සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොදේ.විසම සමාජයක විසම මිනිසුන් අතර පණ කෙන්ද රැකගෙන ජීවිත් වීම ද අභියෝගයකි.මිනිස් සිත්සතන් නිතර ජුගුප්සිත සිතුම් පැතුම්වලින් පිරී පැවතීම ද අප පතන යහපත් සමාජය උදානොවීමට හේතුවකි.එහෙත් මිනිසා යනු කවරෙක් දැයි නිර්ණය වන්නේ මිනිසා තමා ගැන සිතන දෙයින් නොව මිනිසා සැබැවින්ම පවත්නා සටියෙනි.අද්‍යතන සමාජයේ මුදල් නැතොත් තමාට තමාවත් නැත.මෙනයින් අන් කිසිවක් නැතිවීම ගැන කියනු ම කවරේද? මිනිස් සිත නිතර ඊර්ෂ්‍යා,ක්‍රෝධ,මාන්න,පරිභව,හිංසක චෙිතනා ආදියෙන් පිරී පවතී.මෙහිදී එක මවගේ බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරියෝ මවුපියනගේ දේපළ බෙදාගැනීමට නොහැකිව නයි මුගටි මෙන් ගහමරා ගනිති.ඇතමෙක් කුඹුරු ඉඩකඩම් දේපළට පමණක් නොව එතරම් වටිනාකමක් නැති වීපෑලකට පවා රණ්ඩුසරුවල් වෙති.මිනිසා සෑම කල්හි ම පතන්නේ ආත්මාර්ථකාමී ජීවිතයක් ගතකිරීමට නොවෙිද?
කේ.ජයතිලකයන්ගේ චරිත තුනක් නවකතාව සහෝරයන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ පමණක් නොව සුදු කළු සහ අළු ජීවිත ගැන ද විනිවිද දුටු අපූරු නිර්මාණයකි. එබඳු සහෝදරයන්ගේ හැඩ පැහැ කදිමට නිරූපණය කෙරෙන අපූරු ගීමිණක් නොවෙිද මෙි?
සහෝදර ප්‍රේමය මවුපිය සෙනෙහස තරම් ම දාරක ප්‍රේමයකැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ඇට,ලේ,මස් නහරවලට කිදා බැසගත් එබඳු ප්‍රේම වෘත්තාන්ත ලොව කොතෙක් ඇත්ද? එහෙත් වත්මන් සමාජයේ ආර්ථික ප්‍රශ්න හමුවෙි එක බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරියෝ ද ඇනකොටා ගනිති.මහගම සේකරයන් කියූ පරිදි මෙි ජුගුප්සිත නරාවළේ මෙි මගේ බිරිඳ,සැමියා,සහෝදරයා,නෑයා කියා කෙනෙක් නැත.සියලු මානව බැමි දෙදරා ගොස් අවසානය.මුදල් ඉදිරියේ සහෝදර ප්‍රේමය ද කුණු කූඩයට වැටී ඇත.භෞතික සම්පත් සියලු දෙනාට එකසේ බෙදී නොයාම හේතුවෙන් මෙි අර්බුදය පැන නැගී ඇත. සම්පත් තනිපංගලමෙි භුක්ති වඳින්නෝ මෙි යථාර්ථය නොදකිති.මෙි ලෝකයේ රජයන්නේ ධනතෘෂ්ණාවයි.අද වැඩිහිටියෝ සියලු දෙනාම ඇතුළතින් බෙදුණු,බිඳුණු ජීවිත ගත කරති.මෙි හේතුව නිසා සහෝදර ප්‍රේමය පමණක් නොව මුළු සමාජය ම කැඩී බිඳී සුනුවිසුනු වී ගොස් අවසානය.මෙි අපූරු ගීමිණෙන් සුවිශද වන්නේ යටකී ධනතෘෂ්ණාව හේතුවෙන් උද්ගත වූ අයියා මලෝ ගැටුමක ඛෙිදවාචකය යි.මෙහිදී යටකී ධනතෘෂ්ණාවට මැදිවී සිටින්නේ නූගත් මල්ලි නොව සරසවි අධ්‍යාපන පවා ලබාගත් උගත් අයියාය.අද ලෝකයේ බොහෝ අක්‍රමිකතා,වංචා දුෂ්ණ,අපරාධ හොර මැර තක්කඩිකම් පිටුපස සිටින්නේ ද මෙකී උගතුන්ය.ඔවුහු තමන් උගත් ශාස්ත්‍ර ඥානය කළු සල්ලි ඉපැයීම සඳහා අවභාවිත කරති.ඇතමෙක් මෙි ගීතයේ මෙන් හෘද සාක්ෂිය ,මනුෂ්‍යත්වය පසෙකලා පවුලේ අහිංසක සහෝදර සහෝදරියන්ට අයිති දේපළ පවා කූට උපක්‍රම යොදා කොල්ලකති.එසේත් නැත්නම් ගහමරා ගෙන හෝ අන්සතු වස්තුව කොල්ලකති.මෙනයින් මෙි ගීතය ගෘහ ජීවිතය ආශ්‍රය කොට අප තුළ භයකම්පා උපදවයි.ස්වාභාවෝක්තියෙන් ලියා ඇති මෙි ගීමිණ මානවබන්ධුත්වයේ හෘද සාක්ෂිය විමසන කැඩපතක් බඳුය.
