IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සිහින නෙළුම් මල

ගීවිනිස 117

 

 


ධර්මසිරි ගමගේයන්ගේ  ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ  කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.

මිනිසාගේ හදවතට ශෝකය දනවන ගීත බොහෝය.එහෙත් එකී ශෝකමිශ්‍රිත හැඟීම් දනවන ගීත අපගේ ප්‍රියතම ගීත නො වෙි ද? මිනිසා විඳින අනවරත ශෝකයේ විශ්වීය විස්මිත අන්තර්ගතය කිම? මෙි වූ කලි සොබාදහමත් මානව සබඳතාත් අතර ඇතිවන ගැටුමකි.මිනිස් ආත්ම ලැබූවෝ සොබාදහම පාලනය කිරීමට තැත් කරති.එහෙත් සොබාදහම පාලනයට හෝ මර්දනය කිරීමට මිනිසාට නොහැකිය.සොබාදහම වනාහි මිනිසාගේ ජීවිතය පාලනය කරන මහා බලවතාය.මෙනයින් බලන කල මිනිසා පමණක් නොව ලොව පහළ වූ සියලු සත්වයෝ සොබාදහමට නතු වෙති.ඔවුහු සොබාදමෙි වෙිරම්බයට හසු වෙති.යටකී ශෝකය දනවන සිදුවීම් හෝ වෙයිදිතයන් සාහිත්‍යකලාවට නැංවුණු කල්හි මිනිසාට කිසියම් සෞන්දර්යාත්මක ආස්වාදයක් ගෙන දෙයි.මෙි ගීතය වනාහි එබඳු ⁣කරුණරසයක් දනවන වියෝගයක් ගැන කියැවෙන ගීතයකි.එහෙයින් මෙහි අන්තර්ගතය සංයෝග වියෝගයකි.සම්ප්‍රයෝග විප්‍රයෝයකි.විප්‍රලම්භ ශෘංගාරයකි.

ලොව පහළ වන බොහෝ පෙම් බැඳුම් ඇති වී නැති වී යයි.මිනිසා කෙතරම් සිහින හඹා ගිය ද බොහෝ සිහින සපල නොවෙති.මෙි සියල්ල කාල අවකාශය තුළ සැරිසරමින් සිටී.එහෙත් පෙම් බැඳුම් පරිමිතය. කාලයත් අවකාශයත් අපරිමිත ය.මෙනයින් බලන කල ජීවිතය ද අනිත්‍ය වූ ලෝකයේ පෙම් බැදුම් ද අනිත්‍ය ය.අවසානයේ අප පතන සියලු දේ සිහින ම පමණි.ඒ සිහින කවදානම් සපල වෙි ද? මිනිසාට සොබාදහමත් සමාජසබඳතාත් දමනය කිරීමට නොහැකිවීම මෙි සියලු අර්බුදවලට හේතුව නො වෙි ද? මෙි ගීතයේ ගැබ් වන්නේ ද ඉටු නො වූ අතීත පැතුමක් සිහිවීමකි.ඒ ගැන සිහින දැකීමකි.මිනිසාගේ පැතුම් අතර ඉතාමත් සුහද සුන්දර පැතුම නම් මානවසබඳතා සඳහා පවතින පැතුම⁣ය.මෙි වූ කලි එබඳු පැතුමක් සපල කරගැනීමට දරන අහිංසක ප්‍රේමවන්තයකුගේ ප්‍රයත්නයක් නො වෙි ද?‘සිහින නෙළුම් මල ජීවිත පොකුණේ ‘ නමැති ගීතය 1972 වසරේ සහනය චිත්‍රපටයට සුකීර්තිමත් ගේයපද රචක ප්‍රවීණ මාධ්‍යවෙිදී ධර්මසිරි ගමගේයෝ රචනා කළෝය.හෙළයේ මහ ගදඹ පණ්ඩිත අමරදේවයෝ මෙි ගීමිණ ස්වරාලංකාරයෙන් කර්ණරසායන මාධුර්යයෙන් ගැයුවෝය.මෙි ගීතය වෙනුවෙන් චිත්‍රපටයේ රූපරාමු පෙළට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සහ හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායකවූවෝය.

 

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ


තුන්යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා ප්‍රභාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ

මෙි කථකයා වියෝගී හදවතක් ඇති අහිංසක පෙම්පැතුම් දල්වන්නෙකි.එහෙත් කල්පනා යානෙක නැගී ඔහු කාල්පනික ලෝකයක සැරිසරමින් තමා පණමෙන් පෙම් කළ ප්‍රියාවිය සොයයි.ඔහුගේ ජීවිතය නමැති පොකුණ මත පිපි සැලෙන නෙළුම් මල ඇයයි.එහෙත් ඒ පැතුම සිහිනයක් ම පමණි.මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නො වී ම ලෝකස්වභාවය යි.බොහෝ පැතුම් බිඳ හැළි සිහින මිය යයි.ඕමාර් ඛයියාම් කවියා මෙසේ කීය.

