IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සාම්ප්‍රදායික නැට්ටුවාගේ අඳුරු වන්නම

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරී

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත්පට සින්න වී ඇති
සකියනි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදී
සකියනි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදී

ගායනය : ජානක වික්‍රමසිංහ
ගේය පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : එච්.එම් ජයවර්ධන


රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත, එච්.එම්. ජයවර්ධනයන් ස්වර රචනා කළ ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතයෙන් සාම්ප්‍රදායික වයෝවෘද්ධ නර්තන ශිල්පියකුගේ ජීවන ඛෙිදවාචකය මානව බන්ධුත්වයෙන් අපගේ හදවත සංස්පර්ශ කරයි.

ප්‍රතිභාව වෙන්දේසි කරන බඩගෝස්තරවාදී කලාකරුවන් අතර අදීන අභිමානය සුරකින පාරම්පරික කලාකරුවා සදාචාරී පුද්ගලයෙකි. සදාචාරීවීම යනු හෘද සාක්ෂියට අනුව තම යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමය.  

වඩාත් සදාචාරී පුද්ගලයා වඩාත් සන්තුෂ්ටිදායක පුද්ගලයා (The most moral man is the most happy man) යයි වරක් මහා දාර්ශනික සොක්‍රටීස් කීවෙිය. අප වසන මේ කුරිරු, අධම, දූෂිත, ජුගුප්සිත නරාව⁣ළෙහි එබඳු සදාචාරී සිත්පිත් ඇත්තෝ සිටිහුද? සිටී නම් ඔවුහු කවරහුද? සාම්ප්‍රදායික කලාකරුවෝ කවදත් සදාචාරී ජීවිත ගතකළ සුළවත්හුය.
 
පරපුරෙන් පරපුරට  උරුම ශිල්ප ශාස්ත්‍රය ඔවුහු ධනය, බලය, කීර්තිය හමුවේ පාවා නොදුන්හ. විටෙක ඔවුහු දෙවියන්, බුදුන් වෙනුවෙන් නැටුවෝය. ඇතමෙක් මහවාසලට සේවය කළහ. තවත්  අයෙක් රජුන්ගේ සතුට වෙනුවෙන් කය වෙහෙසා ශක්තිය දිය  කර හැරියහ.

ඔවුහු අතීතයේ මෙන්ම වර්තමානයේ ද නටති. එ් මිල මුදල් අපේක්ෂාවෙන් නොව නිස්සරණාධ්‍යාශයෙනි.

හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යැයි කතාවක් තිබේ. සාම්ප්‍රදායික කලාකරුවාට පරහට සිටිනුයේ ද මේ බෝසත්කමය.

ඔවුහු වේදිකාවේ බොරු ජිමිනාස්ටික් පෙන්වන  සුකිරිබටිල්ලන් නොවුහ. එහෙත් පාරම්පරික නැට්ටුවාගෙන් අද සමාජයට වැඩක් නැත. මොඩර්න් නැට්ටුවන්ගේ නැට්ටිචියන්ගේ විසූක දස්සනවලට ඕනෑතරම් අවස්ථා ඇත.

ඉඟ සුඟ නලවන, දෙතන පෙන්වන අඩනිරුවතට ප්‍රේක්ෂකයෝ ද ආහ්ලාදයෙන් චියර් කරති. පාරම්පරික නැට්ටුවා දහදිය මහන්සියෙන් ප්‍රගුණ කළ ශිල්පය අද පවතින වෙළෙඳ වසල කුලයට ඇවැසි  නැත. ඔවුන්ට අවශ්‍ය වාණිජ අරමුණු සාක්ෂාත් කරගැනීමට මුක්කු ගසන දේශපාලන නළාකරුවන්ය.

පාරම්පරික කලාකරු⁣වෝ පැල්කොටයක හාමතේ හූල්ලද්දී  දේශපාලන නළාකරුවෝ සුපිරි මාලිගයක උඩුමහලේ සවුදිය පුරමින් සුරසැප විඳිති.

කලාකරුවාට ජීවත්වීම සඳහා මුදල් අවශ්‍යය.එහෙත් කලාකරුවාගේ මූලික අභිප්‍රාය විය යුත්තේ මුදල් ඉපයීම නොව කලාවයි. මුදල ද්විතීයික අරමුණ විය යුතුය.

මේ සම්බන්ධයෙන් කාල් මාක්ස් කර ඇති ප්‍රකාශය අදටත් වලංගුය. ඔහු ලේඛන කලාව මුල්තැන්හිලා සලකා මේ ප්‍රකාශය කළද එය සකල කලාවටම ආදේශ කළ හැකිය.

