IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පූජාසනයේ ඔබ හිඳුවා

ගීවිනිස 130

 

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු මෙි ගීමිණ මානව ජීවිතයේ  සනාතන දහමක් සිහිගන්වයි.

මිනිස් ජීවිතයට මිතුරෝ අඩු ය.සතුරෝ වැඩි ය.එහෙත් කල දුටු කල  මිතුරෝ ද සතුරෝ ද වළ ඉහගෙන කති.ඔබ සමාජයේ යෙහෙන් වැජඹෙන කල සියල්ලෝම ඔබ වටා රොද බඳිති.ඔබ මුරුංගා අත්තේ තබා වනති.ඔබට වැඳුම් පිඳුම් කරති.ඔබ අතින් කිසියම් වරදක් සිදුවූව ද ඔවුහු එය පෙන්වා නොදෙති.බොරු ප්‍රශස්ති ගයමින් ඔබ  අසලම දපනේ වැටෙති.එපමණක් නොව පූජාසනයක හිඳුවා ඔබට මල්දම් පලඳති.එහෙත් මෙි සියල්ල තාවකාලික, හරසුන් ඇස්බැන්දුම් ය.ලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණි.අන් සියල්ල කාලානුරූපීව වෙනස් වෙි.අතමිට හිඟ කල  ඔබ අතැර යන්නෝ අවස්ථාවාදීයෝ ය.ඔවුහු මිතුරු වෙසින් සිටින සතුරෝය.
මිනිසාට පෙනෙන බොහෝ සිහින නපුරු ය.අනුන්ගේ නිදි සුව බිඳින එබඳු සිහින දකින්නෝ දුර්ජනයෝ ය.එහෙත් මිනිස්සු වනාහි  උපතින්ම ජාගර ගති ඇත්තෝ ය.ඔවුහු නිතර අනෙකාට වළ කැපීමට මාන බලති.ජීවිතයේ සියලු සැප සම්පත් ඇති වී නැති වී යයි.එහෙත් සම්‍යදෘෂ්ටිය ඇති මිනිසා අකම්පිතව සියල්ල විඳ දරා ගනී.මෙනයින් බලන කල මහැදුරු සුනිලුන්ගේ මෙි ගීමිණ තුළින් සුවිශද වන්නේ සනාතන දහමක් නො වෙි ද?

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ 
ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ

පූජාසනය යනු කිම?සාමාන්‍යයෙන් පූජාසන දක්නට ලැබෙන්නේ පන්සල්,පල්ලි වැනි ආගමික ස්ථානවලය.කිසියම් උස් ව්‍යුහයක  ආගමික නායකයකුගේ  සුරුවමක් හිඳුවා බැතිමත්හු ඊට පුද සත්කාර කරති.අතමිට සරු කල ඔබ වටා සිටින මිනිස්සු ද යටකී පරිදි ඔබ ද පූජාසනයක රඳවා තබති.එපමණක් නොව එසේ උස් අසුනකට නංවා ඔවුහු  ඔබට වැඳුම් පිඳුම් කරති.එහෙත්  මතුයම් දවසක ඔබෙි බලය සිඳී ගිය කල එම පිරිසම ඔබට එරෙහිව නැගිටිති.මෙි වූකලි ලෝක ස්වාභාවය නො වෙි ද?


ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ


මිල මුදල්, යානවාහන ධනය,බලය කීර්තිය ඇති කල ඔබ අනුනට බැණ වැදුණත් ඔවුහු  එ්වා ගණන් නොගනිති.එහෙත් ඔබෙි බහින කලාව දුටුවිට ඔබ සිනාසුණත් ඔවුහු එය වැරැදියට දකිති.කෙනකුගේ සාර්ථකත්වය තවකකුට දරාගත නොහැකි වූවිට මෙබඳු සන්තෑසි සිදු නො වෙි ද?


කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ


මිනිසාගේ සෑම පැතුමක්ම ඉටු නොවීම ලෝක ස්වභාවයයි. බොහෝ පැතුම් බිඳ හැළේ.එහෙත් ඔබ සියලු පැතුම් සපුරා කිරියෙන් පැණියෙන් උතුරා යන ජීවිතයක් ගත කරයි නම් ඔබට විවිධ අතෝරයන්ට මුහුණ පෑමට සිදුවණු ඇත. එවිට ඔබ වටා ගැවසෙන පිරිස වැඩි වෙති.ඔවුහු හඬා වැටෙමින් ඔබගේ පිහිට පතති.ඔබට ආවඩති.තතු එසේ වූව ද ඔබගේ ධනය,බලය,කීර්තිය ගිලිහෙන කල ඔවුහු ඔබ අතැර යති.ලෝකයාගේ කරදර,හිරිහැර  සියල්ල ඔබෙි හිස මත කඩා වැටෙයි.එවිට ලෝකයාට ඔබ තවදුරටත් කෙරුමෙකු නොව අවලංගු කාසියකි.මෙි ගීමිණ කෙතරම් සංකල්ප රූප පොකුරක් ද? හැඟීම් සංකීර්ණයක් ද?



අදහස් (0)

පූජාසනයේ ඔබ හිඳුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 444 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16901 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site