මගේ සිහිනය මට දකින්න මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙිගීමිණ ශෘංගාරරසය දනවයි. 15 October 2024
කරදිය ගැඹරේ ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ පියකුගේ දාරක ප්‍රේමය ඔස්සේ විශ්වීය මිනිසකු ගොඩනැංවීමට යත්න දරයි. 08 October 2024
තුන් හෙළේ කැලෑ තුළ මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද විභූෂිත මෙි ගීමිණ රට හැර යන ශ්‍රමිකයන් පිළිබඳ විරෝධාකල්පය දනවයි. 01 October 2024
අපි කවුරු ද මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය. 24 September 2024
සඳ වික්කා ඊයේ රෑ මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය. 17 September 2024
හන්තාන අඩවියේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද මර්වින් පෙරේරාණන්ගේ මියුරු මියැසියෙන් ද යුතු මෙි ගීමිණ වත්මන් සරසවි විද්‍යාර්ථින්ගේ ජීවන ඛෙිදවාචකය සුවිශද කරයි.එබැවින් මෙය කරුණරසය දනවයි. 10 September 2024
නෙළන්නට ගිහින් පලවැල අප්‍රකට ගේයපද රචක සිරිසේන මුදියන්නේගම විසින් විරචිත සුප්‍රකට ජනකාන්ත ගායක රූකාන්ත ගුණතිලකයන්ගේ සුගායනයෙන් ද ස්වරසංයෝජනයෙන් ද මනරම් වූ මෙි ගීමිණ පීඩිත පන්තියේ ජනයාගේ කටුක ජීවන යථාර්ථය මොනවට පැහැදිලි කරයි. 03 September 2024
යදමින් බැඳ විලංගු ලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනියන්ගේ සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරරචනයෙන් ද යුතු මෙි විරෝධාකල්ප ගීමිණ සමාජ ප්රගමනය වෙනුවෙන් දූෂිත පාලන යන්ත්‍රය පෙරළා දැමීමට අරගල කළ තරුණ නැගීටීම සිහිපත් කරයි. 27 August 2024
චන්දකින්නර ජාතකේ උබේනන්ද දිසානායකයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුසැදි මෙිගීමිණ ශ්‍රාවක සන්තානය තුළ කරුණ රසය ජනිත කරයි. 20 August 2024
මගේ දුවෙි නුඹ අවදියෙන් නම් සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ දාරක ප්‍රේමයත් පිය සෙනෙහසත් මානවබන්ධුත්වයත් සුවිශද කරයි. 13 August 2024
සරසවියෙදි හෙට විතරයි අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්රලම්භශෘංගාරරස දනවයි. 06 August 2024
නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ උත්තරීතර ප්‍රේමයේ අකලංක පෙම්වතකුගේ මානව බන්ධුත්වය සුවිශද කරයි. 30 July 2024
උලලේනෝ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ සුදුර්ලභ ගේයපද රචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ සුගායනයෙන් සහ ස්වරසංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 23 July 2024
බොල් වී අහුරු වෙල් හුළඟේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ බාලේ බැඳි පෙමක විප්රලම්භ ශෘංගාරය දනවයි. 16 July 2024
හිම දිය වී හිමාලයේ ධම්මික බණ්ඩාරයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනීගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද ඩැනිස්ටර් පෙරේරාගේ සුමිහිරි ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි මහඟු ගීමිණ ප්‍රේමයේ විප්රලම්භ ශෘංගාරය පමණක් නොව සම්භෝග සුවය ද දනවයි. 09 July 2024
නවදැලි හේනක සෝමතිලක ජයමහ යන වාග්ගේයකාරයාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද ප්‍රතිභාසම්පන්න සංගීතයෙන් ද කර්ණරසායන සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ මානවබන්ධුත්වයේ උත්තරීතර ප්‍රේමයත් කරුණරසයත් ප්රතිපාදනය කරයි. 02 July 2024
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් සුකීර්තිමත් ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලගේ සුගායනීය ස්වර මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ මානව ප්‍රේමයේ දුර්දාන්ත සිතුවිල්ලකට අභියෝග කරයි. 25 June 2024
රුක්අත්තන මල මුදුනේ මහින්ද අල්ගමයන්ගේ ගේය පද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ සුන්දරත්වය පමණක් නොව දරුවන් අරබයා වන වාත්සල්‍ය ද මොනවට පැහැදිලි කරයි. 18 June 2024
හංසරාණී ආදරේ ශ්‍රී නිහාල් ජයසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ස්වරාලංකාරයෙන් ද මනරම් වූ මෙි ගීමිණ ශෘංගාරරස දනවයි. 11 June 2024
ඔබ මා තුරුලේ ගී ගයනා වෙිලේ මහගම සේකරයන්ගේ ගේය පද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත සංරචනයෙන් හා සුගායනයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ ජීවිතයේ සුඛාස්වාදයට අතවැනුමකි. 04 June 2024
වැලිතල අතරේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් හා ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ සොබාදහමෙි සොඳුරු අසිරියෙන් පමණක් නොව නිරාමිස ප්‍රේමයේ භක්ති රසයෙන් ද රසික හද මුසපත් කරයි. 28 May 2024
සකුරා මල් පිපිලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුගේය පද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වර මාධුර්යයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ අප හද තුළ චමත්කාර හැඟීම් උපදවයි. 21 May 2024
සුදු නෙළුම කෝ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ සුගායනයෙන් හා සංගීත සමායෝජනයෙන් ද සමලංකෘත වූ මෙි සුදුර්ලභ ගීමිණ කරුණ රසයෙන් අප හද කලඹයි. 14 May 2024
පිපුණු කුසුම පරවූවා මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරය මුසු කරුණරසය දනවයි. 07 May 2024
හිසේ ගිනි ඇවිළෙතේ ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංකල්පනාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ ලෝක ධර්මතාව පිළිබඳ ඉගැඹුරු සංචින්තාවක් දනවයි. 30 April 2024
සොඬින් නෙළුම් මල ගෙනියන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තාවගේ ජීවන ඛෙිදවාචකය සුවිශද කරයි. 23 April 2024
කවුරුවත් නෑ හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි මහඟු ගීමිණ මානව බන්ධූත්වයෙන් අප හද කම්පනය කරයි. 16 April 2024
පැණි කුරුල්ලනේ ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ සොබාදහමේ සොඳුරු අසිරිය පිළිබඳ පමණක් නොව ඊට විනකටින මිනිසාට අත්වන භයානක ඉරණම ද මොනවට පැහැදිලි කරයි. 07 April 2024
නින්ද නැති රැයේ සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්රලම්බ ශෘංගාර රස මුසුවූ කරුණ රසය දනවයි. 01 April 2024
කුඩාගමෙි මද්දහනේ ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂිත මෙි ගීමිණ ප්‍රේමයේ විප්රලම්බ ශෘංගාරය මුසු කරුණ රසය දනවයි. 25 March 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026