ප්‍රේමයේ සත් මහලෙන් පලා ගිය කුහුඹු මිනිසා
ගීතයට සාහිත්‍යමය විචාරයක් අවශ්‍යය යන්න වෙසෙසින් තහවුරු වන්නේ මෙබඳු ගී මිණක් දුටු තන්හිදීය. අර්ථ පූර්ණ ගේය පද මාලාවක් සංකල්පීය විචාරයකට භාජනය වීම සාහිත්‍යයේ උන්නතියට මෙන්ම සුභාවිත ගීතයේ ප්රගමනයට ද හේතුභූත වෙයි. සාහිත්‍ය විචාරය නමි ගීතයකට පාදක වන පද මාලාවේ රස-විරස අනාවරණය කිරීමයි. ඒ අනාවරණය සඳහා එහි එන යෙදුමි, ප්‍රකාශන විධි,කාව්‍යෝක්ති ආදිය විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන්නේය. ගී විනිස කෙරෙන් අප අනවරතයන් උත්සාහ කරනුයේ ද එබඳු උසස් විචාර කලාවක් ගොඩනැගීමට