ඈත ගව්ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවෙවි ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා ආරච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමාල ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ආරච්චි බෝරිච්චි කම්බිකූරු බෝල මාල පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ පාවෙවී ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා
මහගමසේකරයන් අතින් ලියැවී නාරද දිසාසේකරයන් ඇතුළු පිරිස එදා මෙම ගීතය ගායනා කරනු ලැබුවේ “ගැටවරයෝ” චිත්‍රපටය වෙනුවෙනි. ගීතයෙන් එලෙස විලාසිතා ගැන අපූරු චිත්‍රයක් මැවී පෙනුණද එදා පුංචි ලංකාදීපයේ විලාසිතා අද තරමටම එතරම්ම ප්‍රචලිතව නොතිබිණි. නමුත් අද විලාසිතාකරණය යනු බෙහෙවින් ජනප්‍රිය අංශයක් බවට විකාශය වී තිබේ. එදා එනම්, හැටේ දශකයේ අග භාගයේදී පමණ මෙරට විලාසිතාකරණයේ නියැලි සිටි අතළොස්සක් පමණ වූ පිරිස, ඒ විලාසිතාකරණයේ නියැලුණේ හුදු වින්දනය සඳහාම පමණෙකි. මුදල් ලාභ ඉපයීමේ පරමාරථයක් එදා නොතිබූ තරම්ය. නමුත් විලාසිතා යනු මොහොතින් මොහොත නවීකරණය වී විකාශය වන අංශයකි. හැත්තෑව දශකය පමණ වන විට ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය ඇරැඹි අවදියේ ශ්‍රී ලංකාවේ විලාසිතාකරණයද පණ ලබා ආ අංශයක් බවට පත්විණි. එතැන් සිට ජනප්‍රිය අංශයක් බවට පත්වූ ශ්‍රී ලංකාවේ විලාසිතාකරණය එදා වාණිජ පරමාර්ථ සඳහාම නොවූවත්, අද නම්, එය වෙළඳ ප්‍රජාව් පමණක් නොවී සාමාන්‍ය ජනයා අතරද, ප්‍රචලිත වූ අංශයක් බවට පත්ව තිබේ. අද නිරන්තරයෙන් විලාසිතා සංදර්ශන පැවැත්වේ, විලාසිතා නිර්මාණකරණයේ යෙදී සිටින පිරිසද බොහෝය. නිරූපිකාවන් මෙන්ම නිරූපණ ශිල්පීන්ද බොහෝය. එනයින් ප්‍රචලිත වූ විලාසිතාකරණයේ එදා දවස දෙස අපි මොහොතකට හැරී බලමු.
ශ්‍රී ලංකාවේ විලාසිතාකරණයේ එනම්, විලාසිතා සංදර්ශන සඳහා මුලින්ම විලාසිතා යොමුකළ ප්‍රමුඛ චරිතයක් ලෙස පසුගියදා අප අතරින් වියෝවූ “කීර්ති ශ්‍රී කරුණාරත්න” නම් කළ හැකිය. කීර්ති, එදා මෙම විලාසිතාකරණය සඳහා යොමුව ඇත්තේ විනෝදාංශයක් ලෙසය. නමුත් ඔහුගේ නිර්මාණ කලාව කොළඹ සමාජයේ බොහෝ කාන්තාවන් අතර ප්‍රකට වූ හෙයින් එදා තම මංගල දිනයේ හැඩවීම් සඳහා පවා කීර්තිගේ දායකත්වය ලබා ගැනිණි. ඔහු 50 දශකයේ මුල් භාගයේදී තම විලාසිතා කලාව පටන් ගත්තේ වයස අවුරුදු 18 දී පමණය. විනෝදාංශයට කළ විලාසිතා කලාව ඔහු වෘත්තීය මට්ටමට ගෙන ගියේ විටෙක ලෝප්‍රකට විලාසිතා වෙළඳ නාමයක් වන පැරීසියේ ඩිඔර් (Dior) වෙළඳනාමයේ නියෝජිතයකු මෙරටට පැමිණීමත් සමගය. එදා ජෙෆරි ඩී. සෙයින්ස් නමැති ඩිඔර් නියෝජිතයා හට මෙරට විලාසිතාකරණයේ යෙදී සිටි නිර්මාණකරුවන් ගැන සොයා යාමේදී කීර්ති ගැන දැන ගෙන ඇත. එවකට වෛද්‍යවරයකු වීමේ අදහසින් කටයුතු කළ කීර්ති පසුව පැරීසියට ගොස් ඩිඔර් (Dior) විලාසිතා ආභාෂය ලැබීය. නැවත මෙරටට පැමිණි කිර්ති ශ්‍රී කරුණාරත්න තම විලාසිතාකරණයේ ගමන ඇරඹීය. “ඒ සඳහා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප්‍රකට මාධ්‍ය චරිතයක් වූ සීතා ජයවර්ධන මට ගොඩාක් උදව් කළා” යන්න විටෙක ඔහු පවසා තිබේ.
