පුරාවස්තු සෙවීමේ අරමුණින් කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ  කැණීම් කරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කැණීම් උපකරණ සමගින් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

කිලිනොච්චිය පොලිසියට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක්  සිදු වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුවන් අවුරුදු 32 ත් 58 ත් අතර වයස්වල පසුවන මුන්දලම, උකුවෙල, දුම්මලසූරිය, පිළියන්දල, යාපනය, මාදම්පේ හා කෙසෙල්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

කිලිනොච්චිය පොලිසිය  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.