දේවතාවුන් ගේ සරණයි!!!
ඇපත් නැතිව තමයි ඉතුරුවෙන්නේ.
එහෙමනම් ඉතින් රටට අබම සරණයි.
මෙයා ලංකාවේ නායකයා වෙන්න නම් ඔක්කොම සුදුසුකම් ටික සපුරාලයි තියෙන්නේ. කිව්වොත් කියන්නේ බොරු, මිනීමරු කල්ලිවල ඉඳලා තියෙනවා. රටේ සම්පත් ටික විකුණන කොට ඒවා හරි කියනවා. දිනන පැත්තට හිමින්සැරේ බල්ටි ගහලා පනිනවා. රටක් වටිනා පුතෙක් ඉන්නවා. හොඳ සුදුස්සෙක්...
මම ලංකාවෙන් යනවා.
එක සෞඛ්‍ය ඇමති කෙනෙක් නම් රටේ නායකයා වෙන්න පුළුවන් බව ජනතාව කලින්ම දැන ගත්තා. ඒ වුණාට මේ සෞඛ්‍ය ඇමතිලා දෙන්නා නම් එක්කෙනෙක් රට බාගෙට කාලා,. අනික් එක්කෙනාට ඉතිරි ටික කන්න දෙයි.
මෙහෙමත් විහිළුකාර කවට රැලක් ආණ්ඩුව කරන එකම රට අපේ රට වෙන්නැති...
දෙපැත්තේම අය එකතු වෙලා ඒ ඒ අයගේ පිට කසා ගන්නවා !
එක්කෙනෙක් සිංහල රාජ්‍ය භාෂාව කරන්න ගිහිල්ල රට විනාශ කල, අනිත් එක්කෙනා වෙනසක් කරන්න ගිහිල්ලා රට විනාශ කලා. එක නිසා සෞඛ්‍ය ඇමතිලා රාජ්‍ය නායකයා වුන හොඳටම ඇති. මොකද අපි හොඳටම දන්නවා දැන් ඉන්න එක්කෙනාගේ තරම
බෝට්ටුවෙන්වත් වෙන රටකට යන්න ඕනෑ ඊට කලින්...
ම්ම්ම්.. අසුචි ගොඩට " කබරගොයොත්" සාක්කි දෙනවා කියන්නේ නිකංද?
එහෙනම් වමෙන් යන්න වෙයි
බළලා මල්ලෙන් එලියට පැන ඇත. අගමැතිතුමනි, අඟේ ඉඳන් කන කන්නවුන්ගෙන් ප්‍රවේසම් වෙන්න.
රටට හෙන ගැහුවත් මෛත්‍රිට මොකද? මෙයාට රාජ්‍ය නායකයා වෙන්න කියන්නේ ජාතියේ දත්ටික ගලවන්න වෙන්න ඇති.
මම හිතනවා අපේ රට ඒ තරම්ම උපකාර නැහැ කියල. එක්කෙනෙක් සෞඛ්‍ය ඇමතිකම කරගන්න බැරිව රටේ නායකයා වෙලා කරපු හරිය දැන් පේනවනේ. මෙයා අවොත් දැනට සමහර මිනිස්සු කන එක වෙලත් නැතුව යනවා .
පිස්සන්ට කොහොමත් පිස්සන් කොටුව තමා
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා ?
රටේ මිනිස්සු එච්චර මෝඩ නැහැ මේ අයව ජනාධිපති කරන්න.
පෙම්බර මුණු දැක නැත බඩකට පිරෙන්නේ.... පෙම්බර මුණු දැක්කම වැසිකිලි බර වැඩිවෙන්නේ ... අවංක යයි කීමට නැත මුණක් දිස්වෙන්නේ..... අම්මා උනත් විකුණා බලයේ අපි රැදෙන්නේ......
මේ වගේ පාවාදෙන්නෝ...
හැමදාම හොරුම තමයි නායකයෝ.
රටම හොර බේත් ගුහාවක් කරල නවත්තයි. දැනටත් ලෝක හොරානේ
මෙයා කියපු ඒවා සහ දැනටත් හිතේ තියන ඒවා අපි දන්නවානේ
හැබැයි අමතක කරන්න එපා බණ්ඩාරනායක මහත්තය නැති උනේ වෙඩි කාල කියල
අපේ රටේ නායකයෝ මෙච්චර මන්ද බුද්ධික අැයි කියලා විශාල ප්‍රශ්නයක්. අනේ මෙහෙමත් ගොන් පාර්ට්. කට ඇරියොත් බොරු කියන, වංචා නඩුවලට උසාවියට පෙනී නොසිට තම දේශපාලන බලය පාවිච්චි කරන, පවුල් පිටින් රටේ ධනය සූරා කන නායකයෙක් රටට ගැලපෙනවද?