"ජීවත්වීමටත් ලිවීමටත් ලේඛකයා මුදල් හමිබ කළ යුතුය.එහෙත් ඔහු කවර තත්ත්වයක් යටතේවත් මුදල් හමිබ කිරීම සඳහා ජීවත්වීමවත් ලිවීමවත් නොකළ යුතුය."

කාල් මාක්ස් කී පරිදි ලෝකයේ විශිෂ්ට කලාකරුවන් හැමවිටම තම පරමාර්ථය ලෙස අවධාරණය කර ඇත්තේ කලාවෙන් මෙි ලබන අධ්‍යාත්මික වින්දනයමයි. ඔවුන්ට මූලික වූයේ මුදල නොව කලාවය. එබඳු කලාකරුවන්ට සංවෙිදි මහජනතාව සලකා ඇත්තේ ද ඒ අයුරිනි.

රත්න ශ්‍රී විජේසිංහයන් සාම්ප්‍රදායික කලාකරුවාට සිදුවන මේ ඛේදවාචකය දුටුවේ අද ඊයෙක නොවේ. දැනට දශක හතරකට පමණ උඩදී නර්තන ශිල්පීන්ට සම්මාන පුදන අභිමානවත් උළෙලකට රත්න ශ්‍රී විජේසිංහයෝ ඇරියුම් ලැබූහ. රටේ ප්‍රසිද්ධ  එක්තරා වයෝවෘද්ධ නර්තන ශිල්පියෙක්ද එම උළෙලේදී සම්මානයට පාත්‍රවුයේය.

උත්සවය අවසන් වීමෙන් පසු මේ නර්තන ශිල්පියා උසුලාගත නොහැකි යකඩ සම්මාන  ගුලියද රැගෙන හදිසියේ ඇද හැලුණු  වැස්සෙන් මුවාවෙන්න අසල තිබූ ගසක්යටට  වෙව්ලමින් රිංගන අයුරු විජේසිංහයෝ දුටුහ.

උත්සවයේ සංවිධායකයන් අතුළු ප්‍රධාන ආරාධිතයෝද  ඉන්ටර්කූලර්, බෙන්ස් රථවල නැගී ඉගිලී ගියහ. එහෙත් අර වයෝවෘද්ධ නර්තන ශිල්පියා ගහක් යට වැස්සේ ගුලිවෙමින් බසයක් එනතුරු මඟ බලාගෙන සිටියේය. මේ සිද්ධිය  සියැසින් දුටු රත්න ශ්‍රී විජේසිංහයෝ අවසානයේදී එය විශිෂ්ට ගීතයකට පරිවර්තනය කළහ.

 

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා
තන තන තාන තම් දෙනා

 

මේ කථකයා ගමේ ගොඩේ නර්තන ශිල්පියකු නොවේ. රාජකීය සම්මානයට පාත්‍රවූවෙකි. ඔහු හිසේ පළඳාගෙන සිටිනුයේ තොප්පියක් නොව ඔටුන්නකි. ඒ වූකලි මුතු ඔබ්බවා ඇති කිරුළකි.

රාජ උෂ්ණය තැවරී ඇති මේ කිරුළ ඇත්තටම හිස් පළඳනාවකි. මෙයට වෙස් තට්ටුව යැයි කීම වඩාත් නිවැරැදියි. මේ නැට්ටුවා නටලාම වයසට ගියේය. ඔහුට දැන් හොඳටම වෙහෙසයි. ඔහුගේ නර්තන කලාවේ අවසාන වකවානුව නොවේද මේ ගෙවී යන්නේ?

කිරුළේ මුතු ඇට සර සර හඬින් එකිනෙක ගැලවී වැටෙන්නේ හරියට ඇස් දෙකෙන් කඳුළු කඩා හැලෙන්නා සේය. වන්නම් දහඅටම ප්‍රගුණ කළ ඔහුට ජීවිත වන්නම ජය ගැනීමට නොහැකිවිය. ජීවිත වන්නම හරියට නටා ගන්න නොහැකි වුවද  ඔහු තමා දැන උගත් නර්තන කලාව වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූයේය. ඊට පූජනීයත්වයෙන් වැඳුම් පිඳුම් කළේය.

 

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා

 

සුළු මැදුම් දෙතිත යනු නර්තන කලාවේ තාල බෙදීමේ එක් කාණ්ඩයකි. ජීවිතයේ සැඳෑ සමය ගත කරන මේ නැට්ටුවාට තමන්ගේ නර්තනයට අදාළ තාලයටවත් නැටීමට නොහැකිය.

ගිගිරි  කියන්නෙ නර්තනයේදී පාදයේ පළඳින වෙසෙස් ආභරණයකටය. ගිගිරි නියම තාලයට හැඬවෙන්න නමි ජවසමිපන්න අයුරින් පාද බිම තැබිය යුතුය. එහෙත් ඔහුට පෙර මෙන් දැන් මේ නැටුම් නටන්න බැරිය.

