
(රසාංජලී වාසල)
අධික වියළි කාලගුණයෙන් රට පුරා පවුල් 23,377 ක 73,214ක පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ලංකාදීපයට පැවසීය.
මේ අතරින් පවුල් 22,983ක 71,893 ක් පිරිසකට ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා ජලය බෙදා හැරීමේ කටයුතු අරඔා ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
නියං තත්වය සමග මොනරාගල ,මඩකළපුව,අම්පාර,පොළොන්නරුව ,රත්නපුර යන දිස්ත්‍රීක්ක පහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක ජනතාව මහත් පීඩාවට පත් ව සිටින බවත් මේ අතරින් වැඩිම බලපෑමක් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එල්ල වී ඇති අතර පවුල් 5,331 පුද්ගලයන් 16,707 මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේය.
වියළි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා රුපියල් කෝටි 480ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රගීත් දනන් සූරිය මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd