අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මාස කීපයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. නොවැම්බර් 14 වැනි දින ඉදිරිපත් කළේ 2023 වර්ෂය සඳහා අයවැය ලේඛනයයි.
පසුගිය අවුරුදු 75ක කාලය තුළදී ඉතාම අසීරුම කාලයක අභියෝග රැසක් මැද ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙය හැඳින්විය හැක. රටේ සංචිත පහළට වැටී උද්ධමනය දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් රටේ සමස්ත ජනගහනයෙන් හැත්තෑ ලක්ෂයක් පමණ තම එදිනෙදා මූලික අවශ්‍යතා වූ ආහාර සෞඛ්‍ය අංශවලින් දරිද්‍රතාවයට පත් වී සිටින සමයක අයවැයක් ඉදිරිපත් කිරීම ලේසි පහසු නොවේ. පසුගිය අවුරුදු දෙක හමාරක කාලපරිච්ඡේදය තුළ පාලකයින් සිය අභිමතය පරිදිම කටයුතු කොට රටේ ආර්ථිකය කාබාසිනියා කර මුළු රටම බංකොලොත් කළේ සිය දිවි නසාගන්නා ආකාරයටයි.
කොතනින් පටන් ගෙන කෙසේ වැඩකොට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකිදැයි සිතා ගැනීමටවත් නොහැකි වී ඇති අවධියකි. අයවැයෙන් වැඩිපුර සහන ලබා දුනහොත් ඒ නිසාද රට තව තවත් අගාධයට යනු ඇත. එහෙත් මානව සම්පත රැක ගන්නේ නැතිව රටක් ඉදිරියට ගෙන යා හැකිද? ආයෝජන ඇති කොට එහි පල නෙළා ගැනීමට කොපමණ කලක් ගත වේද? රටේ බත සපයන ගොවි ජනතාව පත්වූ අසරණභාවයෙන් මුදාගැනීමට කොපමණ කලක් ගත වේද?
කොපමණ කීවත් මිනිසුන් ස්වයංපෝෂිත වීමට තම හැකියාව අනුව හෝ වගා ව්‍යාපාරයක යෙදෙන්නේද නැත. බොහෝ අය නිකරුණේ රස්තියාදු වෙමින් කාලය ගත කරනවා විනා හරි හම්බකර ගෙන ජීවත්වීමේ මාර්ග ගැන සිතන්නේද නැත. එපමණක් නොව ඔවුන් දිරිගන්වා පෙළඹවීමට රජය ඇතිකර ඇති අලුත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද? මේ අතර බලවත් උත්සාහයකින් ක්‍රියාකරන ජාත්‍යන්තර ණය අරමුදල් ලැබීමට තව කොපමණ කලක් ගත වේද? තරුණ අසහනය මන්දපෝෂණය දේශපාලන කැළඹිලි බලලෝභී දේශපාලකයන්ගේ උප්පරවැට්ටි ආදී සියල්ලක් මැද දැවෙමින් ගිනි ගනිමින් තිබෙන දේශය ගොඩනැගීමට කෙසේ අයවැය ලේඛනයක් සාර්ථකව ඉදිරිපත් කරන්නේද? කෙසේ හෝ මේවා යම් මට්ටමක ඉතා අසීරු වූ ඉලක්කයකට ගෙන යන්නට හැකිවන සේ මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කළේය. එහි ඉලක්ක ඇතිකොට රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් පොදු ජනතාව අවංකව හා කැපවී තමන්ම ක්‍රියා කළහොත් යම් මට්ටමක හෝ ප්‍රතිඵල ළඟාකර ගත හැකිවනු ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා 1964 ජූලි 30දා තම මංගල අයවැය ඉදිරිපත් කරමින් කරන ලද දේශනයේ කොටසක් මෙසේ උපුටා දක්වමි.
‘සෞභාග්‍ය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමැතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ විවිධ අංශවල සිටින අප හැම දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවෙත් අනාගත පරම්පරාවෙත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇප කැපවී සේවය කළ යුතුයි’ (හැන්සාඩ් වාර්තාව)
මින් අවුරුදු 58කට පෙර ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා විසින් කරන ලද මෙම ප්‍රකාශය අදට කොතරම් උචිතද? එතුමා වර්තමාන තත්ත්වය එදා එලෙසම දැක තිබේ. ඒ අනුව කටයුතු කිරීමට වර්තමානයේ හැමට වගකීමක් ඇති බව නොකිවමනාය. පසුගිය කාලවකවානුව තුළ සිදු වූ පෙරළිකාර සිදුවීම් දෙස බලන විට ඇන්.ඇම්. පෙරේරා මහතා නිවැරදිව පෙන්නුම් කළාක් මෙන් මුදල් ඇමැතිවරුන්ට හාස්කම් කිරීම අපහසුය. ඔවුන්ට පවතින තත්ත්වය තුළ යම් මූල්‍ය කළමනාකරණයක් කිරීම හැර විශ්වකර්ම වැඩ කළ නොහැකි වනු ඇත.
