IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


සියාතුවේ මා මිතුරේ

 

 


වසන්ත කුමාර කොබවකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වය මුසු කරුණ රසයෙන් සමලංකෘතය.

අහසින් වැටෙන වැසි දියෙන් කුඹුරක් හේනක් කොටා ගෙන ජීවත් වූ ලාංකේය ගොවියෝ සදාකාලික අසරණයෝය.ඔවුහු වැඩි දෙනෙක් ජාතියට බත සපයා අනුන්ගේ බඩගිනි නිවා හාමතේ දුක් විඳිති.මෙරට ගොවියාගේ ජීවිත ඉරණම එතරම් ම කටුකය. දුක්ඛිතය. දුෂ්කරය. ඔවුන්ගේ ජීවිතයේ බොහෝවිට රජ කරන්නේ නැතිබැරියාව,දුප්පත්කම ය.ඇතමෙක් කනකර උකසට තබා හේන් කුඹුරු කරති.තම සේසතම විකුණා කුඹුරු කර නැත්තට ම නැතිවුණු ගොවිහු ද මෙි අතර සිටිති.කෘෂි කර්මාන්තය ආශ්‍රිත ගැටලු රාශියක් තිබුණ ද මෙහිදී ජල ගැටලුව ප්‍රමුඛ තන්හිලා ගිණිය හැකිය.තම කුඹුරට නිසි ලෙස ජලය නොලැබීම හේතුවෙන් බොහෝ ගොවීහු අසරණවෙති.යටකී ජල ගැටලුවට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට දේශපාලනඥයන් ස්ථාපිත කළ ජල කළමනාකරණ පනතේ අවුල්සහගත භාවය යි.ජලය සුරක්ෂිත කිරීමට ජල කළමනාකරණ පනතෙන් පිටිවහලක් සැපයුව ද නිලධාරීන්ගේ විසම ක්‍රියා හේතුවෙන් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙි.⁣මෙනයින් මෙරට ජල කළමනාකරණ පනතෙන් ගොවියාගේ කෙතත් සිතත් දෙකම කරවී ගිය බව කීම අතිශයෝක්තියක් නොවෙි.වැසි දියෙන්,වැව් දියෙන් කුඹරක් කොටා ගෙන ජීවත් වූ ගොවියා අවසානයේ වතුර නැතිව අතර මං විය.ගොවි සංවිධානවල විරෝධය මත මෙකී ජල කළමනාකරණ පනත සම්මත කළ ද එයින් ගැටලු රාශියක් මතුවිය.

වියළි කලාපයේ අඳ ගොවියා ජල හිඟයෙන් පීඩා විඳින ආකාරය ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහයෝ සිය "ගිං ගඟේ විලාපය" නමැති කාව්‍ය සංග්‍රහයේ එන කොලණියේ අවනඩුව නම් කවියෙන් මොනවට පැහැදිලි කරති.

 


වැවෙි වතුර උරා බීපු නියං යකා තරවී ඇත

කෙත්යායේ දණක් එරුණු මඩ රොල්ලම කරවී යත

ගමෙි හුස්ම නැවති නැවති වැටෙනා හඬ සවන් වැදෙන

කවුදෝ අව සිහියෙන් ලන විලාපයක රාව නැගෙන

 

ඉහලුම් නැති පිපාසයෙන් ගවරැළ වැව් පිටිය කොනේ

තියෙනා මර⁣ළතෝනි හඬ ඈතින් එන සුළඟ ගෙනේ

බඩෙි ගින්න වියරු වෙසින් අතුණුබහන දවන තැනේ

මහත්තුරුන් අඩු කොළේට අපේ කුඹුරු සොයනු පෙනේ

 

වතුර නොලැබ අපේ කුඹුරු පාණ්ඩුවෙි මියැදෙනවා

ඒත් එහා පැත්තේ යායේ කරලේ කිරි වෑස්සෙනවා

පරඬැල් වූ කොලණිය මැද උදර කුහර ගිනි ගන්නවා

ඒ අතරේ කරල පැහී මහත්තුරුන් උඩ පනිනවා

 

එදා බෝසතුන් පින් මහිමයක් දිය උල්පත් ලැබුවට

අද දෙව්දත් ලා දෙසට ම සොරොව්ව ඇරලා කදිමට

කොරෝදයක් නැති වුණාට හරිම වෙිගයකි සිත යට

ඉරු ඇඬුවත් වතුර හොරුන් හිනාවෙවි අපේ දුකට

(" ගිං ගඟේ විලාපය" කාව්‍ය සංග්‍රහය-කොලණියේ අවනඩුව - 26 පිට)


 

