රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උතරීතරත්වය පමණක් නොව එහි ඇති අධ්‍යාත්මික බැඳීම ද සුවිශද කරයි.
ලොව කිසිදු දින මානව ප්‍රේමය වියපත් නොවෙි.උනුන් එකිනෙකා අතර උපන් අධ්‍යාත්මික බැඳීම,මානවබන්ධුත්වය,ආත්මීය සුසංයෝගය දෙදෙනාගෙන් කෙනකු මියගිය ද අවසන් නොවනු නොඅනුමානය.මෙනයින් බලන කල මානව ප්‍රේමය වූකලී එතරම් ම ලබැඳි,සබැඳි, අමිල,විරල ප්‍රපංචයකි.එහෙත් මෙි කාබනික සිරුර මරණයෙන් අකාබනික ද්‍රව්‍ය බවට පත් වූ කල්හි ඒ ද්‍රව්‍ය යළි නොයෙක් විකාසනයන් හරහා ගමන් කරනු ඇත.එහෙයින් දෙදෙනකු අතර කෙතරම් අධ්‍යාත්මික ප්‍රේමයක්,බැඳීමක් තිබුණ ද මරණයෙන් මතු ඇයට හෝ ඔහුට පියවි ලොව යළි උනුන් මුණගැසේ.තතු එසේ වූව ද ඇතැම් ස්වාමි පුරුෂයෝ ද බිරියෝ ද වියපත් වී මරණය ළඟාවන තුරුම උනුන් එකිනෙකාට සුජීවත් ව සිටි පරිදිම පෙම් කරති.ගරුබුහුමන් දක්වති.මෙි ගීතයට විෂවී ඇත්තේ ද යටකී මානව සංස්පර්ශයක සුදුර්ලභ ආදර අන්දරයකි.මෙි වූකලී රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් අපූරු සොඳුරු ජීවනානුභූතියකින් පිළිපන් ගීමිණකි.
මිනින්දෝරු කන්තෝරුවෙි
මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද
දම්වැල් අරගෙන
මෙි ගීතයේ කථකයා ප්‍රිය වියෝගයෙන් අසරණ වූ යහපත් ඇවතුම් පැවතුම් ඇති වියපත් සැමියෙකි.තම ප්‍රාණසම බිරිය මියගිය ද ඔහු තවමත් ඇය ගැන හිතමින්,තැවෙමින් ළතැවෙයි. තම බිරිය සමඟ ගතකළ අතීත ජීවිතය සිහිපත් වීමට පමණක් නොව ඇයට කෙරෙන ගෞරවයක් වශයෙන් ඔහු තම මිදුලේ පැත්තක සොහොනක් ද ඉදිකර ඇත.එහෙත් එ් සොහොන කඩා බිඳ දමා ඉඩම මනින්නට මිනින්දෝරුවෝ පිරිසක් ඔහුගේ නිවෙසට එති.කථකයාගේ මෙි ආරෝව,ප්‍රයත්නය එකී මිනින්දෝරුවන් එළවා දැමීමටය.පැල ඉනිවැටට ගහමරා ගනිමින් නඩුහබවලට පැටලෙන සහෝදර සහෝදරියෝ ගම්වල කොතෙක් නම් සිටිත් ද?ඔවුහු ඒ වෙනුවෙන් ජීවිත කාලයේ ම නඩු කියති.තම කොටස වෙනුවෙන් සටන් කරති.මෙි කථකයාට ද සිදුවී ඇත්තේ එබඳු සන්තෑසියකි.ඔහු පණමෙන් ආදරය කළ බිරියගේ සොහොන තව නොබෝ දිනකින් අහිමි වීමට නියමිතය.මිනින්දෝරු කන්තෝරුවෙි මුලාදෑනියන් හෙවත් නිලධාරින් මෙි මනින්නට සැරසෙන්නේ සුදු බණ්ඩි නමැති තම ආදරණීය බිරියගේ සොහොනයි.එහෙත් ඔහු ඊට විරුද්ධත්වය පාමින් පවසන්නේ ඉඩම මැනීමට ගෙන ආ උපකරණ ද රැගෙන වහාම තම නිවෙස් භූමයෙන් පිට වී යන ලෙසය.මෙහිදී තම බිරිය පෙර කල තමා වෙත පිදූ ආලය ඔහුට සිහිපත් වෙයි.