විලාසිතා කලාවට කීර්ති ශ්‍රී ගේ ආගමනය සමග නැවත මෙරටට පැමිණි ඔහු විලාසිතා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යෙදීය. ඒ “1956” දී යැයි සඳහන් වේ. “කොළඹ ජාත්‍යන්තර කාන්තා සමාජය” උදෙසා මෙම විලාසිතා දැක්ම එළි දැක්විණි. ඒ සඳහා කොළඹ සමාජයේ කාන්තාවෝ පන්සියයක් පමණ සහභාගී වූවා යැයි සඳහන් වේ. එම අවස්ථාවේදී ලන්ඩනයේදී නිරූපිකාවක ලෙස පුහුණුව ලබා සිටි එකම වෘත්තිය ශිල්පිණිය ලෙස රීටා ප්‍රනාන්දු විලාසිතා ඉදිරිපත් කළාය. කැට්වෝක් ගමනින් එම අවස්ථාව රිද්මයානුකූලව හැඩ කළ රීටා උදෑසනට සරිලන, දහවලට ගැළපෙන සහ හැන්දෑවේ පාටියකදී ගැළපෙන විලාසිතා නිමැවුම් හතරකින් පමණ හැඩවී ඒ මොහොත හැඩ කළාය. එතැන් සිට එතෙර-මෙතෙර සිටි ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවී, විදේශිකයන් අතර පවා කීර්තිගෙ විලාසිතා කලාව ජනප්‍රිය වූයේය. ශ්‍රී ලංකා රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ රෝසි සේනානායක හට පවා විලාසිතා නිමකර දුන්නේ කීර්ති ශ්‍රී යැයි සඳහන් වේ. කීර්තිගේ විලාසිතා කලාව ප්‍රකට චරිත අතර බෙහෙවින් කැපී පෙණුන දෙයක් විය. රන්ජනි විජේරත්න, නෙවිල් කුරේ, සිසිලියා කොතලාවල, රුක්මණී මහරාජා, සුසිලා ගුණසේකර, මාලනි විජේරත්න යන ප්‍රකට චරිත සඳහා මංගල දින සහ වෙනත් අවස්ථා සඳහා ඔහු වෙතින් විලාසිතා නිමැවූ බව සඳහන් වේ. විලාසිතාකරණයේ මෙරට ගුරු ලෙස නාමයක් ලකුණු කරගත් කීර්ති ශ්‍රී රැඟුමට-ගැයුමට ද දක්‍ෂ විය. චිත්‍රපට කීපයකට එනිසාම දායකත්වයද ලබා දුන්නේය සිය ජීවිතයේ සමුගන්නා තෙක්ම ඔහු සක්‍රීයව තම නිර්මාණකරණයේ යෙදී සිටීම ............. නවකයන්ට ලබාදුන් විශිෂ්ට පණිවුඩයකි.
“විලාසිතා නිර්මාණකරය යනු පහසු දෙයක් නෙවෙයි. මතුපිටින් බලද්දී එය පහසු යැයි කවරකු හෝ විශ්වාස කළ හැකියි. මම දීර්ඝ මැරතන් ධාවනයක යෙදුණේ, ඒත් මට පසුතැවිම් නැහැ. මොකද මම නිතරම හරි දේ කළේ” යැයි 80 වැනි උපන් දිනය දා කීර්ති ප්‍රකාශ කළේය. කවදාවත් නොසිතූ මාර්ගයකට හැරවුණු මගේ ඒ විලාසිතා ජීවිතයට මම ගොඩක් ගරු කරනවා යැයිද ඔහු ප්‍රකාශ කළේය.
ඊළඟ කොටස (ලබන සතියට)
සේනක ද සිල්වා සහ ජෙරල්ඩීන් බණ්ඩාරනායකගේ විලාසිතා ආගමනය
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාවේ මොඞ්ලින්
ඉමාක් Thursday, 10 March 2016 05:59 PM
ඉතා හොඳ ලිපියක් (නි)
කොස්තා Saturday, 12 March 2016 02:19 AM
කාලීන වැදගත්කමක් ඇති ඉතා හොඳ ලිපියක් (නි)
සොපි Friday, 11 March 2016 01:20 PM
ඇත්තටම වැදගත් ලිපියක්. (ර)