මීගහවත්ත  නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දැරියක තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි  මෝටර්  රථයක ගැටීමෙන් මෙම අනතුරක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු හා ළමුන් දෙදෙනකු බරපතල තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ත්‍රීරෝද රථ රියැදුරු, කාන්තාවක හා දැරියක මියගොස් ඇත.

මරණකරු අවුරුදු 69 ක් වූ දේල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මරණකාරිය අවුරුදු 39 හා දැරිය අවුරුදු 07 ක් වූ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි මව සහ දියණියක වේ.

මෝටර් රථයේ ගමන් ගත්  කුඩා දැරියක්ද තුවාල ලබා රාගම රොහලට ඇතුලත් කර ඇත. මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.