කොලණියේ අවනඩුව මගින් කවියා කෘෂි නිලධාරින්ගේ විසමාචාර ක්‍රියා සදය උපහාසයට නංවමින් වියළි කලාපයේ අඳ ගොවියාගේ ජල ගැටලුව ස්වාභාවෝක්ති කාව්‍යාලංකාරයෙන් ඉදිරිපත් කරයි.කොබවකයන්ගේ ගීතයෙන් සාකච්ඡා කරනුයේ ද අඳ ගොවියා පීඩා විඳින මෙකී ජල ගැටලුවයි.මෙි වූකලි එකම කාසියක දෙපැත්ත වැනි නිර්මාණ ද්වයකි.එහෙත් ඒ වෙනුවෙන් නන්දන කවියාත් කොබවක ගේය පද රචකයාත් භාවිත කර ඇති ශිල්පීය දක්ෂතාව එකිනෙකට වෙනස්ය.එහෙත් අවසානයේ ඔවුහු දෙදෙනා ම සාර්ථක නිර්මාණ ද්විත්වයක් බිහි කළෝය.අපි දැන් කොබවකයන්ගේ ධවනිතාර්ථ පූර්ණ ගීතය දෙස බලමු.

 

සියාතුවේ මා මිතුරේ

අඳ කුඹුරට ආල වඩන සියාතුවේ

සියාතුවේ මා මිතුරේ

 

සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්

ලැබුණා බැත පෙර කන්නේ බුසල් බරින්

වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්

දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්

 

අඳයට කුඹුරු කරන සියාතුලා වැනි අසරණ ගොවිහු හැම ගමකම සිටිති.එහෙත් ඔවුහු අනුන්ගේ කුඹුරට වුවද පණ මෙන් ආදරය කරති.තම දරු පවලේ බඩ ගින්න නිවන කුඹුර ඔවුන්ට සැබැවින්ම ධන නිධානයකි.මෙහිදී පැලපත යනු වැඩෙන ගොයමයි. තම දෑතේ සවියෙන් ගිනි කාෂ්ටක අව්වෙි දහදිය මුගුරු වගුරමින් වැපුරු අස්වනු බුසල් බරින් ගෙට ගත් සැටි කථකයාට සිහිවෙයි.එහෙත් පෙර කන්නය මෙන් නොව මෙවර කන්නයේ බණ්ඩි ගොයමට පීදෙන්නට ඉඩක් නැත.වතුර නැතිව මුළු කෙත් යායම කරවී ගොසිනි.වතුර හොරුන් සියාතුගේ අහිංසක බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කර අවසානය.මෙහිදී රචකයා කමත් බස අතැඹුලක් සේ තම ගී සපුව වර්ණවත් කිරීමට යොදා ගනී.අඳ ගොවියාගේ වියළි කර්කශ ජීවිතය විග්‍රහ කිරීමට රමණීය බස්වහරක් යොදාගෙන ඇත.අසරණ අඳ ගොවියා ජතියට බත සැපයීමට තම ආත්මශක්තිය,කායික ශ්‍රමය කැපකළ ද නිලධාරි පැලැන්තියට ඒ පිළිබඳ වගෙ වගක් නැත.ගොවියා බුසල් බරින් ගෙට ගන්නා අස්වනු කුණුකොල්ලයට මිලදී ගෙන අධික ලාභ ලබන්නෝ කවරහුද? ඔවුහු අතරමැදි වෙළෙන්දෝ සහ මෝල් හිමියෝය.පොහොර,වතුර ටික නැතිව මෙි සියල්ලලෙන් බැට කන්නෝ ⁣දුප්පත් ගොවියෝය.

 

අඬලා කුමටද මිතුරේ සියාතුවේ

හැමදා මුව රැළ වාගේ සිටිනු නොහේ

ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ

ගලනා දිය අප හැමටයි සියාතුවේ

 

මෙි ගීතයෙන් නිරූපිත වන අඳ ගොවියාගේ ජල ගැටලුව එදත් අදත් එක සේ ය. අදළ බලධාරීහු ඊට නිසි විසඳුම් නොදෙති.නියං රකුසා පොළොවෙි තෙත ලෙව කයි.කෘෂි නිලධාරිහු ජල සම්මත රකින මුවාවෙන් විසමාචාර වැඩ කරති. මෙි සියල්ල අසන දකින පාලකයෝ සහ බලධාරිහු මරනින්දේ පසුවෙති.එහෙත් රචකයා මෙහිදී සියාතුලා වැනි අසරණ ගොවීන්ට අායාචනා කරන්නේ අහිංසක මුවරැළක් මෙන් අසාධාරණය හමුවෙි මුනිවත නොරැක අභීතව ඉදිරියට පැමිණ තම අයිතිවාසිකම් දිනාගන්නා ලෙසය.ඒ ජයග්‍රහණයේ ප්‍රහර්ෂය සියලු දෙනාටම එකසේ බුක්ති විඳිමට හැකි බව ද රචකයා කියයි.මෙි වනාහි මානවබන්ධුත්වය මුසුවූ උත්තරීතර අායාචනයක්, අභිප්‍රේරණයක් නොවෙිද?

 



අදහස් (0)

සියාතුවේ මා මිතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15341 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 502 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 275 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site