නිතියෙන් නඟිනා හද තුළ 
ආසා
සැණෙකින් හළු වී යයි නො ව සේසා

මෙනයින් බලන කල මිනිසාගේ ජීවිතයේ හැමවිට ම පැතු දෑ නො සිදුවී නො සිතු දෑ සිදුවෙි යයි කීම අතිශයෝක්තියක් නො වෙි.ජීවිතයේ තුන්යම ගෙවී ගිය ද ඔහු හිරු නැගීමට පෙර උදාවන ප්‍රභාතයට පෙම් කරයි.අරුණළු කැරැලි එකිනෙක පොළොවට වැටෙන නිමෙිෂයේ ඔහු තම ප්‍රියාවිය දකියි.එහෙත් කථකයාට තම පෙම්වතිය පෙනෙන්නේ රීදි පහන් තරුවක් ලෙසය.මෙහිදී පහන් තරුව යනු කිම? සූර්යාට ළඟින් ම පිහිටි සිකුරු ග්‍රහය යි.චන්ද්‍රයා හැරුණු විට අහසේ තිබෙන දීප්තිමත් ම තාරකාව වන්නේ සිකුරු තරුව,පහන් තරුව,ඉරබටු තරුව යන විවිධ නම්වලින් හැඳින්වෙන යටකී සිකුරු ග්‍රහයා යි.මෙය ඇතමෙක් උදා තරුව නමින් ද හඳුන්වති.තම සිහින දෙව්දුව රීදි පහන් තරුවක් ලෙස දැකීම අපූරු කාව්‍යෝක්තියක් නො වෙි ද? මෙි නම් කෙතරම් අර්ථපූර්ණ ඖචිත්‍ය රමණීය යෙදුමක් ද? 


දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ 
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකළා


තම තරුණ අවදිය කුල්මත්,මන්මත්  කළ ඒ ළබැඳි,සබැඳි ⁣ප්‍රියාවිය පිළිබඳ ඔහු ජීවිතයේ මැදි වයසට ළඟා වූ පසුව ද සිහින දකියි.එහෙත් ඇය ඔහුගේ නිද්‍රාශීලී හදවත අවදි කළේ නිකම්ම නො වෙි.ජීවිතය සෞන්දරත්වයෙන් පිරිමදින කවියක් ලෙසය.මෙි වූ කලි ඔහුගේ ගත සිත වෙළාගත් සුඛප්‍රහර්ෂයක් නො වෙි ද?පාළුව,තනිකම,කාන්සිය අත්විඳින වියෝගී පෙම්වතාට තම සිහින කුමරියගේ කාව්‍යා සංස්පර්ශ රූපකාය හදවත අවදි කිරීමකැයි කීම ව්‍යංග්‍යාර්ථය දනවන යෙදුමකි.මෙි වනාහි සම්භෝග ශෘංගාරයට අතවැනීමක් වැන්නය.

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු 
සිහිනේ
එහෙත් සිහිනයක් 
වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ

මෙි කථකයා තම මැදියම් යාමය හෙවත් ජීවිතයේ මැදිවයසේදී ඇගේ  රූසපුව පියවී ලෝකයේ ද දුටු බව කියයි.එහෙත් ඔහු එය දුටුවෙි පෙරයම සිහිනයක දී ය.දැන් ඔහු ළඟා වී ඇත්තේ ජීවිතයේ පශ්චිම යාමය හෙවත් මහලු වයසටය.මෙහිදි කථකයා සැක කරන්නේ තමා මැදියම් රැයේ දුටු සිහිනය ජීවිතයේ අවසාන කාලයේදී පවා සිහිනයක් ම විය හැකිදැයි යන්නය.බිඳුණු පැතුම්වලත් ඒවායේ සැමරුම්වලත් සැටි මෙසේ නො වෙි ද?මෙි කථකයා දුටු සිහිනය කෙතරම් සුන්දර වූව ද එය අ⁣යථාර්ථවත් හෙයින් නිෂ්ඵලය.සිත ගමනින් ගමන විඩාවට පත් කිරීම විනා ඉන් කවර ඵලයක් ද?



අදහස් (0)

සිහින නෙළුම් මල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 445 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16902 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site