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිළුණා කැණිමඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වූ අද දවසේ
මෙි කථකයාගේ වැඩිමහල් සොහොයුරා සිදාදියේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන තැනැත්තෙකි.එහෙත් ඉඳහිට ඔහු ගමට ඇවිත් පවුලේ තමන්ට හිමි ඉඩකඩම් දේපළට ද ඇල්ම බැල්ම හෙළයි.පියා නැති නිවසේ මව සමඟ සියලු දේ රැකබලා ගෙන ජීවත් වන්නේ බාල සහෝදරයාය.ඔහු තම අයියාට පණ මෙන් ආදරය කරයි.එහෙත් උගත්කමින්,උඩඟුකමින් කොළඹ රටෙි ජීවිතය ගත කරන අයියාගේ කුඩාකල තිබු මනුෂ්‍යත්වය දැන් නැත.ඔහුට සමාජ පුරුෂාර්ථ,මානව ගුණදම් අමතකවී ඇත.මෙහිදී කථකයා පවසන්නේ අයියා නිවෙසට ආ ගිය පසු කැණිමඬලට ගිනි ඇවිළුණු බවයි.කැණිමඬල යනු කිම? මෙි වූකලි ගෙයි වහලේ පරාල විසිහයක් එකට එකතු වන අපුරු ස්ථානයකි.මෙකි පරාල 26 එක ලීයකින් පුරුද්දා තිබීම ද විශේෂත්වයකි.එහෙත් කුමන හෝ හේතුවක් නිසා කැණිමඬල කැඩුණොත් මුළු වහලයම කඩා වැටෙි.තම වැඩිමහල් සොහොයුරාගේ ප්‍රකෝපකාරී හැසිරීමෙන් සිදුවී ඇත්තේ ද නිවසේ කැණිමඬලට ගිනි ඇවිළීමක් බව කථකයා කියයි.මෙයින් ගම්‍ය වන්නේ මෙතෙක් කල් නිවසේ තිබු සතුට, සමාදානය නැති වී ගිය බව නොවෙිද? පෙර දවසේ එක බත්පත අනාගෙන කා එක පැදුරේ නිදාගත් අයියාට සිදුවු නස්පැතිය පිළිබඳ මල්ලි තැවුල් සිතින් කල්පනා කරයි.එහෙත් ශිල්ප සතර උගෙන සැපවත් ජීවිතයක් ගත කරන අයියාට අද තම එකකුස උපන් මල්ලි ගැන වගෙ වගක් නැත.සම්‍යඥානය නැති උගතාගේ හැසිරීම මෙි අනගි ගී මිණෙන් මොනවට පැහැදිලි නොවෙිද?
අම්මා එක්ක දබරව පැද ගිය වැත්තේ
ළැම දා ගියා බත හිර වුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ
කථකයාට ඉවසා සිටිය නොහැක්කේ උසස් ජීවිතයක් ගත කරන තම වැඩිමහල් සොහොයුරාගේ බාල බොළඳ හැසිරීම ගැනය.ඔහු නිසෙට ඇවිත් තිබෙන්නේ එතරම් වටිනාකමක් නැති වීපෑලක අයිතිය ඉල්ලීමටය.ඔහු ඵ් වෙනුවෙන් මව සමඟ අඬදබර කර ගනී.මල්ලි මෙි සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියි.අයියාගේ අසෝබන හැසිරීම කථකයාට ඉවසුම් නොදෙයි.වටිනාකමක් නැති වී පෑලක් වෙනුවෙන් තම ප්‍රාණසම වැඩිමහල් සොහොයුරා විරසක වන්නේ මන්දැයි කථකයා ප්‍රශ්න කරයි.
ඉරට සැපක්දෝ නියඟය දළුලෑම
සඳට සැපක්‍දෝ ගනඳුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළොවකට නඩු හබ ඇයි ගතු කීම
හිරු මඬලෙන් අපි කවමදාවත් රශ්මිය,එළිය මිස නියඟය බලාපොරොත්තු නොවෙමු.එහෙත් සොබාදහමට අනුව වැස්ස සේම නියඟය ද පොදු ධර්මතාවකි.සඳ මඬල ද එසේය.සඳෙන් එළිය මිස අපි ගනඳුර අපේක්ෂා නොකරමු.මෙි කථකයා තම අයියාගෙන් අසන්නේ ද එබඳුම තාර්කික පැනයකි.නිවෙස සිටින මව සහ සහෝදරයා අමතකර නඩුහබ කීම නුඹට සැපක් දැයි ඔහු අයියාගෙන් අසයි.මහ පොළොවෙි අඩිහයක පමණ කුඩා බිම් කෙටසක මරණයෙන් මතු සැතපෙන සෑම මිනිසකු ම මහපොළොවෙි අයිතිය වෙනුවෙන් පොරබැදීම නිෂ්ළුල ක්‍රියාවක් බව නොවෙිද මෙි කියන්නේ ?
මෙි ගීතය රචකයාගේ වෙිදයිතයක් බව ද පැවසේ.එහෙත් පෞද්ගලික අත්දැකීමක් පොදු අනුභූතියකට පෙරළමින් මෙහි රචක නිමල් ආනන්දයෝ විශිෂ්ට ගීතයක් නිර්මාණ කිරීමට සමත් වෙති.ගුණදාස කපුගේ ගේ විශිෂ්ට හඬ පෞරුෂය ද සංගීතය ද රචකයා මෙහි යොදා තිබෙන ජන ජීවිතයෙන් උපුටාගත් බස්වහර ද මධුර මනෝහරය.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයියණ්ඩියේ නුඹ ඇවිදින්