ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්‍රලම්බ ශෘංගාරය දනවයි.
මෙි ගීතයේ පෝෂිත විප්‍රලම්බ ශෘංගාරයට පිටුබල වන්නේ ස්ත්‍රී - පුරුෂ වියෝගය යි.පෙම්වතුන්ට තම ප්‍රේම විජිතයේ සුප්‍රහර්ෂය අහිමිවීම යනු කෙතරම් සෝචනීය නිමෙිෂයක් ද? එවිට උනුන් එකිනෙකා විඳින වෙිදනාව,පරිදාහය කෙතරම් ද? මෙි වූකලි එබඳු විප්‍රයෝගයක ආදර අන්දරයක් නොවෙිද? මෙහි කථකයා කලෙක කිසියම් යුවතියක කෙරෙහි බැඳි පෙමින් පසුවිය.එහෙත් පසු කලෙක මෙි පෙම් බැම්ම කාලයේ වැලි තලාවෙන් වැසී දෙදරා ගියේය.කථකයාගේ හදවත විකසිත කළ පෙම්කැකුළ පරවිය.ඊට හේතු වූයේ එකී යුවතිය කිසියම් හේතුවක් නිසා ඔහුගෙන් වෙන් වී නික්ම යෑමයි.එහෙත් අහම්බෙන් නුවර සෙංකඩගල පුරවරයේ වැසි සහිත තෙතබර දිනෙක යළිත් උනුන් එකිනෙකා නෙත ගැටිණ.ගීතය ආරම්භ වන්නේ ව්‍යංග්‍යාර්ථ දනවන පද පෙළකිනි.
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී
මෙි ගීතයේ කථකයා සෙංකඩගල පුරවරයට ඇදහැලෙන මල්වරුසාවකට මැදිවී කුඩයක් ඉහලගෙන ඇවිද යයි.මෙි වූකලි මුතුකුඩ ඉහලන මල්වැස්සකි.මෙහිදී වැහිලේනී යනු වැහිළිහිණියන්ය.වැහිළිහිණියෝ අහස් කුස අරා පියඹති.වැස්සක පෙර මංලකුණු,පෙරනිමිති කියන්නෝ වැහිළිහිණියෝය.එහෙත් එකවරම දකින දසුනකින් කථකයා තුෂ්ණිම්භූත වෙයි.සැප රියක නැගි තරුණියක් සුපුරුදු ළෙන්ගතු කමින් යුතුව රිය කවුළුවෙන් ඔහු දෙස එබී බලන්නීය.මෙි වනාහි වෙන කවුවත් නොව ඔහු කලක් පණමෙන් සුරැකි ආදරවන්තිය යි.මෙකී දසුනින් පසු කථකයාගේ සිත සැමරුම් පටුවතේ පස්සට ඇදී යයි.එවිට ඔහුට සිහිවන්නේ තම අතීත ප්‍රේම විජිතයේ සුන්දරත්වය යි.ඔහුගේ දෑස යටගිය දවස වෙත ඇදී ගිය ද ඇයට ඒ ගැන නිනව්වක් නැත.ඇය තම අලුත් පෙම්වතාගේ සැප රියෙහි නැගී ඔහු දෙස බලා අහක බලාගෙන යන්නීය.එහෙත් කථකයා ඉන් කම්පා නොවෙි.ඔහුට සම්‍යඥානය ඇත.මෙි කුරිරු, දූෂිත ,ජුගුප්සිත නරාවළෙහි සැබෑ පෙම් කුසුම් විකසිත නොවන බව ඔහු දනී.ඔහු මෙි අහඹු සිද්ධියෙන් අකම්පිතව ඉදිරියට ඇදෙයි.එහෙත් අතීත මතකය ඔහු දවයි.