මෙි මිනින්දෝරුවන් පිරිස කිරි බණ්ඩාගේ ඉඩම මැනීමට පැමිණ ඇත්තේ උසාවි නියෝගයක් මතය.එහෙත් කිරි බණ්ඩාට එ් පිළබඳ කිසිදු නිනව්වක් නැත.ඔහු තම බිරියගේ සොහොන කඩා බිඳ දැමීමට ඉඩ නොදෙයි.මෙනයින් බලන කල මියැදුණු බිරිය වෙනුවෙන් ගේ අසල සොහොනක් ඉදිකර ඊට වත් පිළිවෙත් කරන ඔහු සැබෑම ස්වාමි පුරුෂයකු නො වෙි ද?
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
කථකයා තුළ තම බිරිය කෙරෙහි ඇති ආලය,ළෙන්ගතුකම,ගෞරවය ඉහත වදන්වැළෙන් ප්‍රකාශිත නො වෙි ද?එහෙත් කිරි බණ්ඩාට සුදු බණ්ඩි මෙතරම් ළෙන්ගතු වීමට හේතු කාරණා කිම?ඒ ඇය සුජීවත් ව සිටියදී ඔහුට යහමින් සැලකුව නිසා ම නො වෙි ද?මෙි වූකලී කෙතරම් රමණිය යෙදුමක් ද? අප හද තෙතමනය කරන කාව්‍යමය බසක් ද?
පිං කුඹුරු නෙළන කාලෙට
මට හීල අරන් එන
ඉස විසාදියට තෙල් උලලා
තෝන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට
ඇගෙන් දැන් හමා එන සුවඳ පෙර මෙන් ඉඳුරන් පුබුදුවන්නේ නැත.එහෙත් ගෙවුණු එදවස තවමත් සොඳුරුය.ඔහු කුඹුරේ වැඩ කරන කොට ඇඹුල ගෙනත් දෙන්නේ ඇය යි.ලෙඩට දුකට බලන්නේ ද ඇය යි.හිස රුදාවට තෙල් ගල්වා ආදරයෙන් හිස පිරි මැද්ද සුදු බණ්ඩිගේ රත්රන් දෑත දෙණියේ පස් යට සැඟවී ඇති බව ඔහු දනී.කථකයාට එය සිහිපත් වෙයි.මෙි නම් කෙතරම් අර්ථපූර්ණ, ඖචිත්‍ය යෙදුමක් ද?මෙයින් ගම්‍ය වන්නේ අඹුසැමි ප්‍රේමයේ භක්තය නො වෙි ද?
දෙයි හාමුදුරුවෝ දන්නවනම්
දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි
සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට
සසර නම් චක්‍රයක් මෙන් භ්‍රමණය වන්නකි.එහෙත් අගමුල නොපෙනෙන මෙකී සංසාරේ දැන් ඔහු තනි වී හුදෙකලා වී ඇත.මෙි නම් ජීවිතය ම යි.ජීවිතයේ ඇත්තේ යාම් ඊම් පමණය.දැන් සුදු බණ්ඩි නැත.තතු එසේ වූව ද මෙි දුරුතු මස සීතලට ඔහුට ඇය නැති පාළුව,කාන්සිය,තනිකම හොඳින් දැනේ.ප්‍රිය වියෝගයෙන් පෙළෙන සිත අසරණය.එහෙත් ජීවිතය වනාහි දුකකින් දුකකට කරන යාත්‍රාවකි.මෙහි කථක කිරි බණ්ඩා ද සුදු බණ්ඩි ළඟට නුදුරු දවසක යනු ඇත.එවිට මිනින්දෝරු මහත්වරුන් දම්වැල් ඇද ඉඩම මැන සොහොන ද කඩා දමනු නොඅනුමානය.එහෙත් කිරි බණ්ඩාගේත් සුදු බණ්ඩිගේත් ආත්මීය බැඳීම,අධ්‍යාත්මික ප්‍රේමය මෙි විශ්වයේ විස්මය තුළ සදහට ම පවතිනු අැත.රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු මෙි අපූරු ගීමිණ කෙතරම් නම් ප්‍රබල සංකල්පරූප පොකුරක් ද?මානව හැඟීම් සංකීර්ණයක් ද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිනින්දෝරු කන්තෝරුවෙි