සඳකත් මිණිදිය දියවී ගලනා
සුකීර්තිමත් ගේය පද රචක,කිවිසුරු,සකල කලාවල්ලභ මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද හෙළයේ මහගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත වූ මෙි ගීතය ගාමිණී ෆොන්සේකා අධ්යක්ෂණය කළ පරසතුමල් චිත්රපටය සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙි වූකලි විප්රලම්බ ශෘංගාරය දනවන තවත් අනගි ගීමිණිරුවනකි.