IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිරිමා බෝ මැඩ

ගීවිනිස 138

 

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ ස්වරාලංකාරයෙන් සහ සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ දරුවන් අරබයා වන වාත්සල්‍ය නම් රසය පෝෂණය කරයි.

දාරක ප්‍රේමය හෙවත් වාත්සල්‍ය සියලු මිනිසුන් තුළ ම අවිශේෂයෙන් පවත්නා මනෝභාවයකි.එහි දිග පළල මැනිය නො හැකිය.ඇතැම් සතුන් තුළ ද දාරක ප්‍රේමය ඇත.එහෙත් මිනිසුන් තුළ ඇති දාරක ප්‍රේමය ඇතැම් අවස්ථාවලදී බිඳී යයි.සමාජ ආර්ථික හේතු ඊට බලපායි.මෙි ගීමිණ වූකලී නූතන දරු නැළවිල්ලකි.එහි රචක අජන්තා රණසිංහයෝ ඊට බුදුගුණ සවුඳ කැටි කරති.⁣ප්‍රසාද මාධූර්යයෙන් යුතු මෙි ගීමිණ දිවමතුරකි.

මෙම අපූර්වතම දරු නැළවිල්ල කුඩා දියණියකට පියකු විසින්  පිරිනමන සනාතන අධ්‍යාත්මික පැතුමකි.දරුවන්ගේ ලෝකය සුපිරිසුදු ය.සුනිමල් ය.නිකලෙස් ය.එහි ආගම්,කුල,ජාති වර්ගවාදී භේද හෝ ලෝභ,ද්වෙිෂ,මෝහාදි මල හෝ පිරී නැත.දරුවෝ අනාගත ජීවනාලිය යි.සමාජයේ හිමිදිරිය යි.දරුවන්ගේ මෙි නිර්ව්‍යාජ හැසිරීම් දැක ඇතැම්  වැඩිහිටියෝ විස්මයට පත්වෙති.තතු එසේ වූව ද දරුවන් වෙනුවෙන් ඇතැම් මවුපියෝ මිත්‍යදෘෂ්ටික පැතුම් පතති.ඇදහිලිවල නිරත වෙති.විභාග සමත් කර දෙන්නැයි නානාප්‍රකාර වැඳුම් පිඳුම් කරති.එහෙත් එබඳු ප්‍රාර්ථනාවලින් පඥාව හෝ ගුණදහම් වගා දිගා නොවෙි.අධිෂ්ඨානය දරුවකුගේ සිතට මෙන්ම ගතට ද එකසේ ස්පර්ශ විය යුතුය.මෙි ගීතයේ යටකී සියලු ගුණාංග කැටි වී ඇත. මෙි දරු නැළවිලි ගීතය උදේ හවා අසන දරුවා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පිරිපුන් සත්පුරුෂයකු වන බව කීම අතිශයෝක්තියක් නොවෙි.

සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
දසමර සේනා දිනූ බෙලෙන්
ජයපැන් කරඬුව දෝත දරා
නිදන්න දූ කුමරී

සිඟිති දියණියකගේ හෙට දවස වෙනුවෙන් වෙහෙසෙන මෙහි පියා හෙවත් කථකයා ඇයගේ දෝතට ජය පැන් කරඬුවක් තිළිණ කරයි.මෙි වූකලී අතිශය භක්ති පූර්වක හැඟීම් දනවන කරුණක් නො වෙි ද?කරඬුව යන යෙදුම පුණ්‍යවන්තය.එහෙත්
එම කරඬුව නිකම් ම හිස් කරඬුවක් නොව ජය පැන් කරඬුවකි.මෙකී ජයපැන් වූකලි බුදුරජාණන් වහන්සේ, ජය සිරිමා බෝමුල වැඩ හිඳ දසමර සෙන් පරදා ලැබූ මහා විජයග්‍රහණය සිහිකොට පිරිත් කළ ජය පැන්ය.මෙි නම් කෙතරම් අර්ථපූර්ණ, ඖචිත්‍ය, වන්දනීය, රමණීය වචන පෙළ ගැස්මක් ද?කථකයා තම දියණියට නිදා ගැනීමට ඇවටිලි කරන්නේ මහාර්ඝ අශිර්වාදයක් පිරිනමා  නො වෙි ද?

බක්කුල මහ තෙරිඳු බෙලෙන්
නිදුක් නිරෝගී වේවා
සූවිසි මුනිඳුන් පින් මහිමෙන්
නිරතුරු ආයු වැඩෙිවා
අසූ හාරදහසක් දම් තෙද කඳ
සෙවණ දෙවා සුරකීවා

දරුවකුට පමණක්  නොව ආරෝග්‍ය සම්පත්තිය වැඩිහිටියන් ද ඇවැසිය. බුදු සසුනේ පරම ලාභය අත්පත් කොටගත් බක්කුල මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී භාවයත්, සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ පින් මහිමයෙන් ආයුෂත්, සූවාසූ දහසක් ධර්මස්කන්ධයේ ආරක්‍ෂාවත් පැතීම දරුවාගේ කායික මානසික වර්ධනයට හේතුවන මහා ආශීර්වාදයක් නො වෙි ද? මෙනයින් බලන කල දාරක ප්‍රේමය වනාහි දෙගොඩ තළා යන ගඟක් වැනිය.උතුම් පින්වත් ජීවිතයක 
යහපැවැත්මට  ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංචවිධ සම්පත්තීන් අත්‍යාවශ්‍යය.රචකයා  යටකී  පංචවිධ සම්පත්  සුවිශද කිරීමට   ත්‍රිවිධ රත්නයේ  පුණ්‍යමය සංකේත හා චරිත කිහිපයක් උපයෝගී කර ගනිති.එපමණක් නොව අසූ හාරදහසක් ධර්මස්කන්ධය දරුවකුට මහා සෙවණැල්ලක් බඳු ය.

සිරි දළඳා සමිඳු පිනින්
ළතෙත් ගුණය ඉතිරේවා
වම් සිරිපා රන් පද්ම බෙලෙන්
අනන්ත නුවණ වැඩෙිවා
මහා සීවලී මහිමි අනුහසින්
ඉසුරු සැපත් බෝ වේවා

දළදා සමිඳුන්ට බෞද්ධ බැතිමත්හු ගෞරව කරති.මෙහිදී  කථකයා තම දියණිය වෙනුවෙන්  ප්‍රාර්ථනා කරන්නේ    සිරි දළදා වහන්සේගේ පින් මහිමයෙන් ළතෙත් ගුණය ද සිරිපා පද්මයේ බෙලෙන් ප්‍රඥාව ද මහා සීවලී රහතන් වහන්සේගේ අනුහසින් යසඉසුරු සම්පත්තිය ද ලැබේවා යන්නයි.මෙි වූකලී කෙතරම් උතුම් ප්‍රාර්ථනයක් ද?අද කාලයේ ඇතැම්  මවුපියන්ගේ මිත්‍යදෘෂ්ටික ප්‍රාර්ථනයන්ට වඩා මෙි පියාගේ ප්‍රාර්ථනය කෙතරම් උත්කෘෂ්ට ද?



අදහස් (0)

සිරිමා බෝ මැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site