ගුත්තිල පඬිවරයා කී පරිදි "මට මහලු වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ" යන්න ඊට කදිම නිදසුනකි. 

මහලු නැට්ටුවාගේ අවසඟ දෙපා නැටුමට සූදානම් නැත. එහෙත් කුටුම්බ රක්ෂණය වෙනුවෙන්  එසේත් නැත්නම් පවුල නඩත්තු කිරීම උදෙසා  ඔහු තව දුරටත් මේ නැටුම්  නැටිය යුතුයමයි.  මෙහිදී ගිගිරි වැළපෙන බව රචකයා කියයි. රත්න ශ්‍රී විජේසිංහයන් වක්‍රෝතියෙන් පවසන්නේ නැට්ටුවා මෙම කාර්යයට දැන් නුසුදුසු බවය. මහලු දෙපා වෙව්ලන බව කීමෙන් ගම්‍ය වන්නේ නැට්ටුවාගේ කලා ජීවිතය අභාවයට ගොස් ඇති  බව නොවේද?

 

දිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරී

 

විවිධ වර්ණයෙන්, විදුලි ආලෝකයෙන් සුසැදි කරළිය කෙතරම් දිළිසුණත් කරළිය එකලු කරන ආලෝක ධාරාව නැට්ටුවාගේ ජීවිතයට වැටී තිබේද?

වේදිකාවේ සුන්දරත්ව⁣යෙන් බිඳකුදු නැට්ටුවාගේ ජීවිතයේ නොමැත. වන්නමක් සේම සුමිහිරි තානමක් නැති  යනුවෙන් ද පද පෙළක් මෙහි ඇත.

තානම්, කස්තිරම්, අඩවි පද එක්ක මුසුවූ බෙරපද ද සුන්දරය. එහෙත් නැට්ටුවාගේ ජීවිත ඇතුළාන්තයට ගොස් එබී බලද්දී මතුපිටින් නොපෙනෙන දෙයක් ඇත. ඒ ඔහුගේ දරිද්‍රතාවයි. නැති බැරියාවයි.

ජීවිතය වන්නමක් තරම් සුමිහිරි තානමක් නොවන බව නොවේද මේ කියන්නේ? වන්නම කෙතරම් සොඳුරු වූවද නැට්ටුවාගේ ජීවන වන්නම අඳුරුය.

සකියා යනු මිතුරාය. ජීවිතය යනු ගිරෙන් ගිර නැත්නම් කන්දෙන් කන්ද තරණය කළ හැකි රෝස මල් ඇතිරු රතු පලසක් නොවේ. එය කටු කොහොලින් පිරුණු රළු බිමකි. ජීවිතයේ ඉලක්ක කඩඉම් ජය ගන්නට කෙටි මාර්ග නැත. හනුමා වන්නම ඇසුරෙන් ගොඩනගන සරල පැදි පෙළ ගීතයේ අපූර්වත්වය සුවිශද කරන කැඩපතක් බඳුය. රත්න ශ්‍රී විජේසිංහයන් විශිෂ්ට කවියකු ද වන නිසා අන්‍යාලාපය බුහුටි ලෙස ගීතයයට යොදාගෙන ඇති බව පෙනේ.

 

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත්පට සින්න වී ඇති
සකියනි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදී
සකියනි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදී

 

මේ නැට්ටුවා නර්තන කලාවට කෙතරම් සේවය කළත් හමිබ කරගත් දෙයක්  නැත. ඔහු නර්තනයේ යෙදී කරළියෙන් බිමට බසිද්දී සංවිධාකයෝ සොච්චම් මුදලක් අතමිට මොලවති. ඒ මුදල අඹුදරුවන්ගේ බඩවියත රැකීමට පවා ප්‍රමාණවත් නොවේ. ඔහු ඇතැම්විට දරුවන්ට කන්න අඳින්න දෙන්නේ බිරිඳ සතු කනකර පවා උකසට තැබීමෙනි.

එහෙත් නර්තන කලාවෙන් හරිහම්බ කරන සොච්චමෙන් උකසට තැබු රන්බඩු බේරාගැනීම ඔහු වැනි ශ්‍රමිකයකුට සිහිනයකි. රන්, රිදී  සියල්ල ණයකරුවන්ට සින්නවී ගොස් හමාරය. රුපියල් සතවලින්  සියලු දේ මනින සමාජයක සාම්ප්‍රදායික නර්තනයක යෙදී කෙසේ නමි ජීවිතෙන් ගොඩයන්නද?