කවුද කිව්වා නේද ඒ වෙලාවේ පොල් පිත්තක් තිබ්බත් දිනනවා කියලා. බයවෙන්න දෙයක් නෑ. දැනුත් එහෙම තමයි. කොටින්ම පොල්පිත්ත ඉස්සර කොහොම හිටියා වුණත් අපේ මිනිස්සු පොල්පිත්ත රජ කරවනවාමයි. අපේ මිනිස්සු පොල්පිත්තෙන් තැලුවා වුණත් ඒ පොල්පිත්තම දිනවන්න පොරකනවා. එහෙව් ජාතියක් අපි !!!
මේක විහිලුවක්ද?
අන්තිම ෆොටෝ එක නියමයි. මනමාලියක් බලන්න ගියා වගේ.
අනිවාර්යයෙන් ජනාධිපතිතුමා හෙට පත්තරේ මේ ගැන වැටිලා තිබෙන කමෙන්ට් ටික දැක්ක ගමන් ඔය නිගමනයත් වෙනස් කරගන්නවා..
වැඩබැරි සිරිසේන මහතා 2020ට කලින්ම ගෙදර යන්න වගේ සූදානම.. එතුමාගේ කල්පනාව මුළු රටම එතුමාට විනාශ කරන්න බැරි වුනොත් 2020 වෙනකොට ඉතුරු ටික රාජිත ලවා කරවන්න වෙන්නැති. 2020න් පස්සේ මේ දෙන්නටම පොළොන්නරුවට වෙලා කුඹුරු කොටන්න තමයි වෙන්නේ...
අනේ එහෙම වුණොත් මෙතුමාගේ පුතාගේ වැඩ කෙරුවාව කොහොම වෙයිද?
මට නම් මේ කතාව දැක්කම මාර හිනා අප්පා. නිකමට වගේ කල්පනා කරලා බැලුවම රාජිත ජනාධිපති වුණු රටක චතුර මොනවා කරයිද කියලා?
රටට හෙන ගැහුවත් කමක් නැහැ. සිහින මවන්නේ ජනපති වෙන්න. කවුරු ආශිර්වාද කළත් ජනතාවගේ ආශිර්වාදය නැත්නම් වැඩක් වෙන්නේ නැහැ.
ඔක්කෝටම කලින් අල්ලස්, දූෂණ කොමිසමට ගිහින් තමන්ට එරෙහිව තිබෙන පරීක්ෂණයට සහයෝගය දෙන්න කියන්න. හිටපු අල්ලස් දූෂණ ප්‍රධානි දිල්රුක්ෂි මහත්මියට යන්න සිද්ධවුනෙත් මේ හින්දා තමයි.
අප්පේ එපා... මහින්ද රජ කරවල උන්නු වසර 10 ට එයාගේ පරම්පරාව හා දරුවන් රටට කල හරිය හොදටම ඇති... අසරණ ජනතාව තවමත් ඒ අයගේ ණය ගෙවනවා. මෙයා රජ වුනොත් මෙයාගේ දරුවොත් ඔයිට එහා වැඩ මිස වෙනසක් නැහැ. 100ක් වත් ණය ගෙවන්න වෙයි. දැන් ඔය පාදඩ දේශපාලකයින් රජ කරවීම වහාම නැවතිය යුතුය. නැතිනම් මේ අය මුළු රටම විනාශ කරලත් සැනසෙන්නේ නැහැ.
මෙයා දැනටමත් ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි දත් ගලවලා ඉවරයි.. දැන් ඉතින් අපේ වාරය.. ඊට කලින් අපි බලාගෙන ඉන්නේ අපේ පැත්තට අාවොත්..
ඕවා ඔය කියන විදියටම වෙන්නත් පුළුවන්... මොකද අපේ රටට මහා කාලකන්නි දසාවක් ලබල තියෙන්නේ..
ජනපතිතුමා ගෙනගිය යෝධ සංවර්ධනය ඉදිරියට ගෙනයන්න නියම සුදුස්සා ඔබයි ..
මෙයා තමයි අඩු දැන් ඔය ජනාධිපති පුටුවට..