IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වීදි කොනේ මාවත අද්දර

ගීවිනිස 118

 

 

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.


මවුපිය සෙනෙහස අහිමි දරුවෝ ලොව කොතෙක් සිටිත් ද? ඇතැම් දරුවනට කුඩා කලදී ම තම පියා හෝ මව පමණක් නොව දෙදෙනාම  අහිමි වෙයි.එවිට එම දරුවෝ සමාජය අබියස අසරණ වෙති.කාත් කවුරුවත් නැති අනාථයෝ බවට පත්වෙති. ස්වාභාවික මරණ හැර අන් සියලු  හැරයාම් ද්වෙිෂ සහගතය.අකාරුණිකය.අවස්ථාවාදී ය.දරුවකු මෙලොවට බිහිකළ දා පටන් මවුපියෝ අවියෝජනීය බැම්මකින් බැඳෙති.මෙි වූ කලී දෙදෙනාගෙන් එකකුට හිතුමනාපයට බිඳිය නොහැකි රුහිරු මුසුවූ බැම්මකි.එහෙත් යටකී බැම්බ සුනුවිසිනු කොට තම රුහිරෙන් හදාවඩා ගත් දරුවා අනාථයකු කර යන මවුපියෝ නරුමයෝය.ඔවුහු තම දරුවාගේ අනාගතයට පමණක් නොව සමාජ සංස්ථාවට ම හානි පමුණුවන්නෝ ය.

මිනිසා වනාහි ක්ෂීරපායි සත්වයෙකි.එ⁣හෙත්  අන්‍ය  ක්ෂීරපායි සතුන් හා මිනිසා අතර බලවත් වෙනසක් පවතී.අන්‍ය ක්ෂීරපායි සත්තු වැඩිකල් නොයා මවගෙන් වෙන්ව ස්වාධීන වෙති.එහෙත් මිනිස් ළදරුවා එසේ නොවෙි.ළදරුවකුට දිගු කලක් තිස්සේ මවගේ සමාශ්‍රයෙහි ද සමාරක්ෂාවෙහි ද ජීවිත් වීමට ඇවැසිය.මෙනයින් සත්වරාජධානියෙහි මෙන් නොව මනුසත් උයනෙහි මව හා දරුවා අතර සුවිශේෂ සබඳතාවක් පවතී.මෙකී සබඳතාව කාලයක් යනවිට මව සහ පුතු අතරත් පියා සහ දියණිය අතරත් විරුද්ධ ලිංගික සබැඳියාවක්,ළබැඳියාවක් බවට පෙරළෙයි.සිග්මන් ෆ්‍රොයිඩ් නමැති මනෝවිද්‍යාඥයා ඊඩිපස් සංකීර්ණයෙන්  ( Oedipus complex ) ⁣යටකී සබඳතාව වඩාත් පුළුල් අර්ථයකින් විග්‍රහ කරයි.මෙි ගීතයේ කථකයා දරු සෙනෙහස හොඳින් විඳින පියෙකි.වීදියක ඇවිද යන කුඩා පිරිමි දරුවකු දැක ඔහු හද කම්පා වෙයි.ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණ න්‍යාය කණපිට හරවමින් මහාචර්ය එදිරිවීර සරච්චන්යද්‍රයෝ සිය සිංහබාහු නාට්‍යයේ පිය පුතු සෙනෙහස පිළිබඳ මෙසේ වනති.


පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදා කල් නැත දුක් දෙවන්නේ

පුතු සෙනේ මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා


සදාතනික පිය-පුතු ගැටුම සිංහබාහු නාට්‍යයේ  ප්‍රධාන තේමාව වූව ද පවුලක සියලු සාමාජිකයන් අතර ඇති වන බැඳීම් සහ ගැටීම් මෙන්ම, ඒ බැඳීම් සහ ගැටීම් හේතු කොටගෙන ඔවුන් තුළ ජනිත වන හැඟීම්ද අපට පෙන්වා දෙන්නට මෙහිදි  සරච්චන්ද්‍රයෝ සමත්වෙති.මෙනයින් බලන කල මවක හෝ පියකු සිය දරුවා කෙරෙහි දක්වන කරුණාමෛත්‍රිය අපමණ නො වෙි ද?දරු සෙනෙහස සාගරය මෙන් අපරිමිතය.සාගරයේ පරතෙර නොදිස් වන්නාක් මෙන් පියකු තම පුතු කෙරෙහි දක්වන දරු සෙනෙහසෙහි ද පමණ නොපෙනේ. උප්පැන්න සහතිකයේ පියාගේ නම නොතිබුණ ද එම දරුවා ජාතක කළ පියාට තම හෘද සාක්ෂ්‍යයෙන් ගැලවිය නොහැකිය.දරුවන් වැඩිහිටියන් වූකල සියලු රහස් හෙළිවෙි.මවුපිය රැකවරණය අහිමි දරුවෝ වීදි කොනක,අගුපිලක සිට හෝ කුණුබක්කිවල ඉඳුල් බුදිමින් ජීවිතය සරිකර ගනිති.අවසානයේ ඔවුහු ලොකු මහත් වී ශ්‍රම බළකායට ද එකතු වෙති.ඇතමෙක් ඉගෙන ගෙන සුදු කරපටි රස්සා  කරති.සමහරු අනුන්ගේ බැලමෙහෙවර කරති.තතු එසේ වූව ද එම අසරණ දරුවන්  මහමඟට ඇද දැමූ මවුපියන්ට කිසිදු දවසක තම හෘද සාක්ෂිය සමාව නොදෙනු ඇත.මෙනයින් බලන කල මෙි ගීතයෙන් පෝෂණය කොට තිබෙන්නේ පීතෘ ප්‍රේමයේ රසය යි.

 

වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේදැයි 
මවගෙන් අසනු එපා

 

මමත් පියෙකි පුත 
නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි
සිත දැවෙන රඟේ
බලා හිඳිමි මම 
නුඹ නළවන්නට
පොඩි හිස අතගා 
සුරතල් පුතේ කියා

පියෙක් ඉඳී පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැති ද ඒ සෙවණේ 
ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් 
පෙන්නා
මා අමතන විට සුරතල් 
පුතේ කියා

ගායනය:මිල්ටන් මල්ලවාරච්චි 
ගේයපද : ආචාර්ය අජන්තා රණසිංහ 
සංගීතය: ස්ටැන්ලි පීරිස්



අදහස් (0)

වීදි කොනේ මාවත අද්දර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site