රිදී කාසි සොලවන්නට බෙර පදය මදී යනුවෙන් රචකයා පවසන්නේ කුමක්ද ? ඉන් ඇඟවෙන්නේ වත්මන් සමාජය මෙබඳු සාමිප්‍රදායික නැටිටුවකු වෙනුවෙන් සල්ලි දෙන්න තියා හොලවන්නවත් අකමැති බවය. අද කාලේ මුදල් විසි කිරීමට නමි නර්තන වේසයෙන් කෙරෙන විසුක දස්සන පෙන්විය යුතුය. එවිට අතේ මිටේ නැති මුදල් පවා තටු ගසමින්  එළියට එනු ඇත.

මේ වුකලි එක් සාම්ප්‍රදායික නර්තන ශිල්පියකුගේ ජීවන අන්දරයයි. මානවවාදී කලාකරුවන්ගේ ජීවන ඛේදවාචකයයි.

සාමිප්‍රදායික කලාකරුවාගේ  මහපොළොවේ ජීවන යථාර්ථය වඩාත් ඖචිත්‍ය පද ගැළපුමකින් රචනා කරමින්  රත්න ශ්‍රී විජේසිංහයෝ සිය සුදුර්ලභ කවි ශක්තිය "කිරුළ මුතු ලිහී"  ගීතයෙන් මොනවට සුපැහැදිලි කරති.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුවිශිෂ්ට පද සංයෝජනය ද එච්. එම්. ජයවර්ධනයන්ගේ සුමධුර නාද සංයෝජනය ද ජානක වික්‍රමසිංහයන්ගේ කර්ණරසායන හඬ පෞරුෂය ද හේතුවෙන් ⁣මෙම ගීතය උත්තමගණයේ කලා නිමැවුමක් ලෙස අපගේ ස්නායුපද්ධතිය ස්පර්ශ කරයි.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ



අදහස් (3)

සාම්ප්‍රදායික නැට්ටුවාගේ අඳුරු වන්නම

තලාතුඔය සරත් Monday, 29 August 2022 05:12 PM

සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යුහය තුළ සාම්ප්‍රදායික නර්තන ශිල්පියාගේ ජීවන ඉරණම අපූර්වත්වයෙන් යුතුව විනිවිද දැක ඇත... උඩරට නර්තන ශිල්පියා 'කුලය' යන සමාජ රාමුව තුළ දැඩි මානසික පීඩාවන්ට පවා ලක්ව ඇතිබව කිවයුතු අතර මෙම ගීතයට අපූරු විවරණයක් ගෙන දීමට සමත්වී තිබේ. රස වින්දනය සේම විවරණය බොහෝ රසවත්ය.

:       0       11

AB Wednesday, 31 August 2022 05:53 AM

ගීත කලාව, සංගීතය ප්‍රවර්ධනය උදෙසා මාධ්‍ය මගින් පවත්වන රියැලිටි ෂෝස් සමානවම නැටුම් කලාව ප්‍රවර්ධනය කර අලුත් පරපුරට හඳුන්වා දීමද මාධ්‍ය මගින් කළ හැකිවේ. එවිට එකම සම්ප්‍රදායික පරම්පරාවකින් හෝ එක ජනකොටසකට උරුම වූ හෝ ඔවුන් විසින්ම කළයුතු හෝ ඔවුන්ටම නියමිත යනුවෙන් ප්‍රචලිත නැටුම් කලාවට වර්තමානයේ මාධ්‍ය මැදිහත් වීමෙන් ඕනෑම කෙනෙකුට රියැලිටි ෂෝස් සඳහා ඉදිරිපත්ව නැටුම් කලාවට පුළුල් වෙනසක් සමග නව අරුතක් ලබාදීමට හැකිවේ. මේ සඳහා නැටුම් කලාව කරගෙන යන්න වූ ප්‍රවීණයන්ගේ උපදෙස් සහ මාධ්‍ය දායකත්වය මත කළ හැකිවේ. ලංකාවේ පවත්වනු ලබන්නා වූ සෑම පෙරහරක් නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගනු ලබන්නේ ද පෙරහරේ ගමන් කරන්නා වූ විවිධ නැටුම් කණඩායම් ගෙනහැර දක්වන්නා වූ නැට්ටුවාගේ හැකියාවන් සහ දක්ෂතාවයන් වේ...!

:       0       1

LGPJ Tuesday, 06 September 2022 06:12 AM

මෙය ඉතා වැදගත් කදිම ගීතයක්...ගායනය ඉතාමත් සවිමත්... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

ඔබෙි දෑසයි
2025 අප්‍රේල් මස 29 514 1

මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.


ලන්දේ උකුල උඩ
2025 අප්‍රේල් මස 22 1042 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස


මිනින්දෝරු කන්තෝරුවෙි
2025 අප්‍රේල් මස 15 870 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ


මිහිරැති වසන්ත කාලේ
2025 අප්‍රේල් මස 08 647 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 1088 1

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 1023 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site