අප දැන් කළමනාකරණය කරගත නොහැකි මට්ටමට විදේශ ණය ලබාගෙන ඇත. අනාගත පරපුර ණය උගුලේ හිරවී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් 1948දී නිදහස ලබන විට අප කිසි රටකට ණය වී සිටියේ නැත. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව රටේ විනාශ වූ දෑ ප්‍රතිසංස්කරණය කිරීමට එංගලන්තය පවා ශ්‍රී ලංකාවෙන් ණය මුදල් ගෙන තිබුණ බව පෙනේ. එහෙත් ඉන් පසුව 15 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හා වෙනත් ණය මූලාශ්‍ර මගින් බිලියන ගණනක විශාල ණය කන්දරාවක් අරගෙන තිබුණත් රට තිබූ තැනටත් වඩා පහළට වැටී ඇත. රාජ්‍ය පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා උද්දච්ච තීරණ, නිලධාරී වාදය, සොරකම, වංචාව, දූෂණය, පවුල්වාදය හා ජනාධිපතිතුමා අයවැයේදී කියූ පරිදිම ‘ලෝකෙට ණය වී ජයට ගෙදර මගුල් කෑම’ හා සමාන කරුණු එලෙසම අඩුවක් නැතිව සිදුව ඇත.
කෙසේ වුවද වර්තමානයේ ඉතා දුෂ්කර ගමනක් යන ජනාධිපතිවරයා ඉතිහාසයෙන් අප ලද පාඩම් හා අවබෝධතා හා දේශපාලන කඩාවැටීම් පසුබෑම් හා අභියෝග නිසි පරිදි වටහාගෙන අවංක යුක්තිගරුක සාධනීය වැඩපිළිවෙළක් අනුගමනය කළහොත් මින් මතුවට හෝ යළි නැගීසිටින ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත.
හිටපු රාජ්‍ය ඇමැති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. තිස්ස කුට්ටිආරච්චි
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
Peduru Sunday, 04 December 2022 07:30 PM
විදේශ ණය ගත්තත් එය පලදායි ලෙස යොදා ගැනීම 1988 න් අවසන් වුණා. එම කාලයේ ගත් විශාලම ණය මහවැලිය සදහා ගත් ණයයි. එය ගත්තේ ඉතාම අඩු පොලියකටයි. එය ගෙවන බව ජනතාවට දැනුනේ ද නැත. එම කටයුත්ත නොකලේ නම් කන්න බතත්, විදුලි බලයත් නැත. එම වකවානුවේ රටෙහි විදේශ විනිමය ද ප්‍රයත්නයක් නොවීය. ඉන්පසු බලයට පත්වූ රජයන් රාජ්‍ය දේපල විකුණා කමින් කොමිස් ගැසුවේය. එහෙත් එම කොමිස් කෑම රටට ඔරොත්තුදෙන ලදී. ඉන්පසු යුද්ධයහි දරුණු කාලය විය. ඵහෙත් රට වැටුනේ නැත. යුද්ධය අවසන් වූ පසු හම්බන්තොට වරායට, අධිවේග පාරවල්වල, මොණරාගල බහුල ප්‍රදවනයක් වන මත්තල ගුවන්තොටුපල හැදීමට, අලින්ට ක්‍රිකට් ගැසීමට ස්ටුඩියෝ හැදීමට වුවමනාවටත් වඩා වැඩියෙන් අධික පොලියට මුදල් ගෙන වැඩි කොටසක් දේශපාලුවන්ගේ සාක්කුවලට යාමත් සියලු ආයෝජන සුදු අලි වීමත් නිසා රට මෙලෙස ප්‍රපාතයකට ඇද වැටුණි.. මේවා විගණකාධිපතිගේ වාර්තාවල ඇත. ණය ගැනීම නොවේ ප්‍රශ්නය හොරාකෑම හා අධීක්ෂණය පොලියයි. ණය නොගෙන දියූණු වූ රටක් නොමැත.