අඳුරු ලලා සෙංකඩගල
වැස්සේ
දිය දහරා පාටයි
දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු
වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ
අඳුරු ලලා යනු කළුවර මෝරා වැඩෙන බව කීමට ජනශ්‍රැතියේ භාවිත වන යෙදුමකි.මෙහිදී කථකයාගේ හදවත වෙළාගෙන ඇති දුක,වෙිදනාව,පාළුව,තනිකම පිළිබඳ ඒත්තු ගැන්වීමට රචකයා මෙි වචනය ඖචිත්‍ය ගුණයෙන් භාවිත කරයි.වැස්සත් සමග එන අඳුරු පරිසරය පිළිබඳ අපූරු විත්ත රූප පෙළක් රසික මනසට ගලා එයි.එහෙත් සෙංකඩගල පුරවරයට ඇදහැලෙන වැසිදිය මතින් ඔහුගේ සිතේ ඇඳෙන්නේ වර්ණවත් දේදුන්නක් නොවෙිද ?මෙහිදී කථකයාගේ මතකයට නැගෙන්නේ එකල මෙවැනිම මල්වැසි වසින දවසක අද තමාට පිටුපා ගිය පෙම්වතිය සමග මුතුකුඩයක එකට තුරුළු වී ගිය ගමනයි.එදා ඔහු මෙි වැස්ස දුටුවෙි ආදර දේදුන්නක් සමග පෑයූ මධු හෙවත් පැණි පිරුණු වැස්සක් ලෙස නොවෙිද?අද දෙමංසලක ගිය ද එදා උනුන් එකිනෙකා වැළඳගෙන මෙි මාවතේ ම ගිය බව නොවෙිද මෙි කියන්නේ? මෙනයින් ගීතයේ දෙවැනි අන්තරා කොටසෙන් කථකයාගේ අධ්‍යාත්මය තුළ රජයන අසරණ තතු සංකේතවත් කරයි.දෙදෙනා දෙමංසලක යන බව කීමෙන් යටකී අසරණභාවය මොනවට පැහැදිලි වෙි.
රිය ඇතුළේ උණුසුම
ඔබට දිදී
නහවයි මා රිය සක
මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත්
එදා සිහිවී
අපේ සබඳකම් නෑ
රියසක දන්නේ
මෙහි පළමු පද පෙළ රමණීය නොවෙිද ? මෙහිදී තම අතීත පෙම්වතිය අලුත් පෙම්වතාගේ සැප රියේ උණුසුම විඳින බව කථකයා කියයි.මෙි වූකලි කෙතරම් ඖචිත්‍ය පද ගැළපුමක් ද? කථකයා වැස්සෙන් බෙිරීමට සීතලේ ගැහැමින් කුඩයක් යටින් යන විට පෙම්වතිය රිය සෙවණක උණුසුම විඳිමින් යන බව කීමෙන් ගම්‍ය වන්නේ ඒ මොහොතේ පරිසරියේ අැති කටුක බව නොවෙිද?මෙකී කටුක බව තවත් තීව්‍ර වන්නේ තම පැරණි පෙම්වතියගේ සැපරියේ රෝදවලින් නැගුණු මඩ පහරකින් කථකයාගේ සිරුර නැහැවී ගිය පසුවය.එහෙත් මෙහිදී කථකයා පවසන්නේ තමන්ට මෙි සිදුවීමෙන් කිසිදු සිති රිදීමක් නොවුණු බවය.රිය සක යනු අචෙිතනික ප්‍රපංචයක් බවත් එබඳු පණනැති වස්තුවක් දෙදෙනා සතු අතීත ගැඹුරු සබඳකම් කෙසේ නම් දන්නේ දැයි ඔහු අසයි.අද අපි ගෙවමින් සිටින්නේ පශ්චාත් ධනවාදය රජයන යුගයක යි.මෙහිදී ප්‍රේම සබඳතාවලට පමණක් නොව විවාහ ජීවිතයට ද තව දුරටත් මානවීය බැඳියාවක් නැත.ධනේශ්වර සමාජය පුරුෂාර්ථ,මානවබන්ධුත්වය ආදී මෙකී නොකී වටිනාකම් ගලවා වීසි කොට දමා ඇත. අද සියලු පෙම් බැඳුම්,විවාහ බැඳුම් සිදුවන්නේ සංකේත ප්‍රාග්ධනය,මූල්‍ය වටිනාකම් පෙරදැරි කොට ගෙනය.මෙනයින් වත්මන් තරුණියන් මානබලන්නේ කෙසේ හෝ මුදල් යහමින් ගැවසෙන අර්ථපතියකු සොයා ගන්නටය.එහෙත් ඇතැමුන්ගේ ව්‍යාජ රාජතේජසට,මුදල් බලයට රැවටී ඇතැම් තරුණයෝ මං මුළාවෙති.මෙලෙස බලන කල්හි මෙි ගීමිණ අප හදවත හා බුද්ධිය යන දෙක ම පෝෂණය කරයි.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුතුකුඩ ඉහලන මල් වරුසාවෙි